IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


මුල්‍ය අර්බුදය ගැන කතාකරන්න පාර්ලිමේන්තුව කැඳවන්නැයි දිනේෂ් ඉල්ලයි

(විනීතා එම් ගමගේ)

රටේ මූල්‍ය අර්බුදය උග‍්‍රව පවතින බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ්  ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
මේ සම්බන්ධව කථානායකවරයා වෙත අද (27) ලිපියක් යැවූ බවද ගුණවර්ධන මහතා කීය.

ව්‍යවස්ථාවට අනුව රටේ මුදල් සම්බන්ධව බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් කැබිනට් මණ්ඩලය රැස් කිරීමෙන් ඒ පිළිබඳ සාකච්ඡා කළ හැකි නොවන බවත් වහා පාර්ලිමේන්තුව රැස් කළ යුතු බවත්  ගුණවර්ධන මහතා  සඳහන් කළේය. 

මන්ත‍්‍රීවරයා මේ අදහස්  පළ කළේ බොරැල්ල එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේ ඊයේ  පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ මාධ්‍ය හමුව අමතමිනි. එහිදී තව දුරටත් අදහස් දැක්වූ ගුණවර්ධන මහතා මෙසේ ද කීය. 

‘‘රට බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා. සමහර මූල්‍ය සමාගම් වහන්න ඔන්න මෙන්න. මහ බැංකුව සතිපතා නිකුත් කරන මුල්‍ය වාර්තාව බැලූවම මේ තත්ත්වය ඉතා ම හොඳින් වටහා ගත හැකියි. ’’ යැයි ද හෙතෙම සඳහන් කළේය. 



අදහස් (14)

මුල්‍ය අර්බුදය ගැන කතාකරන්න පාර්ලිමේන්තුව කැඳවන්නැයි දිනේෂ් ඉල්ලයි

erdi Wednesday, 27 December 2017 11:36 AM

බොරලුගොඩ සිංහයන්ටත් අපහාස කරන මේ අය තවමත් දේශපාලනය කරතත් රටට තියා තමන්ගේ ගම් පළාතටවත් කිසිඳු සෙතක් සිදුවී නෑ. පරිනත දේශපාලකයෙක් වුවත් කඩේ යන ගමන් මොනවා හරි වල්පල් දොඩවනවා. ඒ කාලේ සිදුවුණු පැහැරගැනීම් මරාදැමීම් වංචාවල් දූෂණයන්, මූල්‍ය අර්බුද ගැන වචනයක් කතා කළාද? මහින්ද ඉන්න කාලෙත් අපි ණයට තමයි කාවේ. ඒ ගත්ත ණය වලින් රටේ සංවර්ධනයට සොච්චමක් යොදවලා වැඩි හරියක් දේශපාලකයන්ගේ සාක්කු පිරෙද්දී පාර්ලිමේන්තුව කැඳවන්න නොකිව්වේ... ඒ දවස්වල මෙතුමා හිටියේ කොමා එකේද?

:       433       492

janatha anura Sri Lankava Wednesday, 27 December 2017 12:59 PM

පසුගිය රෙජීමය දැන් ප්‍රංශයේ නොවැ... දැන් වෙලා තියෙන්නේ බරපතල මුල්‍ය අර්බුදයක් පසුගිය රෙජීමය මෙය මැනවින් පාලනය කලා.. ඒක කලේ චීනය මිසක් රෙජීමය නොවේ.

:       15       200

BamunuarachchiWednesday, 27 December 2017 03:08 PM

ඒ කාලේ ඔය කියන දූෂණ වෙලත් කෑවේ අපේම හාල්, ඩොලරය රු. 130 යි. පොලිය එක අංකයක, ව්‍යාපෘති ගණනාවක්, කොළඹ සිට මාතරට පැය එකහමාරයි, ප්‍රභාකරන්ගේ අළුත් නැහැ... එහෙමයි ඒ නායකයා රටට වැඩ කලේ. එ්කට දැන් ඇවිත් අවුරුදු 3 රටම විනාශයි ඇමතියෝ වංචා කාරයෝ වෙලා ගෙදරත් ගිය යන ගමන් කියනවා ඒකරාශී වෙලා රට හදමු කියලා. හිතනවා ඇති අපිත් ගොබ්බයෝ කියලා...

:       213       172

erdiWednesday, 27 December 2017 06:06 PM

බමුණුආරච්චි අනුන්ගෙ අදහස් දැක්වීමට එරෙහිව බමුණෙක් නොවී තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න. අපේ මතය අපි ප්‍රකාශ කරන්නෙ.

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 27 December 2017 11:54 AM

මහත්තයෝ දැන්ද "ව්‍යවස්ථාවට අනුව රටේ මුදල් සම්බන්ධව බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින්..." කියන එක සිහියට ආවේ? ඇමතිවරයෙක් වෙලා හිටපු පහුගිය රෙජීමය තුට්ටුවකටවත් ගණන් නොගත්බව, ඒ කාලේ මතක් වුණේ නැද්ද? මතක් වුණත් ඒ ගැන දොඩවන්න අවසරයක් තිබ්බේ නැහැ නේද? රටේ මුදල්, විදේශ ආධාර එහෙම ගියේ කොහේද කියා දන්නා කෙනෙක් මේ මිහිපිට නැත.... ජෝකර් කෙනෙක් වගේ කතා නොකිරීමට 2018 වසරේදීවත් හැකි වේවා !!!

:       307       346

පිටිගල මිලානෝ Wednesday, 27 December 2017 12:40 PM

ලංකා ඉතිහාසයේ රටට කිසිම දෙයක් නොකර කොහේ හෝ එල්ලී තම මන්ත්‍රීකම පමණක් රැකගන්න මුළු ජීවිත කාලයම කැපකල එකම දේශපාලනඥයාය.

:       155       204

ukku bandaWednesday, 27 December 2017 03:16 PM

පිටිගල මිලනෝගේ කියමන සම්පූර්ණ ඇත්ත... මෙයා කරපු එකක් කවුරු හරි කියන්නකෝ...

:       4       85

SupporterWednesday, 27 December 2017 10:12 PM

ඇයි පවුලේ අයියිලා මල්ලිලට සලකපු එක මදිද?

:       0       0

BamunuarachchiThursday, 28 December 2017 12:46 AM

Ukku banda ක්‍රිකට් ක්‍රීඩාවේදී අම්පයර්ල හෙවත් විනිසුරුවන් ලකුණු කොපමණ රැස් කලාද කියලත් අහනවාද? අම්පයර්ලා ඉන්නේ ක්‍රීඩාව තුල වෙන වැරදි ප්‍රේක්ෂකයින්ට පෙන්වන්න. ඒ දේම තමයි දිනේෂ් මහතා කොරන්නේ?

:       0       0

Bamunuarachchi Wednesday, 27 December 2017 12:47 PM

නන්දන, ගිය ආණ්ඩුව කාලේ ඔය කියන මූල්‍ය අර්බුදයක් තිබුනේ නැත. ඩොලරය රු 130 යි ගෙවූ පොලී අනුපාතය 7.5 යි. ආර්ථිකය ඔය ගන්නට තියාගෙන සිටියේ යුද්ධයකුත් අවසන් කරලා මහා ව්‍යපෘති ගණනාවක් කරලා... මේ අවුරුදු 3ට මේ ගොල්ලෝ මහබැංකුව කොල්ලකෑම හැරෙන්නට වෙන රටට කරපු මගුලක් නැත. කොල්ල කෑම නිසා නිසා වුණු පාඩුව ට්‍රිලියන් ගණනක්. ඇත්ත වසන් කරන්න තරම් කුහක වෙන්න එපා. මත්තල වී ගබඩාවක් කොරන්න තරම් වී තිබුණට දැන් හාල් පිටරටින් ගෙන්වනවා. දැන් කියන්න එපා ගංවතුර තිබුණා කියලා. මහින්ද පාලනය කළ අවුරුදු 10 ත් ගංවතුර තිබුණා..

:       429       533

dahamWednesday, 27 December 2017 01:19 PM

සහතික ඇත්ත. මේ ආණ්ඩුව ආවේ නිසි මුල්‍ය කළමනාකරණයෙන් රට සුරපුරයක් කරනවා කියලනේ. දැන් බැලුවම මහා බැංකුව කොල්ල කාපු එකේ විපාක තමයි මේ ඇතිවෙමින් යන්නේ. එකටත් මහින්දට බැනලා වැඩක් නැහැ.

:       51       269

naradha Wednesday, 27 December 2017 01:44 PM

ඔය ඒකාබද්ධයේ කියාගන්න අය බලාගෙන ඉන්නේ රටට වින්නැහියක් වෙනකම්, බොර දියේ මාළු බාන්න. ඕක තමයි ලංකාවේ තියෙන මජර දේශපාලනේ...

:       1       11

BamunuarachchiWednesday, 27 December 2017 03:25 PM

ඉතින් ඇයි කවුරුවත් රටට වින්නැහියක් කරන්නේ? අවුරුදු 30ක වින්නැහියක් වෙලා තිබුණු රට එ්කෙන් ගොඩ ගැනීමයි. ඒ ගොල්ලෝ කලේ කියලයි රටේ මිනිස්සු හැටියට අපි දන්නේ...

:       1       205

BamunuarachchiWednesday, 27 December 2017 03:38 PM

එතකොට රටේ විදේශීය සංචතිය අඩුවෙලා... මහින්ද එච්.එස්.බී.සී. බැංකුවෙන් ඩොලර් මිලියන ගණනක ණයක් ගන්න ගියවිට ඔය ණය ගන්නේ යුද්ධ කරන්න. එමනිසා ණය දෙන්න එපා.... දුන්නොත් අපි බලයට පැමිණිවිට එම ණය ආපසු ගෙවන්නේ නැහැ කීවේ බොරදියේ මාළු බෑමක් නොවෙයිද? එක මජර දේශපාලනය නොවෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 482 1

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 242 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 156 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 793 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 397 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 396 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 223 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 518 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 250 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site