IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මාවනැල්ලේ ‘සල්ලි ‘ දන්සලක්


(සමන් විජය බංඩාර)
 සබරගමුවේ  හිටපු පළාත් සභා මන්ත‍්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා සිය දෙමාපියන්ට සහ සිය පවුලේ මිය ගිය ඥාතීන්ට පිං පිණිස සල්ලි දන්සලක් මාවනැල්ල ලෝල්ලේගොඩ සිය නිවස ඉදිරිපිටදි අද ( 29 ) උදෑසන පැවැත්විය.


 සබරගමුවේ හිටපු  ප‍්‍රථම වතාවට මෙවැනි දන්සැලක් පවත්වා ඇති බවද මෙහිදි දැන ගැනිමට හැකි වු අතර ලංකාව තුලද මාධ්‍ය මගින්වත් මෙවැනි දන්සලක් තමන් මිට කලින් දැක නැති බවද මෙම දන්සලට එක්ව සිටි ජනතාව පවසයි.


මෙම දන්සල වෙනුවෙන් පැමිණි බොහෝ දෙනෙක් පෙළ ගැසි මන්ත‍්‍රීවරයාගේ නිවස ඉදිරිපිට රැඳි සිටි අතර උදෑසන 9.00 ආරම්භ කළ දන්සලට පැමිණි ඒ සියලූ දෙනා වෙනුවෙන් රුපියල් 100 බැගින් මෙහිදි මුදල් ලබා දිම සිදු විය.

 
පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ මෙම සල්ලි දන්සල පැවැති අතර මෙම සියලූ මුදල් ලබා දිම හිටපු පළාත් මන්ත‍්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා අතින්ම සිදු විය. 


එම අවස්ථාවේ මෙවැනි දන්සලක් පැවැත්විම සම්බන්ධයෙන් අදහස් දැක්වු හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයා මෙසේ පැවසීය.


‘හැම තැනම විවිධ දන්සල් තියෙනවා. මට මතකයි අපි පුංචි දවස් වල වෙසක් පෝය දවසේ මෙ අවට ඇවිදින්න ගියපුවාම සමහර වේලාවට අපිට සල්ලි ඔනෑ වෙනවා. ඉතින් ඒ වාගේ අවස්ථාවන් වලට රුපියල් 100 කින් හරි මුදලක් තියෙනවා නම් ඒ වේලාවට වටිනනවා. ඒ නිසා තමයි අපි මෙ හැම කෙනෙකුටම අපි සල්ලි දෙන්නේ. 

 


 



අදහස් (14)

මාවනැල්ලේ ‘සල්ලි ‘ දන්සලක්

piyal Sunday, 29 April 2018 11:43 AM

සල්ලි දන්සල් දීම අනුවණ ක්‍රියාවක්. කව්ද දන්නේ ඒකෙන් මොනවද කරන්නේ කියලා...

:       154       175

jerami Sunday, 29 April 2018 12:13 PM

අනේ මන්දා රුපියල් සීයක් අරන් කරන්න දෙයක් තියනවද මේ කාලේ? මේ සල්ලි ඔක්කොම වියදම් කරලා කාටත් පොදු වැඩක් කළා නම් නේද හොඳ? පොදු ළිඳක් හදලා දුන්නා නම්..., නැත්නම් බස් නැවතුමක් වගේ දෙයක්. මම හිතන්නේ එ්ක කාලෝචිතයි. නැද්ද මන් අහන්නේ? මෝඩ වැඩ නොකර... අනෙක මේක ඉස්සරත් කළා... මිනිස්සුත් පස්සේ තේරුම් ගත්තා මේක මෝඩ වැඩක් කියලා.

:       30       154

sam Sunday, 29 April 2018 12:29 PM

එහෙනම් එක මාටියා පාරෙන් හොයන්න පුළුවන්...

:       1       18

Mahesh jayawickrama Sunday, 29 April 2018 12:31 PM

පෝලිමක් තියෙනවනේ... ඒකෙන්ම පේනවා කූට දේශපාලනික උපායන් වලට රැවටෙන ජනතාවක් මේ රටේ තවමත් ඉන්න බව. නරකද ඔය සල්ලිවලින් නොමිලේ වෛද්‍ය සායනයක් වගේ දෙයක් තිබ්බානම්... රෝගියෙක්ට බෙහෙත් ටිකක් අරන් දුන්නා නම් එහෙම... ඊළඟ ඡන්දෙට මොකක් හරි කළා කියන්නත් එපැයි. අනේ මෙහෙමත් අනුවණ ජනතාවක් ඉන්න රටක්...

:       2       219

pakeer Sunday, 29 April 2018 01:09 PM

හොඳ වැඩක්.. හැබැයි 100 මදි. අඩුම ගානේ 250ක් වත් නම් හොඳයි. ඊළඟ සැරේ කරද්දී හැබැයි පොලිස් ගාර්ඩ් දාලා කරන්න. හොඳ වැඩක්...

:       60       1

polee Sunday, 29 April 2018 01:32 PM

අපේ අම්මා නම් කිව්වේ, පොල් හරි ගණන්, ලොකු පොල් ගෙඩියක් රුපියල් 100ක් විතර වෙනවා කියලා. අද කාලේ හැටියට ඔය මුදල සුළු ගානක් නිසා පොදු වැඩකට වියදම් කළා නම් බොහෝ දෙනෙකුට බොහෝ කාලයක් ප්‍රයෝජනයක් ගන්නට හැකියාවක් තිබුණා. පොදු වැසිකිළියක් වත් නැති තැන් කොපමණ තියෙනවාද?

:       10       117

Sanath Sunday, 29 April 2018 01:45 PM

දන්සැල් වල කන්න බොන්න දෙනවට වැඩිය ප්‍රායෝගික සහ හැමෝම සතුටු කරන්න පුළුවන් වැඩක් තමයි සල්ලි බෙදන එක. රුපියල් සීයට බනිස් ගෙඩියක් කාල කිරි තේ එකක් බිව්වම බත් වේලක් කෑවා වගේ තමයි.

:       22       46

nasar Sunday, 29 April 2018 02:06 PM

ඡන්දය අත ලඟ, දුන්නා වැඩේ හරියට.. පින ලැබෙයි පැරදුනොත් ..

:       12       122

sunil Monday, 30 April 2018 01:37 AM

පොදු දෙයක් කරන්න. පාසල, පන්සල, රෝහල ඊට හොදම තැන . රුපියල් 100.00 වඩා හොඳයි නේද . ඡන්දය ගැන සිතන්න එපා පින් කටයුතු වැඩ වලදී. හැබැයි සිතන්න මොලේ තිබෙන්න ඕනේ.

:       0       0

rocky Monday, 30 April 2018 02:01 AM

රුපියල් කෝටි ගානක පින් අයිතිවේවි. පින් එකවුන්ට් එකේ පොලිය මේ ආත්මෙදි එකතු වුනාම ලබන ආත්මෙදි ` දියවන්නා` දිවිය ලෝකේ යන්න ගමන් ගාස්තුව කවර් කර ගන්න පුළුවනි. දෙව් ලොව යන අපේ ලොක්කට - ජයවේවා!

:       0       2

suneth Hemantha Monday, 30 April 2018 03:36 AM

පෝලිමේ මිනිස්සු රස්තියාදු කරන්නැතුව මිනිස්සු ලඟට ගිහින් 100 ගානේ බෙදාගෙන ගියානම් තමා හොඳ. රුපියල් 100 කට මිනිස්සුන්ව පෝලිමේ තියෙන එක ඉතාම කණගාටු දායකය. රුපියල් 100 ට පෝලිම් ගැහෙන අපේ මිනිස්සු ගැනත් කියන්න දෙයක් නෑ ඉතින්.

:       0       1

dasun Monday, 30 April 2018 04:14 AM

හොඳ හිතෙන් කරා වෙන්න පුළුවනි. ඒ වගේම 'හිටපු' මන්ත්‍රී නිසා ප්‍රශ්නයක් නැතුවත් ඇති. නමුත් මේ දේ කරලා ඉස්සරහට ඡන්දය ඉල්ලන්න පුලුවන්ද. මේ දන්සලත් අල්ලස් වෙනවා නේද මැතිවරණ නීති අනුව?

:       0       0

sampath Tuesday, 01 May 2018 12:54 AM

මේක මෝඩ වැඩක් .දුප්පත් මිනිහෙකුඅ ගෙයක් ගලා දුන්නනම් මීට වඩා හොඳයි නේද?

:       0       1

lalithsjm Tuesday, 01 May 2018 11:09 AM

දෙමාපියන්ට පින් පිනිසනේ. එයාගේ සල්ලිනෙ. ඉතින් මෝනා කලත් අපිට මොකෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 388 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 138 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 150 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 594 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 196 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 629 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site