( රංජිත් රාජපක්ෂ)්
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නැංවීය.
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට අඩි 8000 ඉහළින් වූ වලාකුළුවලට ඉහළින් කෘතිම වැසි ඇති කිරීම සඳහා ගුවන් යානයෙන් රාසායනික ද්‍රව්‍යයක් ඉසිනු ලැබීය.
ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙකු පැවසූයේ කටුනායක ගුවන් තොටුපොලේ සිට අද උදෑසන ගුවන් ගත වු වයි12 ගුවන් යානයෙන් මවසුසාකැලේ ජලාශයට ඉහළින් අඩි 8000 ඉහළින් වු වලාකුළු මතින් පියාසර කර විනාඩි 45 කාලයක් කෘතිම වැසි ඇති කිරීම සඳහා වලාකුළු මත රාසායනික ද්‍රව්‍ය මුදා හැරි බවයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිය මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කළේය.
1980 වසරේද කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යපෘතියක් සාර්ථකව සිදු කර ඇති බව විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙක් සඳහන් කළේය.
ශ්‍රි පාද කදුවැටියට ඉහලින් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට ඉහළින් වූ පැහැපත් වලාකුළු ගුවන් යානය මගින් රසායනික ද්‍රව්‍යය ඉසීමෙන් අනතුරුව කළු පැහැයක් ගන්නා අයුරු ඡායාරූපයන්හි දැක්වේ.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයන්ට කෘතිම වැසි වස්සවයි
Lashan Friday, 22 March 2019 07:59 AM
උතුම් දළදා පෙරහර තිබ්බා නම්, වැසි වස්සන්න පුලුවන්...
LashanFriday, 22 March 2019 10:27 AM
ලයික්ස් ටික දැක්කාම හිතාගන්න පුළුවන් ගොබ්බ රැලක් කියලා...
සමන්තFriday, 22 March 2019 03:21 PM
සැබෑ බෞද්ධයෙක් වෙන්න.. බුදුන් දේශනා කරන ලද ධර්මය පිලිපදින්න.. බුදුන් වහන්සේ ප්‍රාතිහාර්ය පෑවා.. එය සත්‍යයක්.. ඒත් දළදා පෙරහැර පැවැත්තුවා කියා වැසි වසිනවා කියා හිතන ඔබ බුදුන් වහන්සේගේ ධර්මය නොව පිළිපදින්නේ.. ඔබතුමා කියන විදිහට ගස් අනවශ්‍යද වර්ෂාව ඇති කරන්න අවශ්‍ය වන්නේ දළදා පෙරහැර පැවැත්වීමද? ඔබතුමන්ගේන් මම ඉල්ලා සිටින්නේ මිථ්‍යා දෘෂ්ටිය ඉවතලා සැබෑ බෞද්ධයෙක් වන ලෙසයි...
weerakoonFriday, 22 March 2019 02:31 PM
උපතින් නොව බෞද්ධ ධර්මය ඉගෙන බෞද්ධයකු වෙන්න. අන්ධ භක්තියෙන් අෑත්වෙන්න.
Dr Athukorala Friday, 22 March 2019 01:28 PM
මේ නිසා ඇතිවන විෂ වැසි මගින් හමේ පිලිකා ඇතිවෙනවා. ඉපදෙන දරුවන්ටත් නොයෙක් ලෙඩ ඇතිවනවා. ඉසින ලද රසායනය කුමක්ද? පරිසර වාර්තා තිබේද? අනුමැතිය කාගෙන්ද?