IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


‘මහින්ද පොහොට්ටුවට යන්නේ නෑ‘- අමුණුගම

චමිල් රුපසිංහ

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර කිසි විටක පොහොට්ටුවේ  සාමාජිකත්වය නොගන්නා බව තමාට විශ්වාස බව ගලගෙදර ආසනයේ තුම්පනේ ප්‍රාදේශීය සභාව සඳහා අද(20) නාම යෝජනා භාරදීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.

එක් වතාවකදී එස් බී දිසානායක, ජී එල් පීරිස් මහතුන් සමග මහින්ද රාජපක්ෂ එහි නායකත්වය ගෙන පක්ෂය හැර යන්නට සිටියත් අවසන් මොහොතේ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය හැර තමන් නොයන පැවසූ බවත් ‍අමාත්‍යවරයා එහිදී කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගිය අයට කිසි දිනක හරියන්නේ නැති බවත් ඒ කඩාගෙන ගිය පිරිස් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණන ජයග්‍රහණය කළ බවත් එක් ඇමතිවරයෙක් ඉවත් වූවත් ඒ වෙනුවට විශාල සංඛ්‍යාවක් පැමිණි බවත් අමුණුගම මහතා කීය.

මෙම මැතිවරණ ක්‍රමය තුළ මෙවර මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් ගැනීමට නොහැකි වන බවත් මැතිවරණය අවසානයේ බලය පිහිටුවන්නට තිරණය ගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඇමැතිවරයා පැවැසිය.



අදහස් (17)

‘මහින්ද පොහොට්ටුවට යන්නේ නෑ‘- අමුණුගම

siri Wednesday, 20 December 2017 09:10 AM

සිරිසේනට මොනවා හරි වුණොත් එදාට සභාපති එයානේ. එතකොට ඔය සේරම ප්‍රශ්න ඉවරයි. ඉතින් මක්කටෙයි කොහෙවත් යන්නේ?

:       666       186

රජින්ද Wednesday, 20 December 2017 09:23 AM

වරාය විකුණන්න ඒ.ජා.පෙ එක්ක ඩීල් දැම්මද? මෙයාලට පක්ෂයක් නැහැ. කාගෙන්හරි කමක් නැහැ ඇඟට වෙලා ලේ බොන එක තමයි කරන්නේ. මහින්ද මහත්මයාට ජරාව අතේ නොගාගෙන ඉන්න ඕනානම්, මෙවර පොහොට්ටුවෙන්ම ඉදිරියට යා යුතුයි.

:       144       1032

manoj Wednesday, 20 December 2017 09:29 AM

කව්රු කාව රවට්ටනවද මන්දා. නමුත් එකක් කියන්න පුළුවන් ඔක්කොම දේශපාලකයෝ එකතු වෙලා ජනතාව නම් ගොනාටම අන්දනවා.

:       0       209

rajitha Wednesday, 20 December 2017 09:52 AM

ජනතාවගෙන් පිනට කකා ඉඳලා ඡන්දෙන් තේරිලා අාවේ නැහැ නේද?

:       0       323

chandra Wednesday, 20 December 2017 10:25 AM

ගියත් මුකුත් එයාට කරන්න බැහැ.

:       821       641

Parasathumal Wednesday, 20 December 2017 10:33 AM

දේශපාලකයින් පොහොට්ටුවලට ආස නැහැ. මලක නම් කටු ඇනුනා නම් මීට වඩා හොඳයි..

:       512       3

piyal Wednesday, 20 December 2017 10:49 AM

මෙයා කිව්වා මහින්ද මහතා එනවා නම් සිරිසේන මහතා සභාපතිකමත් දෙන්න කැමතියි... එ්ත් අාවේ නැහැ කියලා. මහින්ද මහත්තයා කිව්වා එහෙම දෙයක් වුණේ නැහැ. කියලා. කලකිරුණු ශ්‍රීලනිප ඡන්ද පොහොට්ටුවට වැටෙන එක වැලැක්වීම මෙයාලගේ යටි අරමුණ බව එ්කෙන් පැහැදිලි වෙනවා.

:       1       1149

wasantha Wednesday, 20 December 2017 03:34 PM

කලකිරුණා විතරක් නෙමේ... අපි සේරම ශ්‍රීලංකා නිදහස් පක්ෂයට තමා දෙන්නේ. මහින්ද මහත්තයා දැන් මොකටද?

:       515       294

jeewa Wednesday, 20 December 2017 04:02 PM

කතා කළොත් පොහොට්ටුව ගැනමයි. පොහොට්ටුවට පුදුම බයක් නේ තියෙන්නේ? මොකද මේ?

:       14       142

Bamunuarachchi Wednesday, 20 December 2017 04:44 PM

මහින්ද පොහොට්ටුවට යන්නේ නැත පොහොට්ටුව මහින්ද ගාවට එනවාය.

:       3       57

sathyapala Wednesday, 20 December 2017 07:09 PM

ඉස්සර කාලේ ගැමියෝ තමන්ලග ඉන්න වැඩක් පොලක් කරගන්න බැරි හරකබාන මස්කඩේට විකුනන්නේ නැතුව ලොකුවට "පිං" කියල හංවඩුවක් ගහල කැලේට නිදහස් කරනවා. උන්ට කියන්නේ "පිං හරක්" "පිං ගොනා" කියල. වැඩක් කරගන්න බැරි චන්දෙන් දිනන්නත් බැරි ඒත් ජනතා මුදලින් නිකන් කකා ඉන්න මැති ඇමතිලා හරියට "පිං ගොන්නු" වගේ. උන්ගේ නළලේ ලොකුවට "පිං" කියල පච්චයක් කොටන්න කියල මම යෝජනා කරනවා.

:       0       145

Sathyayaa Thursday, 21 December 2017 01:10 AM

මෙයත් මුලින් යූ එන් පී කාරයෙක්. මහාචාර්යයෙක් වෙලා තරුණ පරපුරේ ඇස් පාදන්න හිටපු මිනිහෙක්, යූ එන් පී එකේ රනිල්ගේ නායකත්වයට ආස නැති නිසා මහින්ද ලඟට ඇවිත් පස්සේ රහ වැටුන නිසා ශ්‍රී ල නි පාක්ෂික යෙක් වුනා. දුප්පත් වලව්වක මිනිස්සු කන්න නැති වුනහම වංශේ කබල් ගානවා වගේ මෙයත් අපිරිසිඳු දේශපාලන ධාරාවේ උඩු ගං බලා පිහිනමින් ඉන්නවා. අනේ උගතුන්ටත් ගිය කලක්!

:       0       12

rocky Thursday, 21 December 2017 01:53 AM

හොරුන්, දාමරිකයන්, කුඩ්ඩන්, ස්ත්‍රී දුෂකයන්, ජිල්මාට්කාරයන්, `දේශ ප්‍රේමීන් `, කොමිස් කාක්කන්, බැංකු පොලුකාරයන්, හිටපු හොරුන් සහ දැන් ඉන්න හොරුන්ගේ උරුමක්කාරයන් ඇතුළු පරපෝෂිතයන් එකෙකුට හෝ නාම යෝජනා දී ඇති මොන පක්ෂයකට වුනත් ... චන්දය දෙන්න එපා! ,

:       0       15

janatha anura Thursday, 21 December 2017 03:17 AM

යු අන්පියට අත උස්සල රවිල, රනිල්ලා කොල්ලුපිටිය රදල පන්තිය රජ කරවල ඔහේ මක්කයි මේ කියන්නේ........... මුදලට කඹුරන මේ අය අපේ මාතෘ භූමියත් සුද්දන්ට අමුණලා දුන්න හැටි අපිට අමතක නොවේ..........

:       1       32

jantha anura Thursday, 21 December 2017 03:19 AM

නැහැ මහින්ද උන්නැහේ නිදහස් චතුරශ්‍රයේ ලයිට් එලි බලන්න යනවා....... පොහොට්ටුවට යන්න වෙලාවක් නැහැ....... ඒක හැදුවේ ගෝඨාභය මෙගොල්ල්ලෝ ලයිට් දානවා............

:       181       2

w.p.s weerawardana. Thursday, 21 December 2017 05:59 AM

අමුතුවෙන් යන්න ඕන නැහැ , දැන් ප්‍රෙමා්ට් කරන්නේ පොහොට්ටුව තමයි.. ඔය ගොල්ලන්ට මහින්ද නැතුව දිනන්න බැරිද. මහින්ද අප හින්දනේ පරාදකලේ.

:       0       3

Sathyayaa Monday, 25 December 2017 12:21 AM

දැන් ඉතින් ඉස්සර ඔයාගේ ලොක්ක පැන්නේ නැද්ද පොහොට්ටුවට? දේශාපාලනයට ඔයා තවම කෝඩු කාරයෙක්. හිසකෙස් හොඳම සුදුවුන ඔබට දේශපාලනය ගැන ඉගෙන ගන්න දැන් ප්‍රමාද වැඩියි ඇදුරු තුමෝ !

:       0       6

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 17 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 18 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 107 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 89 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 127 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 964 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 217 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 508 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site