IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මහනුවර නගර සංවර්ධනයට රුපියල් කෝට් 1500 ක්

(මොහොමඩ් ආසික්)


මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරියෙන්  ඇති මාර්ගය විවෘත කිරීමෙන්  නගරයේ වාහන තදබදයට කිසිදු විසදුමක් නොලැබෙන බවත් මෙම මාර්ගය විවෘත කළ  යුතු බවට හඬ නඟන්නේ මාළිගාවට අභියෝග කරන සුළු පිරිසක් පමණක්  බවත් මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීවේය.

විසල් මහනුවර සංවර්ධන වැඩපිළිවෙල යටතේ  මහානගර සහ  බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් සංවර්ධනය කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් මාධ්‍යවේදින්  දැනුවත් කිරිම සදහා මහනුවර පැවැති හමුවකදී ඇමැතිවරයා ඒ බව සඳහන් කළේය.

මහනුවර කියන්නේ ලංකාවේ  ආගමික, සංස්කෘතික මෙන්ම ආර්ථික වශයෙන්ද වැදගත් නගරයක් නමුත් මහනුවර ඉතා කුඩා ඉඩ ප්‍රමාණයකට සීමා වෙලා තියෙන නගරයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාම මහනුවර කුණ්ඩසාලේ,පේරාදෙණිය,කටුගස්තොට යා කරලා විසල් නගරයක් නිර්මාණය කිරිම සඳහා වන සැලසුම් ජයිකා ආයතනය මගින් සකස් කරමින් පවතිනවා. එහි එක් කොටසක් උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න මහ නගර බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන්න භාර දී තිබෙනාවා. ඒ අනුව ඇමරිකා ඩොලර් මිලියන 100 ක් (රුපියල් දස ලක්ෂ 15000) ක වියදමින්  ආරම්භක  සංවර්ධන ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරිමට සැලසුම් සකස් කර තිබෙනවා.

විශේෂයෙන් මහනුවර මැද ඇළ සංවර්ධනය කිරිම මූලිකව කටයතු කරනවා.  මහනුවර මහ රෝහලේ සියලුම අපද්‍රව්‍ය මෙන්ම නගරයේ බොහෝ ආයතනවල අපද්‍රව්‍ය  බැහැර කරනු ලබන්නේ මේ මැද ඇළටයි. මෙතෙක් කාලයක්  මේ ඇළ  ගැන කිසිවක් නොකළ කිසිම කෙනෙකුට මහනුවර පරිසරය ගැන කතා කරන්න පුළුවන් කමක් නෑ. " යයිද ඇමැති චම්පික රණවක මහතා පැවසීය.


 



අදහස් (4)

මහනුවර නගර සංවර්ධනයට රුපියල් කෝට් 1500 ක්

Saumya Monday, 24 April 2017 06:29 AM

හා.....!!!

:       12       8

ලුම්බිණි Monday, 24 April 2017 08:06 AM

ඇමතිතුමා මොනවද මේ කියන්නේ? ශ්‍රී දළදා මාළිගාව ඉදිරියෙන් ඇති මාර්ගය විවෘත කිරීමෙන් නගරයේ වාහන තදබදයට පොඩි හරි විසඳුමක් මේකෙන් ලැබෙනවා නේද? අනික පරිසර දුෂණය ටිකක් හරි අඩු වෙනවා නේද? සංවර්ධන ව්‍යාපෘති කෙරෙන්න කොච්චර කාලයක් යනවද?

:       44       68

sarath Monday, 24 April 2017 09:24 AM

ලුම්බිණි, පැනල උත්තර දෙන්නේ නැතිව මාලිගාව ඉස්සරහටම ගිහින් බලන්න. එතන තියෙනවා තුන්මං හන්දියක් සහ හතරමං හන්දියක් මේ තැන වැඩිමනත් පාරවල් ප්‍රමාණයකින් ප්‍රතිවිරුද්ධ දිශාවට හන්දි දෙක හරහා වාහන ආවොත්, ගියොත් වෙන්නේ තදබදය වැඩිවීමක්. අනික අමතක කරන්න එපා මෙම පාර මාලිගාවට අයිති ඉඩම හරහා ඇති පාරක්. දැන් පෙනෙනවානේ දීඝවාපියට වෙලා තියෙන දේ. දීඝවාපියට අයිති ඉඩම් හොරෙන් අල්ලාගෙන දීඝවාපියත් නැති කරන්න පුළුවන් තැනට කටයුතු වෙලා තියෙන්නේ.

:       1       0

aravinda Monday, 24 April 2017 10:05 AM

මේ මහත්තයාට මීතොටමුල්ල කුණු කසල කන්ද ඉවත් කිරීමට පසු ගිය රජයෙන් පිළිවෙලක් සකසා තිබියදීත් එය අවරුදු දෙකකින්වත් ක්‍රියාවට නගන්න බැරි උණා. ඔය මහනුවර විසල් නගරය ඉදි කිරීමට තව කල්ප කීයක් යයිද? මාලිගාව ඉදිරිපස මාර්ගය විවෘත කළ යුතු බවට හඬ නඟන්නේ මේ මාර්ගය එදිනෙදා භාවිතා කරන මහජනයා විසිනුයි. මේ මාර්ග මහජනයාට අයති දේපල බැවින් කරුණාකර ඒවා මහජනයාගේ පහසුව සඳහා විවෘතව තබන්න.

:       0       76

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 9 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 127 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 216 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 149 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 266 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 127 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site