IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මහනුවර මැයි රැළියට පොලිතින්, අරක්කු නෑ - මහින්ද අමරවිර

(සනත් ගමගේ)
 
පොලිතින්,ප්ලාස්ටික් හා අරක්කු අනුග්‍රහය නැති මැයි රැළියක් මෙවර මහනුවරදී පවත්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවිර මහතා පවසයි.
 
මැයි රැළියට තමන්ට තරඟයක් නැති බව පැවසූ අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ඉතා සාර්ථක මැයි රැළියක් මෙවර මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සූදානම් කර තිබෙන බවද කියයි.
 
මැයි රැළියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයින්ට ද ආරාධනා කර ඇති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකට වෙලා නැති බවත් ඒ මහතා පවසයි.
 
“අළුත් පක්ෂ හදනවා.එහෙම හදන්න අයිතිය තියනවා.හැබයි මම දන්න තරමට ඔය අළුත්  පක්ෂයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අය තවම සමාජිකත්වය අරගෙන නැහැ.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (7)

මහනුවර මැයි රැළියට පොලිතින්, අරක්කු නෑ - මහින්ද අමරවිර

susantha Monday, 10 April 2017 06:53 AM

දැනටම ලයිට් කණුවල එල්ලිලා ඉන්නවා හැබැයි කට්ටිය නුවර අවට, පොලිතින් පුරෝගෙන! අනිත් කාරණේ, දැන් කොහොමත් ඕකට සෙනඟ නැති උනාම ඒක අරක්කු දුන්නේ නැති නිසයි කියල නිදහසට කාරණයක් තියනවනේ නේද? දැන්ම ඔහොම කියල තිබ්බම....

:       44       163

anil Monday, 10 April 2017 06:53 AM

මොනවා!! එහෙමනම් මහබැංකු කොල්ලයේ සල්ලිවලින් කෙලින්ම විස්කි දෙන්නද යන්නේ?

:       17       129

sam Monday, 10 April 2017 07:38 AM

70-77 සමයේ එක වසරක තමයි පොලිතින් බැනර භාවිතයට ආවේ .ඊට කලින් භාවිතා උනේ රෙදි . ඒ කාලේ මැයි රැලියට ලංගම බස් වලින් සෙනග අදිනකොට පළමුවරට පොලිතීන් වල ලියාපු බැනර වින්ඩ්ස්ක්රීන් එකට යටින් මුළු බසයේම පළලට රේඩියේටර් ග්‍රිල් එක සම්පුර්ණයෙන්ම ආවරණය වෙන ආකාරයට හැම බසයකටම එල්ලා තිබුනා . දුර සිට ආපු බස් සියල්ලම මගදී බොයිල් කරන්න ගත්තා . සැහෙන බස් ගානක් එන්ජිම සීස් උනා . මේක කඩාකප්පල්කාරී වැඩක් කියා සලකලා මහා විශාල පරීක්ෂනයකුත් පැවැත්වුවා . නමුත් අන්තිමට රේඩියෙටරයට හුලන් නොවදින ලෙස මෝඩ මිනිසුන් බැනර සවිකිරීම මේකට හේතු උනා කියලා සොයාගත්තා

:       0       22

NIHAL Monday, 10 April 2017 09:03 AM

මැයි දිනය අයිති කම්කරුවාට,... ඇයි මේ දේශපාලන පක්ෂ කම්කරු දිනය අයිතිකරගෙන පක්ෂයේ හයිය පෙන්වන්න යන්නේ? අපේ දේශපාලකයෝ ඔය දේ තේරුම් ගන්නකම් අපේ කම්කරුවා සැමදා හිඟන තත්වයේමයි.

:       0       5

lalithsjm Monday, 10 April 2017 09:55 AM

එහෙනම් ඇමතිතුමෝ මැයි රැලියත් නෑම තමා.....

:       0       8

Dematagoda Amare Monday, 10 April 2017 12:30 PM

මල්ලී,.. අරක්කු නැතුව මොන මැයි රැලිද. නිකන් දුන්නොත් නුවර, එහෙම නැත්නම් අතේ සල්ලි වලින් බීලා අපි යනවා ගාලු මුවදොර එකට.....

:       52       117

Ranjan Tuesday, 11 April 2017 12:13 AM

මැයි රැළියට වඩා වැදගත් පළාත් පාලන චන්දය. එකෙන් පුළුවන් කවුද බලසම්පන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 19 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 564 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 720 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 201 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 205 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 817 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site