‘රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජය’ හෙවත් ‘ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත’ ගැඹුරින් අධ්‍යයනය කර බලා මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුමැතියෙන් එම උභය විහාරයීය කාරක සංඝ සභා එම අතුරු වාර්තාව අනුව සැකසෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හෝ සංශෝධන අනවශ්‍ය බවට ඒකමතිකව ගත් තීන්දුව මේ රටේ භික්‍ෂු සම්ප‍්‍රදාය, බෞද්ධ සම්ප‍්‍රදාය හා මහා විහාරයීය සම්ප‍්‍රදාය නොදත් රනිල් වික‍්‍රමසිංහගේ මොළයට නොතේරීම පුදුමයට කරුණක් නොවන බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.
අද (20) පිටකෝට්ටේ පිහිටි එම පක්‍ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය ලේකම්, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පේ‍්‍රමවංශ මහතා එසේ කීවේය.
‘‘ජනතාවට කොලේ වහලා ‘තවම අකුරක්වත් ලියලා නැහැ’ කියමින් මේ ආණ්ඩුව රනිල් වික‍්‍රමසිංහගේ මූලිකත්වයෙන් ෆෙඩරල්, අනාගමික රාජ්‍යයක් බිහි කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත හැදුවා. ඒ කෙටුම්පත වචන හරඹ කරලා, සැබෑ වුවමනාව නොපෙනෙන ලෙස ‘ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත’ නමින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. බෞද්ධයාගේ මුදුන්මල්කඩ වූ දළදා මාලිගාවට වැඩම කළ, එහි පැවිදි භාරකාරත්වය දරන මේ නායක හිමිවරු මේ ගත්තු තීන්දුව උත්තරීතර තීන්දුවක්. ඒ බව මේ රටේ භික්‍ෂු සම්ප‍්‍රදාය, මහා විහාර සම්ප‍්‍රදාය හා බෞද්ධ සම්ප‍්‍රදාය දන්නා සැබෑ බෞද්ධයන්ට හොඳින් වටහාගත හැකියි‘‘ යැයි ද ඔහු කීය.
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘මහ නාහිමිවරුන්ගේ තීන්දුව රනිල්ට නොතේරීම පුදුමයක් නොවේ‘
සොබිත Friday, 20 October 2017 11:09 AM
මල්වතු මහ නාහිමි දිනේෂ් ට කිව්වේ කුමක්ද? මහ නාහිමි වරු ජාති වාදීන් නොවේ. වචන දෙකේ අයත් නොවේ. මහින්දට කඩේ යන අයත් නොවේ.
ගයාන් Friday, 20 October 2017 11:09 AM
එයාට රට බේරගන්න කිසිම වුවමනාවක් නෑ. මොකද දරුවෙක් මල්ලෙක් හිටියා නම් ඒ අයට ජීවත් වෙන්න කියලා හරි රට ගැන හිතාවි. එහෙම කෙනෙක් නැති නිසා එයාට කිසි අවුලක් නෑ. මේ රට නැති භංගස්ථාන කරලා දැම්මට.
ජයරත්න Friday, 20 October 2017 12:51 PM
දැන් දරුවන් නැතිවීමත් දේශද්‍රෝහී කමක්ද? අගමැතිතුමා එක්ක තියෙන තරහට ඔබ මේක කියවන කී දෙනෙකුට අපහාස කරනවද?
kumaraSaturday, 21 October 2017 03:14 AM
ඔව් රනිල් ජාති වාදියෙක් තමයි දරුවෙක් මල්ලි නැති එකෙක්ට රට ජාතිය ගැන කැක්කුමක් කොහෙද. රනිල්ට කඩේ යන්නේ නැතුව අනාගතේ තමුන්ගේ දරුවන්ට උරුම වෙන්න යන රට ගැන හිතපල්ලා දැන්වත්. නැතනම් උඹලගේ ළමයි උඹලට සාප කරයි.
rahulSaturday, 21 October 2017 05:54 AM
ජනාධිපතිතුමා 2015 එක්සත් ජාතීන්ගේ සමුළුවට නිව් යෝර්ක් යනකොට පුතාව නිකම් ගෙනිච්චාම අගමැතිතුමා ඇතුළු ගොඩක් අය එ්ක විවේචනය කරා. ජනාධිපතිතුමා කිව්වා ළමයි නැති අය තමයි එයාව විවේචනය කරන්නේ කියලා. මේක ඇත්තටම වුනා. පරණ පත්තරවලින් බලන්න. මෙතන මේ කතාව ලියන්නේ වෙන මොනවා කියන්නද කියලා හිතන්න බැරි නිසා.
Shanaka Sunday, 22 October 2017 12:07 AM
මට පේන්නේ ඔබටත් දරැවෙක් මල්ලෙක් නැති පාටයි. ඒකනේ තාමත් කඩේ යන්නේ.
K PereraFriday, 20 October 2017 05:49 PM
ගයාන්! ඔයා අගමැතිට අකමැතිනම් විරුද්දව පතිචාර දමන්න! නමුත් එතුමාගේ පවුද්ගලික ජිවතය ඔයාට හෝ කිසිවෙකුටවත් කොහෙත්ම අදාල නැති බව දැනගන්න! මේ ලෝකයේ දරුවන් නැති පවුල් ප්‍රකෝටි ගානක් සිටිනවා, එය ඔබට හෝ ඔබේ දරුමල්ලෙකුටවත් විය හැකිය.
RasikaFriday, 20 October 2017 10:48 PM
මේ පුද්ගලයා මේ මෙච්චර රස්නේ රටේ මොකද හැමදාම ටයි කෝට් දා ගෙන ඉන්නේ. එකෙන්ම තේරෙනවා මොන තරම් බටහිර ගැති මානිසිකත්වයක් තියෙන කෙනෙක්ද කියල. රටට මොනවා වුනත් මට උදවු කරපු ඇමෙරිකාවේ සහා යුරෝපේ මගේ යාළුවො වගේම මට උපකාර කරනස්පො ඩයස්පෝරාවේ අයට මගේ පොරොන්දු ඉටු කරනවා කියන එකයි මෙයා හැම වෙලේම හිතන්නේ සහා කරන්නේ.
asadSunday, 22 October 2017 09:02 AM
මෙතැනට ඇවිත් උම්බෑ කියන්න එපා සහෝදරයා. කාගෙවත් අැඳුමින්වත් කන බොන විදිහෙන්වත් ළමයි නැති එකෙන්වත් ළමයි පහක් හයක් හිටිය කියලවත් ඒ පුද්ගලයා රටට ආදරෙයිද නැද්ද කියල කියන්න බැහැ. මොකද අපේ රටේ සුදු ජාතික ඇඳුම අඳින ගොඩක් අයගේ හැසිරීමෙන් එ්ක හොඳට පැහැදිලියි. දේශපාලනය කියන්නෙම ජරා මඩවලක්. රටට ආදරේ පාලකයෝ බිහිවෙන්න නම් මහජනතාව වෙනස් විය යුතුයි. වැරැද්ද කවුරු කලත් වැරදි කියන්න ජනතාව ස්වාධීන වෙන්න ඕනේ.
nishaSaturday, 21 October 2017 10:23 AM
එතකොට දරුවන් ඉන්න රජතුමා තවමත් හොඳා කියලද ඔබ කියන්නේ. වහල්භාවය කියන එක ඇත්ත තමා...
සමරජීවSunday, 22 October 2017 02:24 AM
මහින්දට කඩේ යෑම වහල් භාවය ලෙසත්, රනිල්ට කඩේ යාම නිවහල්, නිදහස් පිවිතුරු බව ලෙසත් සැලකිය යුතුය.
Shanaka Sunday, 22 October 2017 03:39 AM
ඔයා කියන රජා නැති උණානම් මේ රටේ තත්ත්වය හිතා ගන්න පුලුවන්...
Ruwan Friday, 20 October 2017 11:23 AM
මල්වතු මහා නාහිමියන් පවසා සිටියා ලංකාවට පැමිණි පසු තම අදහස් ප්‍රකාශ කරන බව. මෙය ජාතික නිදහස් පෙරමුණට තේරුම් ගැනීමට දැනීමක් නොමැතිකම අගමැතිතුමාගේ දුර්වල කමක් නොවේ.
SujeewaFriday, 20 October 2017 12:38 PM
මල්වතු පාර්ශවය යනු, මහා නායක පමණක් නොව, එතුමන් හැර අනෙකුත් සියලු දෙනා මෙම තීරණයට පැමිණ අවසන්. එතුමාගේ තීරණය කුමක් වුවත්, මල්වතු පාර්ශවයේ තීරණය අවසන්. නායකයකුගේ තීරණය වැදගත් වන්නේ, ඔහු තනතුරින් නායක වුවා පමණින් නොව, ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාවත් පෞරුෂයවත් නායකයාගේ වුවොත් පමණි. අපේ ජනාධිපති හොඳම උදාහරණයක්. තනතුරින් ඔහු ජනාධිපති, නමුත්, ක්‍රියාවෙන් ඔහු ...?
Raveendra Friday, 20 October 2017 11:28 AM
ලෝකයේ " පාවාදීම" පිළිබඳව පශ්චාත් උපාධිය ඉහලින්ම සමත් මෙවැනි මිනිසුන්ට ස්වභාවයෙන්ම වෙන කිසිඳු දෙයක් නොතේරේ.
Newton Ranasinghe Friday, 20 October 2017 01:15 PM
දේශපාලන තීන්දු තීරණ වලට ආගමික නායකයින් හරස්වීම ඔවුන් රට පාලය කිරීමට කරන උත්සාහයක්, එය නතර කල යුතුයි.
Lal Friday, 20 October 2017 01:50 PM
රනිල් කියන්නේ සිංහල බෞද්ධයින්ට හිතවත් පුද්ගලයෙක් නොවේ.
RuwanFriday, 20 October 2017 05:08 PM
එතකොට පරණ ලොක්කගේ භාර්යාව බුද්ධාගමේද? දන්නේ නැති දේවල් කතා නොකරා නම් තමයි හොඳ.
නුවන්Sunday, 22 October 2017 09:40 AM
යන්නෙ කොහෙද මල්ලෙ පොල්.
ran.ranasingheFriday, 20 October 2017 08:21 PM
ලාල් මයා රනිල් කවුද කියල හරියටම දැනගන්න ලංකාවේ ප්‍රභූ පවුල් පැලැන්තිය ගැන පොඩ්ඩක් හදාරන්න.සමහරවිට ලංකාදීපයෙන් දැනගන්නත් පුළුවන්.අං දෙක තිබුනට මිනිස්සුන්ට අනින්න යන්න එපා
Hafeel Friday, 20 October 2017 03:08 PM
ජාතික නිදහස් පෙරමුණට මහනායක ස්වාමීන් වහන්සේලා පිළිබඳව මෙච්චර ගරුත්වයක් තියෙනවා නම්... උන්වහන්සේලා එපැයි කියද්දී දළදා මාලිගාව ඉදිරිපිට රාජපක්ෂලා කාර් රේස් තියනකොට ඔබලා කොහෙද සිටියේ?
kumaraSaturday, 21 October 2017 03:31 AM
ඕක පුන පුනා කියන්න ඕන කාරණයක් නෙවයි. එදත් ඕවට විරුද්ද උනා මිනිස්සු. එයාල ඒ කරපු දේට අද විඳවනවා. ඒ දවස වල ඔහේ ඉපදිලා හිටියේ නැද්ද?
asad Sunday, 22 October 2017 09:06 AM
කඩේ ගියාට කමක් නැහැ. රෙදි ඇඳගෙන. රෙදි නැතුව සුපර් මාකට් යද්දී බලන්න අප්පිරියයි. මේ වගේ අදහස් තියන අය හින්දා තමයි අපේ රට තවම දියුණු වෙන්නේ නැත්තේ.
ධම්මික Friday, 20 October 2017 04:13 PM
රනිල් කියන්නේ කවුද කියලා දැන ගන්න ඉතිහාසය පිළිබඳ හොඳ දැනීමක් තියෙන්න ඕනෑ
Lal Friday, 20 October 2017 04:28 PM
සිංහල බෞද්ධ ජනතාවගෙන් මා වැඳ නමස්කාරකර ඉල්ලන එකම දෙය නම් රනිල්ගේ නායකත්වය යටතේ රජයක් පිහිටුවන්න අවස්ථාව, බලය ලබාදෙන්න එපා.
ranasinghes .parFriday, 20 October 2017 05:41 PM
ලාල් මයා, රනිල් සිංහල අපි කැමති රනිල්ට. රනිල්ගෙ දැක්ම සෑම ජාතියක්ම සමසේ ජිවත්විය යුතු බවයි. ඔබලාට ඒක තේරෙන්නෙ නැති එක මිනිස්සුන්ගෙ කරුමයක්. ඔබට ඕන කරන්නේ බලයට කෑදරකමින් ජාතියයි ආගමයි නින්දිත ලෙස උසිගන්වා බලය ගන්න දඟලන මැදමුලන නඩයද? ලංකාවේ සිංහලකම ගැන කම්පා වන ජතිමාමකයෝ පිටරට ගිහින් හොයන්නෙ ෆොරින් දේවල්?
sathyayaa Saturday, 21 October 2017 12:43 AM
තවම කාට වත් තේරුනේ නැහැනේ රනිල් පිටු පස්සේ ඉන්න අදෘශ්‍යමාන දැවැන්තයා කවුද කියල. එයා තමයි බෙදුම් වාදයේ නිර්මාතෘවරයා. පුලුවන්නම් කොටු කර ගන්න. ඒ සඳහා "යහපාලන" ධජයේ කොළපාට කොටස දිය කර හරින්න ඕනේ. හැබැයි හිටපු එක්කෙනා ගෙනාවයි කියල ප්‍රශ්නේ විසඳෙන්නේ ත් නැහැ. මොකද මේ ගොල්ලෝ ඔක්කොම එකම බජාර් එකේ "නළුවෝ" හින්ද.
Kandepola Saturday, 21 October 2017 04:02 AM
ගයාන්ගේ කතාව ඇත්ත. මේ ආණ්ඩුවේ ඉහළ කීප දෙනෙකුටම දරුවන් නොසිටීම ඔවුන් ගන්නා ඒකමතික තීරණවලට බලපානවා. ඒක කාගේ හිත රිදුනත් පවතින සත්‍යයක්. ඔවුන්ගෙන් පස්සේ මේ රටේ ජීවත් වෙන්න දරුවෝ නැති නිසා රටේ අනාගතයට මොනවා වුණත් ඒ ගැන ඒ අයට පසුතැවීමක් නෑ.
nishaSaturday, 21 October 2017 10:33 AM
ඔබ වගේ කට්ටිය ලංකාවේම ඉන්න
sam Saturday, 21 October 2017 04:09 AM
මල්වතු, අස්ගිරි පාර්ශව මහා නා හිමිවරුන් මේ නව ව්‍යවස්ථාව ගැන තම මතය තවමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නොමැති අවස්ථාවක, රටේ කිසිම ජනතා බලයක් නැති පක්ෂයක, පළාත් සභා මන්ත්‍රී කෙනෙකු වැනි පහළ තනතුරක් දරන ගිහියෙකු මේ කියන හිස් බස් ජාතික පුවත් පතක පලකරන්න තරම් ප්‍රවෘත්තිමය වටිනාකමක් තියනවාද ?
Shan Saturday, 21 October 2017 07:03 AM
ඔව් ඔව්. රනිල් ගේ මොලේ වගේද නිමල් ප්‍රේමවංශ ගේ මොලේ? නිමල් කොච්චර උගතෙක්ද? කරුමෙට හැම මෝඩයාටම එක වගේ කතා කරන්න පුළුවන් වුණානේ. මේ වගේ මිනිසුන්ටත් සාකච්ඡා කැඳවන්න පුළුවන් එ්කනේ පුදුමේ.
athula Saturday, 21 October 2017 12:43 PM
ඔය නිදහස් පෙරමුණ කියන්නේ බිල්ලෝ මවා ජනතා මනස අවුල් කරන කඹ හොරුන්ගේ කණ්ඩායමක්... දේශප්‍රේමී ලේබලය අලවාගෙන කරන තක්කඩි කම් වල නිමක් නැහැ. ඕකේ මහා කෙනාට මෙලෝ දෙයක් තිබුණද? 2005 ට කලින් අද බලන්න ගිහින් හෝකන්දර පාර අයිනේ හදලා තියෙන මාලිගාවට හදලා තියෙන තාප්පයට විතරක් කෝටි කීයක් යන්න ඇතිද? සේරටම කලින් කියන්න මාලිගා හදන්න සල්ලි කොහෙන්ද කියලා. ඔය ව්‍යවස්ථාව කිව්වට තවම ඕක තියෙන්නේ හැමෝගෙම අදහස් අහන මට්ටමේ....
නුවන්Sunday, 22 October 2017 09:47 AM
හරියට හරි. හැමෝගේම අදහස් ඉල්ලලා සංඝයා වහන්සේ තමන්ගේ අදහස් දුන්නම ඒකට බුරන් පනින එක හරි නෑනේ. එහෙම හොඳයි ද?
rohana Saturday, 21 October 2017 01:27 PM
මෙතන අතුල පමණයි කාගේවත් හෙන්චයියෙක් නොවී සමබර අදහසක් දැමු එකම කෙනා. අනිත් අය අන්තවාදීන් බව කිව යුතුයි. තවද සෑම් සහ හෆීල්ගේ අදහස් අගේ කරමි. මට කියන්න තියෙන්නෙත් ඔබලා තුන්දෙනා දැමු අදහසම තමයි.
Chandima Sunday, 22 October 2017 02:34 AM
කවුරු කොහොම උනත් ඔය එක එක විජ්ජාවල් කරන්න ගිහින් රට තවත් අවුල් කරන්න එපා. දැනටමත් ඔය තියෙන පළාත් ආණ්ඩු ක්‍රමේ රටට කොච්චර අනවශ්‍ය බරක්ද? මොනවාද ඔය අලුත් ව්‍යවස්ථාවකින් බෙදන්න හදන බලේ හරියටම මෙන්න මේවා මේවා කියල කියනවද ? කවදාවත් නැහැ. හොඳයි හොඳයි කියල කොලේ වහනවා.
prakaash Sunday, 22 October 2017 08:57 AM
රනිල් කියන්නේ මේ රට විනාශ කරන, රට බෙදන, රටත් ජාතියත්, බුදු සසුනත් විනාශ කරන නිවටයෙක්. බටහිර ගැත්තෙක්. බොරුවෙන්, වංචාවෙන් කටයුතු කරන රනිල්ව ඉවත් කල යුතුය. මේ වගේ ද්‍රෝහීන් වෙනුවෙන් කඩේ යමින් ප්‍රතිචාර දමන එවුන්ද එසේමය.