(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ටේරෂරීස් සමාගම මහා බැංකුවෙන් ලබාගෙන ඇති ණය මුදල් පියවීම සඳහා යළි මහා බැංකුවෙන්ම ණය ලබාගෙන තියෙනවා යැයිද එයට අමතරව අර්ථ සාධක අරමුදලෙන්, ඞී.ඒෆ්.සී.සී. සහ පෑන් ඒෂියා බැංකුවලින් රුපියල් බිලියන 21ක ණය ලබාගෙන ඇතැයිද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂ වසන්ත කුමාර අල්විස් මහතා පැවැසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදුකෙරේ.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත.
කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ බැඳුම්කර කොමිසම හමුවේ දෙවැනි දිනයටත් සාක්කි දුන් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂ කළුබෝවිල වසන්ත කුමාර අල්විස් මහතා මෙසේද කීය.
පෙර දින ඉදිරිපත් කරන ලද ලේඛන දෙකේ තියෙන්නේ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ගනුදෙනු සටහන් සහ එහි සාරාංශයයි. මෙම තොරතුරු පිළියෙළ කරන්නේ ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන්,
ප්‍රශ්නය. මේ සඳහා දත්ත ගන්නේ කොහොමද?
පිළීතුර. 2016 අපේ‍්‍රල් අග භාගයේ.
ප්‍රශ්නය. මෙම දත්ත ලබාගන්නේ කෙසේද?
පිළීතුර. ඒවා ලබා ගන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන්.
මේ අවස්ථාවේදී 68 සී දරන ලේඛනය පිළිබඳව සාක්කිකරුගේ අවධානය යොමු කරයි.
ප්‍රශ්නය. එහි එක් දින වෙළෙඳ ණය රුපියල් බිලියන 11ක වෙළෙඳ ණයක් සඳහන් වෙනවා නේද?
පිළීතුර. ඔව්. මෙය අපේ‍්‍රල් 04 වැනිදා ගනුදෙනු ලේඛනයයයි.
ප්‍රශ්නය. ඒ කියන්නේ ඒ වන විටත් ගත් එක්දින ණය මුදල් ගෙවලා නැහැ නේද?
පිළීතුර. ඔව්.
ප්‍රශ්නය. ඊට පසු මෙම ලේඛනයේ සඳහන් වන්නේ මොනවාද?
පිළිතුර. ඞී.එෆ්.සී.සී. සුරැකුම් විකිණීම සහ ලංකා බැංකුවට සුරැකුම් විකිණීම් තුනක් මෙහි සඳහන් වෙනවා.
ප්‍රශ්නය. මේ ලේඛනය අනුව පෙනී යන්නේ අප්‍රේල් පළමුවැනිදා ලබාගත් වෙළෙඳ ණයෙන් අප්‍රෙල් 04 වැනිදා 7.30 වනවිටත් රුපියල් බිලියන 4.1 ක පර්පචුවල් ටේරෂරීස් සමාගම ගෙවලා නැහැ නේද?
පිළීතුර. ඔව්.
ප්‍රශ්නය. අප්‍රෙල් 04 වැනිදා ගනුදෙනු අවසන් කරන්නේ කීයටද?
පිළීතුර. පස්වරු 1.30 ට.
ප්‍රශ්නය. ඊට පසු තවත් ප‍්‍රතිමිලදී ගැනීමේ ණයක් පර්පචුවල් ටේරෂරීස් සමාගම ලබාගෙන තියෙනවා නේද?
පිළීතුර. ඔව්. රුපියල් බිලියන 4.1ක ණයක් ලබාගෙන තියෙනවා.
ප්‍රශ්නය. එම ප‍්‍රතිමිලදී ගැනීමේ ණය හඳුන්වන්නේ කෙසේද?
පිළීතුර. මෙය රීපෝ (Repo) ලෙස හඳුන්වනවා. මෙය ප‍්‍රාථමික ගැණුම්කරුවන් වෙත මහා බැංකුවෙන් ලබාදෙන කෙටි කාලීන ණයක්.
විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. මෙය අලුත් ප‍්‍රතිමිලදී ගැනීමේ ණයක් නේද?
පිළීතුර. ඔව්.
ප්‍රශ්නය. එම ණය මුදල අපේ‍්‍රල් 05 වැනිදා ගෙව්වාද?
පිළීතුර. මා දන්නේ නැහැ.
ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා. මෙම ප‍්‍රතිමිලදී ගැනීමේ සියලුම ණය ගෙවා අවසන්.
ප්‍රශ්නය. 2016 අපේ‍්‍රල් 04 වැනිදා ගණුදෙණු කාලය අවසන් වන විට පර්පචුවල් ටේරෂරීස් සමාගම අපේ‍්‍රල් 01 වැනිදා එක්දින වෙළෙඳ ණයක් ලෙස ලබාගෙන තිබු රුපියල් බිලියන 4.1ක් හා අපේ‍්‍රල් 04 වැනිදා එක්දින වෙළෙඳ ණයක් ලෙස ලබාගෙන තිබු රුපියල් බිලියන 3.3ක මුදල් ගෙවීමට තියෙනවා නේද?
පිළීතුර. ඔව්.
මේ අවස්ථාවේදී කොමිසම ඇමතූ ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රාථමික ගැණුම්කරුවකු ලෙස පර්පචුවල් ටේරෂරීස් සමාගම සිදු කළ ණය ගෙවීම් අතපසු කිරීම ගැන පමණයි. එක ප‍්‍රාථමික ගැණුම්කරුවකු ගැන පමණක් කතා කරන්නේ ඇයි? තව කොපමණ ප‍්‍රාථමික ගැණුම්කරුවන් ඉන්නවාද? මින් පර්පචුවල් ටේරෂරීස් සමාගම ගැන වැරදි චිත‍්‍රයක් මවා පෑම සිදුවෙනවා.
ප්‍රශ්නය. ඊට පසු ගනුදෙනු පැහැදිලි කරන්න?
පිළීතුර. සවස 4.45ට පමණ පර්පචුවල් ටේරෂරීස් සමාගම
රුපියල් බිලියන 4.1ක එක්දින ණය ගෙවා දමනවා. ඊට පසු තුන්වන වරටත් රුපියල් බිලියන 4ක ප‍්‍රතිමිලදී ගැණුම් ණයක් ලබාගන්නවා.
විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. ඒ කියන්නේ 2016 අපේ‍්‍රල් 04 වැනිදා පර්පචුවල් ටේරෂරීස් සමාගම මහා බැංකුවෙන් ප‍්‍රතිමිලදී ගැණීමේ ණය තුනකුත් අර්ථසාධක අරමුදලෙන් ප‍්‍රතිමිලදී ගැනීමේ ණයකුත් ලබාගෙන තියෙනවා කියන එකද?
පිළීතුර. ඔව්.
ප්‍රශ්නය. 2016 අපේ‍්‍රල් 04 වැනිදා අර්ථසාධක අරමුදලෙන් කොපමණ ප‍්‍රතිමිලදී ගැනීමේ ණයක් ලබාගෙන තියෙනවාද?
පිළීතුර. රුපියල් බිලියන තුනක.
ප්‍රශ්නය. ඊට පසු යමක් සිදුවුණාද?
පිළීතුර. මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ සහකාර අධිපති ජානකී මාපිටිය මහත්මිය අනුමැතිය පරිදි රුපියල් බිලියන 11ක් එකිදින ණය මුදල සඳහා පොළි අනුපාතය අපේ‍්‍රල් පළමුවැනිදා පොළි අනුපාත අනුව ගණනය කරන්න කියා දැනුම් දුන්නා.
ප්‍රශ්නය. ඒ අනුව සිදුවුයේ කුමක්ද?
පිළීතුර. රුපියල් බිලියන 11ක් එකිදින ණය මුදල නොගෙවීම වෙනුවෙන් පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් අයකර තිබු රුපියල් මිලියන 88ක මුදල ආපසු එම සමාගමට ගෙවීමට කටයුතු කළා.
ප්‍රශ්නය. මේ අසාමාන්‍ය දෙයක් නේද?
පිළීතුර. ඔව්.
ප්‍රශ්නය. මෙම සියලු ගෙවීම් සඳහා පර්පචුවල් ටේරෂරීස් සමාගම මුදල් ලබාගෙන ඇත්තේ කෙසේද?
පිළීතුර. මේ සඳහා පර්පචුවල් ටේරෂරීස් සමාගම මුදල් ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් රුපියල් බිලියන 12.5 ක්,සේවක අර්ථ සාධක අරමුදලෙන් රුපියල් බිලියන 7.5ක් ඞී.එෆ්.සී.සී. සහ පෑන් ඒෂියා බැංකු වලින් රුපියල් බිලියන 8.5ක්.
ප්‍රශ්නය. එතකොට සම්පුර්ණ එකතුව කොපමණද?
පිළීතුර. රුපියල් බිලියන 21යි.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂ කළුබෝවිල වසන්ත කුමාර අල්විස් මහතා මෙසේද කීය.
ශ‍්‍රී ලංකා මහා බැංකුවේ ‘ලංකා සෙට‍්‍රල්මන්ට් සිස්ටම්’ පද්ධතියේ බාරකරු මමයි.
ප්‍රශ්නය. මීට පෙර අවස්ථාවල වෙනත් ප‍්‍රාථමික ගැණුම්කරුවන් ලබාගත් ණය මුදල් නොගෙවා පැහැර හැර ඇති අවස්ථා ගැන විමර්ශනය කර වාර්තා ලබාගෙන තියෙනවාද?. මීට පෙර අවස්ථාවල වෙනත් ප‍්‍රාථමික ගැණුම්කරුවන් කීදෙනෙක් ලබාගත් ණය මුදල් නොගෙවා පැහැර හැර තියෙනවාද?
පිළීතුර. ඒ ගැන මා දන්නේ නැහැ. නීතීපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මතයි මා කටයුතු කරන්නේ.
මේ අවස්ථාවේදී ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා පර්පචුවල් ටේරෂරීස් සමාගම ලබා ගත් ණය මුදල් ගෙවා ඇති බව පවසමින් ලේඛන කිහිපයක් කොමිසමට ඉදිරිපත් කළේය.
වැඩිදුර සාක්කි විමසීම කල් තබන ලදී.
මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික‍්‍රමසේකර මහත්මිය, රජයේ නීතීඥ ධනුෂන් කනේෂයෝගන් මහතා සමඟ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙයි.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප‍්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතාද භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන් නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ ප‍්‍රනාන්දු මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මහ බැංකුවෙන් ගත් ණය ගෙවීමට මහ බැංකුවෙන්ම යළි ණය ගනී
mahee Friday, 07 April 2017 07:30 AM
මේ වැඩේ කරන්න තිබුනේ අර කතාවක තිබුන න්‍යාය අනුවයි, ඒ කියන්නේ වාණිජ බැංකුවකින් ණය අරන් මහ බැංකුවෙ ණය ගෙවල දානවා. ඊ ළඟ අවුරුද්දේ මහ බැංකුවෙන් ණය අරන් වාණිජ බැංකුවෙ ණය ගෙවල දානවා. අනික් අවුරුද්දේ ආයෙත් වාණිජ බැංකුවෙන් අරන් මහ බැංකුවෙ ණය ගෙවනවා. ඔහොම දෙතුන් පාරක් එහාට මෙහාට ගියහම බැංකු දෙකට කියනවා, " මේ, දැන් ඉතින් මං එන්න ඕන නැහැ නේ. ඔය දෙගොල්ල අවුරුද්දක් ගානේ සල්ලි ටික එහාට මෙහාට කරගන්න". එහෙම කියල තමන්ගේ වැඩක් බලාගෙන අයින් වෙලා ඉන්නව.
himalFriday, 07 April 2017 10:17 AM
ඒක එහෙම සරල නෑ, ඒ ණය මුදල් ආයෝජනය කරන කොට. දැන් ණය ගත්තා ගත්තා කියලා කියනවා. එතකොට ඒ ණය දීපු ආයතන ඒකෙන් කොච්චර හම්බ කරාද?මෙහෙම ප්‍රශ්නයක් ගැන හිතුවද?
hafeel Friday, 07 April 2017 07:39 AM
මෙම සිද්ධිය ගෙන බලනවිට රනිල්ව වහාම ධූරයෙන් අයින් කළ යුතුමයි. මිස්ටර් කිලීන් කියන්නත් වටින්නෑ.
sathyapala Friday, 07 April 2017 01:05 PM
මම නැවතත් කියනවා. මේක අර්ජුනගේ වැඩක් නොවෙයි.අර්ජුන හොරෙක් බව දැන දැනම ගෙන්වාගත්තේ මේ ගේම දෙන්නයි.රනිල් හිතුවේ ආණ්ඩුව තියන කාලය පුරාම හොරකම් නොකර බලයට ආව දවසෙම එකවර ගේම දීලා ඉන්පසු "මිස්ට ක්ලීන්" චරිතය රගපාන්න.ඒත් කිසිවක් හරියට කරන්න බැරි එකා මේකත් වැරැද්ද ගත්තා. දැන් "ගලේ පහරපු බළලා" වගේ වහගන්න බැරුව දගලනවා.
sunil Saturday, 08 April 2017 08:00 AM
ඉතින් හැන්ද තියෙන කාලේ තමුන්ට හිතේ හැටියට බෙදාගත්තේ මහජන සල්ලි නම්, දැන් ඒවා ආපහු ගෙවන්නත් මහජන සල්ලිමනේද ගන්න ඕනි ?