යාපනය දිස්ත්‍රික්කයේ පවතින සුභසාධන මධ්‍යස්ථාන කඩිනමින් වසා දමා ඔවුන්ගේ කැමැත්ත පරිදි නැවත පදිංචි කිරීම් කඩිනම් කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඉදිරි දින කිහිපයේදී වාර්තාවක් ලබා දෙන්නැයි ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා ලබා දී තිබේ.
ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති නැවත පදිංචි කිරීමේ අංශයේ නිලධාරීන් සමඟ අද(09) පැවති විශේෂ සාකච්ජාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අවතැන්වූවන් සඳහා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම, අවතැන්වූ සාමාන්‍ය ජනතාව නැවත පදිංචි කිරීම සදහා වූ වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඇතුළු උතුරු නැගෙනහිර අවතැන්වූ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම වැනි කරුණු ගැන මෙහිදී වැඩිදුර සාකච්ඡා කෙරිණි.
දීර්ඝ කාලීනව අභ්‍යන්තරව අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කලමණාකාර ඒකකය විසින් සිදුකරන ලද කාර්යයන් පිළිබදව නැවත සමාලෝචනයක් සිදුකර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන මෙන්ද අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
උතුරු නැගෙනහිර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදී විශේෂයෙන් එම ජනතාවගේ අවශ්‍යතා හදුනාගෙන ඔවුන් අපේක්ෂා කරන වැඩසටහන් කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරල ඒ සදහා වන නව ව්‍යාපෘති සැලසුම් කර ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.විලේන්ද්‍රන්, වවුනියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්, ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්.විජයලෙච්චමි මහත්මිය ඇතුළු නිලධාරිහූ රැසක් මෙම අවස්ථාවට එක් වූහ.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
යාපනයේ සුබ සාධන මධ්‍යස්ථාන වසා නැවත පදිංචි කිරීම කඩිනම් කරන්නැයි උපදෙස්
පිටිගල මිලානෝ Thursday, 09 January 2020 09:46 AM
වියත්මඟ දේශනාවේ හැටියටම පත් කෙරුණු උගත්, කිසිම වංචාවක් හෝ අකටයුතු ව්‍යාපාරයක් නොකරන ලාංකික බුද්ධිමත් ජනතාවගේ පිනටම පත්වුණු ඇමති කෙනෙක්.
Nalaka Thursday, 09 January 2020 10:21 AM
ගිය කලක්..................
GuneThursday, 09 January 2020 10:55 AM
කියල වැඩක් නෑ, එක ලොක්කෙක් මන්ත්‍රීවරයෙකුව බදා ගත්තහම බදාගත්තු දෙන්නම අමාරුවේ. තව ලොක්කෙක් මන්ත්‍රීවරයෙකුව බදා ගත්තහම බදාගත්තු දෙන්නම රජවෙනවා.
isuru Monday, 13 January 2020 09:35 AM
යාපනය දිස්ත්‍රික්කයේ පවතින සුභසාධන මධ්‍යස්ථාන කඩිනමින් වසා දමා විදෝ මන්දා