IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ලංකාවත්

තිළිණි ද සිල්වා 

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් වීමේ දැඩි අවධානමක් පවතින බව යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය අද (08) වාර්තා කළේය.
 
බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ  (07) වැනිදා මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමකින් පසුව ශ්‍රී ලංකාවද මෙම මුදල් විශුද්ධිකරණ අසාදු ගත රටවල් වල ලැයිස්තුවට ඇතුළත්ව ඇතැයි යුරෝපා පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහන් කළේය.
 
ශ්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව හා  ටි‍්‍රනිඩෑඞ් සහ ටොබෑගෝ යන රටවල්  අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. 
 
මෙම අසාදු ලේඛනය සැකසීමේදී මුදල් විශුද්ධිකරණය මෙන්ම ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම ද සළකා බලා ඇත.මෙම ලැයිස්තුව සැකසීමේදී යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා කොමිසම අතර දිගු කාලයක සිට මතභේදයක් පැවති බවද සඳහන් වේ.
 
යුරෝපා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී අසාදු ලේඛනගත කිරීමට පක්ෂව ඡන්ද 357  ක් ලැබී ඇති අතර ඊට විරුද්ධව ලැබී ඇති  ඡන්ද සංඛ්‍යාව 283 ක්. තවත් යුරෝපා පාර්ලිමේන්තු සභිකයන් 26 දෙනෙකු මෙම ඡන්ද විමසීමට සහභාගි වී නොසිටිය බවද යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ.



අදහස් (17)

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ලංකාවත්

Amare Thursday, 08 February 2018 01:28 PM

වසර 2500 ක ඉතිහාසයක් තියන අපි බය නැහැ මේවට, අපිම වවාගෙන අපිම කනවා

:       35       18

ජගත් ලියනගේ Thursday, 08 February 2018 02:22 PM

ජාත්‍යන්තරය ජය ගැනීමේ ප්‍රතිපලයක්ද ඕක ?

:       52       488

රජින්ද Thursday, 08 February 2018 02:27 PM

යහපාලනයේ තවත් එක් විජයග්‍රහණයක්..! මේ රට හැම අතින්ම ඉවරයි.

:       93       552

chandana Thursday, 08 February 2018 02:34 PM

මෙන්න තවත් එක් යහපාලන ඡන්ද ප්‍රතිපලයක්

:       4       523

lusenaa Thursday, 08 February 2018 03:08 PM

මේ රජය මගින් ලොවම දිනාගත්තා කියන ගමන්ම දායාද රැසකුත් ලබාගත්තා. 1. ආයෝජනයට නුසුදුසු දර්ශකය ඉහලට 2. දුෂිතම රටවල් අතරට 3. කළු සල්ලි බහුල රටවල් අතරට.

:       5       288

ruchira Thursday, 08 February 2018 03:45 PM

තවත් යහපාලන ඡන්ද ප්‍රතිපලයක්..!!!

:       53       244

අප්පුහාමි Thursday, 08 February 2018 04:49 PM

ලෝකයේ හොඳම මුදල් ඇමති හිටිය රට. අපිට තවත් ආඩම්බරයක්! මොකක්ද මේ විශුද්දීකරණය කියන්නේ?

:       3       303

සෙනෙවි Thursday, 08 February 2018 05:18 PM

එල්ටීටීඊ ත්‍රස්ථවාදයට මුදල් සපයන්නේ යුරෝපා රටවල් නේ .

:       3       413

Sampath Friday, 09 February 2018 02:14 AM

අපි මහා අවාසනාවන්ත ජාතියක්.

:       1       3

ranga Friday, 09 February 2018 02:49 AM

දැන්නම් මරුම තමා

:       1       16

kamal jayasinghe Friday, 09 February 2018 03:19 AM

මේකේ අදහස් ප්‍රකාශ කරලා තියන කිසිකෙනෙක් දන්නේ නෑ මොකද්ද මුදල් විශුද්ධිකරණය කරන්නේ කියන එක. ඔහේ තමන්ගේ දේශපාලනය කරන්න හදනවා මේකෙන් මේකේ තේරුම අයථාලෙස මුදල් උපයාගැනීම වැඩියෙන් සිදුවන රටවල් ගොඩට අපිවත් එයාලා දාන්න යනවා කියන එක එ්කෙන් තේරෙන්න ඕනේ.. මොන ආණ්ඩුවද එහෙම කලේ කියලා. කලුසල්ලි වැඩියි කියන එක...

:       2       0

chinta Sunday, 11 February 2018 01:32 AM

අනුන්ට උගන්වන්න එන ඔබේ නොදැනුම ගැන ලැජ්ජා විය යුතුයි.

:       0       0

Raveendra Friday, 09 February 2018 03:24 AM

නැහැ නැහැ මේක නම් වෙන්නම බැහැ. ලෝකේ හොඳම මුදල් "ඇමතිට" හිමි අසුචි කුසලානේ අපේ රටට ලැබුණු එකට ඔය කියන රටවල් ඔක්කොම කැමති නැහැ.. එ්ක තමයි හේතුව. නැතුව අපේ හිටපු මුදල් "ඇමතිය" කරපු කියපු දේවල් අනුව අපි දැනටමත් සෑම අතින්ම ස්වයං පෝෂිත රටක්නේ.

:       0       8

sensa Friday, 09 February 2018 03:40 AM

මේ රජය මීට වඩා වැඩි විනිවිදභාවයක් පවත්වාගෙන යා යුතුයි. යහපාලනය යන්නට නියම අර්ථයක් එකතුවන්නේ එවිටයි.

:       1       2

Sathyayaa Friday, 09 February 2018 02:51 PM

සමහරු නොදන්නා කමක් නිසා නැත්නම් අවස්ථාවාදී කම නිසා මැත දොඩවනවා. මුදල් විසුද්ධිකරණය යහපාලනය විසින් ආරම්භ කළා වගේ. නමුත් තිත්ත ඇත්ත නම් ඒ හොරුන්ගෙන් පස්සේ මේ හොරු හොරකම් ආණ්ඩු වෙනස්වීම නිසා නවත්වන්නේ නැතිව දිගටම පවත්වාගෙන ගිය බවයි. ඒ කියන්නේ ජනයා පෙළන යකඩ තැටිය යටට නිවෙන්න නොදී තව තවත් ගින්දර දැමු බවයි. එසේ කරද්දීත් ජාත්‍යන්තරය අපිත් සමගයි කියන වර්තමාන රජයේ හිටිවන බොරුව නිර්මාණය කිරීමත් කණගාටුවෙන් වුවත් කොළ පාටට බැර කරන්න වෙනවා. මන්ද විදේශ අමාත්‍යාංශය තවම වංචනිකයින් යටතේ පවතින නිසා.

:       2       3

BamunuarachchiSaturday, 10 February 2018 05:11 AM

මුදල් විශුද්ධිකරණය සම්බන්ධව මේ වනවිටත් නඩුවක පැටලුනේ කව්ද කියලා කියන්නකෝ.

:       0       2

Bamunuarachchi Saturday, 10 February 2018 05:09 AM

අහන්න දෙයක්යැ අපේ රටේ මුදල් සම්බන්ධ ඉහළම කෙනෙකුටත් මුදල් විශුද්ධිකරණ සම්බන්ධව නඩුවක් තිබුණා. හැබැයි එයින් බේරුණාට, චෝදනාවට නිදොස් කර නිදහස් කර නැහැ. වෙන උපක්‍රමයකින් දැනට බේරිලා ඉන්නවා. දන්නෝ දනිති මෙයා කව්ද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 306 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන්
2025 පෙබරවාරි මස 04 1926 13

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.


නිදහස් උළෙල ඇරැඹෙයි
2025 පෙබරවාරි මස 04 1695 3

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.


තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
2025 පෙබරවාරි මස 03 3118 9

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා


කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
2025 පෙබරවාරි මස 03 3691 8

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්


කසිප්පු වලියකට තුනක් මරලා
2025 පෙබරවාරි මස 02 2694 7

වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site