IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රංගන ශිල්පී ටයිටස් ඇන්තනී කළුරිය කරයි

(අකිල බද්දෙවිතාන)

ප්‍රවීන රංගන ශිල්පියකු හා මාධ්‍යවේදියකු වන සේනක ටයිටස් ඇන්තනී මහතා සිංගප්පූරුවේ දී අභාවප්‍රාප්ත වී ඇත.

හදිසියේ දැඩිලෙස රෝගාතුර වී සිංගප්පුරුවේ රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටි ඒ මහතා ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ වැඩිමහල් සහෝදරයාය.

මේ දින වල ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන “කූඹියෝ” ටෙලිනාටයේ ඔස්ටින් අයියා නමැති චරිතය රග දක්වන ඔහු ‘අලුත් හොරෙක් ඕනෑ‘ නම් වේදිකා නාට්‍යය රඟ දැක්වීමට සිංගප්පුරුවට ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අතරතුර සිංගප්පුරු ගුවන්තොටුපොළේ දී රෝගාතුර වීම නිසා එහි රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටියේය.

පුවත්පත් කලාවේදියකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹන සේනක ටයිටස් ඇන්තනි මහතා සිය සහෝදරයාගේ ඉල්ලීම මත ‘ඇසළ කළුවර‘ ටෙලි නාට්‍යය ඔස්සේ රංගනයට පිවිසියේය. පසුව අපූරු සහෝදරයා, හතර දෙනෙක් සෙන්පතියෝ ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවකට ද මෑතකදී තිරගත වුණු ජැක්සන් ඇන්තනි මහතාගේ ‘ඇඩ්‍රස් නෑ‘ චිත්‍රපටයට ද ඔහු රංගනයෙන් දායක විය.



අදහස් (11)

රංගන ශිල්පී ටයිටස් ඇන්තනී කළුරිය කරයි

දිමුත් Friday, 27 October 2017 05:01 AM

ඔබට නිවන් සුව!

:       0       61

oskar lakshman Friday, 27 October 2017 05:19 AM

ඔබ තුමාට අමා මහා නිවන් සුවය ලැබේවා ,,,,,,

:       0       32

Dr. LAKSHMAN FERNANDO Friday, 27 October 2017 05:56 AM

ඔබට නිවන්සුව!

:       0       64

රනසිංහ Friday, 27 October 2017 06:15 AM

මෙතුවක් අප දැන සිටියේ නෑ මෙතුමා ජැක්සන්ගෙ සහෝදරයෙක් වග. මෙතුමාගෙ හැම චරිතයක්ම ඉතාම තාත්විකයි.එතුමාට නිවන් සැප ලැබේවා.සාමදානයේ සැතපේවා..

:       0       52

Saumya Friday, 27 October 2017 07:39 AM

නිවන් සැප ලැබේවා....!!!

:       0       4

palitha Friday, 27 October 2017 08:25 AM

ඔබතුමාට අමා මහා නිවන් සුවය ලැබේවා....!!!

:       0       7

Chandana F Friday, 27 October 2017 08:34 AM

ඔබ අදහන ආගම අනුව ඔබට සමාදානයේ සෙතපෙවා, අප අදහන ආගම අනුව ඔබ ට නිවන් සැප ලැබෙවා.!

:       0       78

rohan Friday, 27 October 2017 10:29 AM

"සමාදානයේ සැතපේවා" ඔබට මොක්සුව පතමු.

:       0       16

Tharaka Friday, 27 October 2017 11:56 AM

සේනක මහත්තයා මාළු නිහාල් චරිතය නියමෙටම කරා .. හැමදාම එ් චරිතය අපි ලඟ මතකයේ තියෙයි.

:       0       0

Sathyayaa Friday, 27 October 2017 11:15 PM

අපේ බෞද්ධයෝ බෞද්ධකම රැකගන්න වෙන්න ඇති... මිය ගිය කතෝලික ලබ්ධිකයෙකුටත් නිවන් පතන්නේ. ඔහු ජීවත්වෙලා සිටි කාලයේ ඔහු ඇදහු ආගමට අනුව සමාදානයේ සැතපෙන්න ඔහුට ඇති ඉඩකඩ අහුරාලමින් තේරුමක් නැතිව නිවන් පතනවට වඩා දෙවියන් වහන්සේගේ මෝක්ෂය වෙතටම ලඟා වෙන්න කියා ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.

:       1304       1

rohana kumara mendis Saturday, 28 October 2017 11:37 AM

අපි හිතන පතන දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ, මොන ආගම ඇදහුවත්. වෙනම කනත්තක පොළොවට පස් කලත් හැමෝම යන්නේ එකම තැනකට බව මතක තියාගන්න. අපි කරපු පව් පින් විතරයි බලපාන්නේ.

:       0       69

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 154 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 92 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 124 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 372 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 554 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 188 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site