IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ගැන හොයන්න කොමිසමක්

(රංජන් කස්තුරි)

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා හා සංශෝධන සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ කොමිෂන් සභාවක් පත් කර තිබේ.

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වන එම විශේෂ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන එස්.රනුග්ගේ මහතා පත් කර තිබෙන අතර එස්.ජී.සුමනසිංහ මහතා කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

එම කොමිෂන් සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 15 දෙනෙකු   වන අතර සෙසු සාමාජිකයින් ලෙස ටී.වී කොල්ලුරේ , සී.පී.සිරිවර්ධන, සුධර්මා කරුණාරත්න,ජනක සුගතදාස, ධරණී එස්.විජේතිලක,ලලිත් ආර්.ද සිල්වා, ජී.එස්.එදිරිසිංහ,ඒ.ආර්.දේශප්‍රිය,බි.ජී.පී.එස් අබේගුණරත්න,වෛද්‍ය පාලිත අබේකෝන් , පී.තංගමයිල්, එස්.ඩි ජයකොඩි සහ එම්.සී වික්‍රමරත්න යන මහත්වරු පත්කරනු ලැබ සිටිති.

 



අදහස් (6)

රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ගැන හොයන්න කොමිසමක්

Jehaan Wednesday, 22 August 2018 07:47 PM

වැටුප් විෂමතාවට කලින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ගැන සොයා බලන්න. පුද්ගලික අංශයේ සේවකයෙක් දවසකට කරන වැඩ සම්භාරයෙන් සීයට පණහක් වත් කරන්නේ නැති , උදවියගේ වැටුප් විෂමතාව ගැන කතා කරනකොට හිනා යනවා.

:       23       1

sanath Wednesday, 22 August 2018 08:03 PM

රාජ්‍ය සේවක වැටුප වැඩිකරන්න ඔය කොමිසම දැන්ම ඕන නැහැ. ඉස්සරවෙලා කරන්න තියෙන්නේ 2020 දක්වා හදල තියෙන වැටුප් වැඩිවීම 2019 අයවැයෙන් සම්පූර්ණයෙන් ගෙවා දැමීමයි. එයිනුත් වැටුප් විෂමතාවයක් ඇතිවුනොත් එය නිවැරදි කිරීමට කොමිසමක් අවශ්‍යවෙයි.

:       0       0

sensa Thursday, 23 August 2018 02:49 AM

මමද රජයේ ජ්‍යේෂ්ඨ සේවකයෙක් වෙමි. වැටුප් ව්‍යුහය බලෙන්ම විශමතාවයකට පත්කර එය නිවරදි කිරීමට යාම රටේ ආර්ථිකයට, මහජනතාවට, රුපියලේ අගයට ඉතාමත් නරක විධියට බලපානවා. එකම සේවාවන්තුල වැටුප් විශමතාවක් ඇතිවී තිබේනම් එය නිරවුල් කිරීම යෝග්‍යයි. රජයේ සේවකයින් දැනට ලබන වැටුප ප්‍රමාණවත්. රට ගැන හිතලා කරුණාකර තීන්දු ගන්න. බඩජාරිකම තිබුනටම කන්න පුලුවන් සීමාවක් තියනවා කියලා හිතන්න පුරුදු වෙනවලා. දියුණු රටවල් මෙන්ම ළගදී පකිස්තානය කැබිනට් මණ්ඩලය ගැන ගත් තීරණය දිහා බලල හැදෙනවාලා. මේ අධ්‍යාපනයක් නැති චර්යාධර්ම නැති කොටින්ම කීවොත් විලිසංගෙ නැති එවුන්පා ලනය කරන්න පුලුවන් එකෙක් බිහිවේවා!

:       253       0

Thushi Thursday, 23 August 2018 08:06 AM

කිව්වත් වගේ දැන් තිබෙන පඩියටවත් සාධාරණ රාජකාරියක් කරනවාදැයි ඉස්සෙල්ල සොයා බලන්න. බැලුවොත් ඇත්නම් පරක්කු වෙලා වැඩට ඇවිත් රාජකාරි වෙලාවේ අයිස් ගහලා වෙලාවට කලින් කාර්යාලයෙන් පිටවෙන බහුතරයක් ඉන්නේ.

:       0       0

සමීර Thursday, 23 August 2018 08:46 AM

වැටුප් වැඩි කරා කියලා කිසිම කෙනෙකුට හරි ප්‍රතිඵලයක් ගන්න බෑ. මීට අවුරුදු හය හතකට කලින් තිබුන වැටුප වගේ හතර ගුණයක වැටුපක් දැන් රාජ්‍ය පෞද්ගලික කොයි ආයතනයේත් දෙනවා. ඒ වගේම බඩු මිලත් හතර ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ වැටුප් වැඩි වීමේ වැඩක් තියෙනවද? දැන් කැගහල වැඩ වර්ජන කරලා වැටුප වැඩි කරා ගත්තම ඒ වැඩි වෙන මුදල කොහෙන්ද හොයන්නේ? අයෙත් බදූ වැඩියෙන් ගහන්න වෙනවා. එක්කෝ දඩ වැඩි කරන්න වෙනවා. කොහොම හරි වැඩි උන මුදල රජයටම දෙන්න වෙනවා. ඒ නිසා වැටුප් තියෙන ගානම තිබිල බඩු මිල අඩු වෙන්න ඕන. වියදම අඩු වෙන්න ඕන. ඒකට රටේ නිෂ්පාදන වැඩි කරලා ආනයන අඩු කරන්න ඕන. මුලින්ම තමන් වැඩ කරන ආයතනයේ වාර්ෂික අදායම කියද, වියදම කියද කියලා හොයලා බලන්න. නිෂ්පාදන වැඩි කරන්න කලින් ආයතනය දුවන්නේ ලාබෙටද පාඩුවටද කියලා හොයලා බලලා ඉන්න ඕන නේ.

:       0       0

Harsha Monday, 24 September 2018 10:41 PM

රාජ්‍ය සේවයේ ලැබෙන සුළු වැටුපෙන් ජීවත්වීම අමාරුයි. උපාධිධාරීන්ට ලැබෙන්නෙ රු 35000 වගේ වැටුපක්. මේක 65000 දක්වා වත් වැඩිවිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 141 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 92 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 465 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 229 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 242 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1447 2

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 219 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 512 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site