IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රාජ්‍ය ආයතන සඳහා හරිත ගොඩනැඟිලි පමණයි

විනීතා එම් ගමගේ

රාජ්‍ය ආයතන සඳහා ගොඩනැගිලි මිලදී ගැනීමේ දී හෝ කුලියට ගැනීමේ දී හරිත ගොඩනැගිලි පමණක් ලබා ගැනීමට රජය ඉදිරියේ දි කටයුතු කරනු ඇතැයි මොරටුව  විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ක්‍රිෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා ගොඩනැගිලිවලට හරිත අගයක් ලබා දෙන බවත් 0 සිට 5 වූ එම අගයන්ගෙන් 5 සිට 2.5 දක්වා වූ අගයක් ලබා ඇති ගොඩනැගිලි පමණක් රාජ්‍ය ආයතන සඳහා ලබා ගනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.

ගොඩනැගිලි ඉදිකිරීමේ දී යොදාගන්නා ස්වභාවික සම්පත් භාවිතය හේතුවෙන් විශාල පාරිසරික ප්‍රශ්න ගණනාවක් මතුව ඇති බවත් මේ  නිසා තිරසාර සංවර්ධනයට බාධා ඇති වි ඇති බවත් කී මහාචාර්යවරයා රජය මේ තීන්දුව ගන්නේ මෙම හේතුවනිසා යැයි ද පැවැසීය.  ඒ අනුව පරිසරයට අවම හානි සිදුවන ගොඩනැගිලි ද්‍රව්‍ය යොදා ගෙන ඉදි කර ඇති ගොඩනැගිලි පමණක් ලබා ගැනීමේ නීති ඉදිරියේ දී සකස්වනු ඇතැයි ද රණසිංහ මහතා කීය.

මහාචාර්යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (02) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි හෙට දක්වා පැවැත්වෙන තිරසර ලංකා ප්‍රදර්ශනය පිළිබඳව මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.



අදහස් (7)

රාජ්‍ය ආයතන සඳහා හරිත ගොඩනැඟිලි පමණයි

Pushpa Sunday, 02 April 2017 02:02 PM

අපට කීමට ඇත්තේ ලංකාවේ ගොඩක් තැන්වල ලංකාවේ දැනට පවතින සරල ප්‍රශ්න නොවිසදා වඩා සංකීර්ණ දේවල් තනි තනිව විසදීමට යාම ප්‍රයෝගික නොවන බවයි. තිරසාර සංවර්ධනය බොහෝ අගනේය. එනමුත් දැනට පවතින ගොඩනැගිලි සම්පුර්ණයෙන් තිරසාර නොවුනත් ආර්ථික ලෙස උපරිම ප්‍රයෝජනයට ගත යුතුයි. එලෙසම හිතවතුන්ගේ තිරසාර ගොඩනැගිලි කුලියට ගැනීම නොකළ යුතුය. රජයේ ගොඩනැගිලි කුලියට ගැනීම එක ආයතනයකින් හරි හැටි විශ්ලේෂණයකින් පසුව සිදු කල යුතුය. සුර්ය පැනල බදු අඩු කල යුතුය.

:       40       72

himalMonday, 03 April 2017 04:22 AM

හරිත ගොඩැනැගිලි වෙතට යොමුවෙන්න වෙලා තියෙන්නේ බලශක්ති ප්‍රශ්නයත් එක්ක. ඒ හින්දා ඒක වැරදි නෑ. අනික හිතවතා කවුද නැත්තේ කවුද කියලා කොහොමද හොයන්නේ?හරිත ගොඩනැගිලි සංකල්පය අතනින් මෙතනින් අල්ලගෙන කියවලා වැඩක් නෑ.

:       0       1

PushpaMonday, 03 April 2017 06:05 AM

බලශක්ති ප්‍රශ්නය රජයේ හරිත ගොඩනැගිලි වලින් විසදන්න බැහැ. එකට මෙයට වඩා සරල නමුත් ප්‍රමාණයෙන් විශාල දේවල් කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස ලංකාවේ සියලු අලුත් ගෙවල් සහ අලුත් ගොඩනැගිලි සරල ප්‍රමිතිකරණයකට නීතියෙන් යටත් කිරීම සහ ඒ පිළිබඳව වෘත්තිකයින් සහ බාස්වරු හොඳින් පුහුණු කිරීම, විදුලි පිරිමැසුම් උපාංග ප්‍රචලිත කිරීම, රජයේ ආයතනවල සහ පාරවල් වල නිකරුනේ දවලුත් දැල්වෙන පහන් සහ අනෙකුත් උපාංග පාලනය කිරීම සහ පාසල් හරහා ආකල්ප දියුණු කිරීම වැනි දෑ

:       0       0

himalMonday, 03 April 2017 07:54 AM

බලශක්ති ප්‍රශ්නය ඔය කියපු කිසිම දෙයකින් විසඳන්න බෑ, ඒත් පාලනය කරන්න පුළුවන්. අනික දැනටමත් ගොඩනැගිලි ඉදිකරද්දි පළාත් පාලන ආයතනයේ නීති තියෙනවා. ඒ වගේම ඔය කියන දේවලුත් වසර ගණනාවක් තිස්සේ ලංකාවේ සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් කෙරෙනවා. හරිත ගොඩනැගිලි ඉදිකරීම ප්‍රමිතියක් විදිහට ගෙන ඒම තමයි මේ යෝජනා කරලා තියෙන්නේ.

:       0       0

Lanka Perera Sunday, 02 April 2017 10:47 PM

සුර්ය පැනල වලට බදු ගන්නේ නැහැ නේ.

:       0       12

සිරි Monday, 03 April 2017 05:09 AM

හරිත ගණයට වැටෙන ගොඩනැගිලි ලංකාවෙ තියෙන්නෙ ඉතාම අල්පයයි. මේ බව නොදැනද මහාචාර්යතුමා මෙවැනි යෝජනාවක් ගෙනෙන්නෙ. හරිත ගොඩනැගිල්ලක් හදන්නට යන පිරිවැය සාමාන්‍ය ගොඩනැගිල්ලකට වඩා 30%-40% කින් වැඩියි. එම ආයෝජනය නැවත ලබාගන්න වෙන්නෙ අධික කුලියක් අය කිරීමෙනුයි. මේ යෝජනාවෙන් වෙන්නෙ සීමිත පිරිසකට රජය මගින් ලාභ උපයන්න මාර්ගයක් හදාගන්න එක විතරයි. හරිනම් කරන්න ඕනෙ තායිලන්තයේ චියන්ග් වටනා වල කලා වගේ රජය මගින්රජයේ ආයෝජනයක් ලෙස තම ආයතන සඳහා විශාල හරිත ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමයි.

:       0       13

Deeapl Nirosh Monday, 03 April 2017 07:57 AM

මහාචාර්යතුමා, ඉදිරියේ දී ඉදිකරන ගොඩනැඟිලි සඳහා හරිත ගොඩනැඟිලි පමණයි කියල අපි යෝජනාව පොඩි වෙනසක් කරමු ද? මොකද ඉදිකර ඇති ගොඩනැඟිලි හරිත නෑ කියල බැහැර කිරීම අපි වැනි රටකට ඔරොත්තු නොදෙන ජාතික අපරාධයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 33 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 55 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 298 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 125 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 363 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 579 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site