IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


රජයේ පිළිතුර අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා

(එෆ්.අස්ලම්)
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය ලබාදෙන පිළිතුර සැළකිල්ලට ගෙන ඒ පිළිබඳ  ඉදිරි  ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ සලකා  බලන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
 
2015 වසරේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේම අනුග්‍රහය සහ සම අනුග්‍රහය මත සම්මත කරගත් යෝජනාවෙන් මිදීමට ශ්‍රීලංකා රජයට නොහැකි බව දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සදහන් කළේය.
 
ලබන පෙබරවාරී මස අවසානයේ ආරම්බ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය හා ශ්‍රීලංකාව සම්බන්ධයෙන් 2015 වසරේදී සම්මත කරගත් යෝජනාව පිළිබද දමිළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම  මේ බව අවධාරණය කළහ.
 
වැඩිදුරටත් අදහස් දක්වන එම්.ඒ සුමන්තිරන් මහතා මෙසේද කීය.
 ලබන පෙබරවාරි මස අවසානයේ ආරම්බ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රීලංකා රජය කියන කාරණාවන් බලල අපි අපේ මීලග ක්‍රියාමාර්ග පිළිබද තීරණය කරනවා.2015 වසරේ දී සම්මත වූ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකා රජය සම අනුග්‍රහාය දක්වා පොරොන්දු වී තිබෙනවා.යුද අපරාධ මානව හිමිකම් කඩවීම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් වගවීම ගෙන රජයට එම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් බැහැර වීමට හෝ මිදීමට නොහැකියි.
 
පැවති යහපාලන ආණ්ඩු සමයේ එක්සත් ජාතික පෙරමුණට ජනතා සහාය ලබාදීම තුළින් යහපත් කාර්යන් රැසක් සිදුවුනා.උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම් ආදී කාර්යන් ඒ රජය විසින් සිදුකළා.නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සහාය සතුටුදායක විදිහට සිදුවුනේ නැහැ.ඊට හේතුව එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂයයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විතරක් නෙවෙයි අතුරුදහන් වූවන් සම්බන්ධයෙනුත් අපි රජයෙන් තවමත් ප්‍රශ්න කරමින් සිටිනවා.
 

යුද්ධය අවසන් වූ අවස්ථාවේදී ආරක්ෂක හමුදාවට බාරවූ බොහෝ අය තවමත් අතුරුදහන්.ඒ අයට සිදුවූයේ කුමක්ද කියන එක විශාල ප්‍රශ්නයක්.යුද්ධය පැවති අවස්ථාවේදී මියගියපු අය ඉන්න පුළුවන්.ඒ වගේම රටෙන් පැනගත්ත අයත් ඉන්න පුළුවන්.නමුත් අතුරුදහන් වූවන් ගැන ඔවුන්ට සැබැවින්ම සිදුවූයේ කුමක්ද වග සොයාගත යුතුයි.මේ සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීමක් මත සාධාරණ විමර්ශනයක් සිදුවිය යුතුයි.එවිටයි ඒ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ.යැයිද කීය.



අදහස් (7)

රජයේ පිළිතුර අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා

Bamunuarachchi Friday, 10 January 2020 11:50 AM

"2015 වසරේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේම අනුග්‍රහය සහ සම අනුග්‍රහය මත සම්මත කරගත් යෝජනාවෙන් මිදීමට ශ්‍රීලංකා රජයට නොහැකි බව" හලෝ ඒකාලේ තිබුණේ පරගැති ආණ්ඩුවක්... ඔවුන් දෙමළ ඡන්ද බලාගෙන රට පාවා දුන්නා. ඒ පාවාදීම රටේ ජනතාව ලක්ෂ 69 ප්‍රතික්ෂේප කළා. පාවාදීම අනුමතකලේ දෙමළුන් සහ දෙමළුන් වගේ සිටින එජාප සිංහලයින් පමණයි. දැන් සිංහල අපි ඒ පාවාදීම වෙනස් කරනවා. එයට නුඹලාගේ කැමැත්ත වුවමනා නැත...

:       1       838

mp Friday, 10 January 2020 12:24 PM

හරියට හරි.

:       4       14

Asanka Friday, 10 January 2020 12:25 PM

අනේ ඉන්න අපේ ලේ රත් නොකර... ඇමරිකාව යුද්ධ ප්‍රකාශ කරනකොට මැදපෙරදිග ඔය කියන ජිනීවා මානව හිමිකම් කවුන්සිල.. ඕවා කොහේ ගහගෙනද හිටියේ? ඔය කෝකත් සද්ද දාන්නේ භෞතික සම්පත් තියන පොඩිපොඩි රටවලට විතරයි.

:       0       93

SasithFriday, 10 January 2020 02:04 PM

හරියටම හරි අසංක...

:       0       38

Hafeel Friday, 10 January 2020 03:15 PM

ජිනීවාවලින් ද්‍රවිඩ ජනතාවට මොකුත්ම වෙන්නේ නැහැ. දැන් යුද්ධය ඉවර වෙලත් අවුරුදු දහයටත් වැඩි. යමක් වෙනවා නම් දැනටම වෙලා ඇති. අර ඉඩම් ටික නිදහස් කළෙත් ශ්‍රී ලංකා රජයෙන් මිස ජිනීවාවලින් නොවේ. තව දුරටත් දෙමළ ජනතාව ගොනාට අන්දන්න එපා. දැක්කා නේද සම්බන්ධන්ට ලැබිච්ච වරප්‍රසාද ?

:       0       0

gunda Saturday, 11 January 2020 04:58 PM

"උම්බෑ" කියල කෑගහනකොට දැන ගන්නවා ගොනා බව. කට පියාගෙන හිටියොත් තව ටික කලක් ඉන්න පුළුවන් වේවි. ගොනා බව දැන ගත්තොත් වැඩේ කෙළවෙයි.

:       0       0

Bamunuarachchi Sunday, 12 January 2020 12:37 PM

රජයේ පිළිතුර අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවාලු.. හොඳයි රජය පිළිතුරු නොදුන්නොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ නැහැ නේද? සිංහල රටේ සිංහල බෞද්ධ 69 ලක්ෂයක් එක පැත්තකට වුණා අනික් පැත්තට සුජාතිකයින් ලක්ෂ 55ක් එක් වුණා. මේ ගොඩට සිංහල බෞද්ධ කියාගන්න සුළු ජාතීන්ද අයිතියි. සිංහලයනි, මේ බන්දනය කඩාගන්න එපා කිව්වා නේද? රන්ජන් බබා කෙනෙකුට කියනවා රනිල් ජනාධිපති වුණානම් බෞද්ධයින්ට දෙන හැටි බලාගන්න තිබුණා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 125 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 79 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 408 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 212 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 226 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1363 2

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 218 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 512 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site