IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රජයේ වියදම් අඩු කරගත්තානම් මෙහෙම වෙන්නේ නෑ-විගණකාධිපති

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

අයවැය ඉක්මවා ගිය රාජ්‍ය වියදම් නිසා රජයට මේ ආකාරයට බැඳුම්කර වෙන්දේසි මඟින් මුදල් සොයා ගැනීමට සිදුව ඇතැයිද රජයේ වියදම් අඩුකර ගත්තා නම් මේ තත්ත්වය උද්ගත වීමට ඉඩ නොතිබුණා යැයි රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද  (13) බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළේය.

වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා මේ බව හෙළි කළේය.

“ජනතාවට බදු ගහන එක සහ අළුතින් සල්ලි මුද්‍රණය කරන එක පැත්තකට දාලා නියමිත දිනවල කල්පිරෙන අන්දමට භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මඟින් අපේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමට හැකියාව තියෙනවා නේද“ යැයි කොමිසමේ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා ඇසු ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා මේ බව කීය.

කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණෙන ලෙස කොමිසමෙන් කළ දැනුම් දීමකට අනුව රජයේ විගණකාධිපති ගාමිණි විරේසිංහ මහතා කොමිසම හමුවේ පෙනී සිටියේය.
 
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් මඟින්ම මුදල් සොයා ගැනීමට රජයට අවශ්‍යතාවයක් නැතැයි විජේසිංහ මහතා පැවසීය.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් හැර මුදල් සොයා ගැනීමට රජයට වෙනත් ක‍්‍රම රාශියක් ඇති බව කොමිසම හමුවේ හෙළි කළ විරේසිංහ මහතා රාජ්‍ය වියදම් අඩුකර ගැනීම මඟින් ඉල්ලන ණය මුදල් අඩුකර ගැනීමට රජයට හැකියාව ඇති බවද පෙන්වා දුන්නේය.



අදහස් (3)

රජයේ වියදම් අඩු කරගත්තානම් මෙහෙම වෙන්නේ නෑ-විගණකාධිපති

kumar (galf) Tuesday, 13 June 2017 09:38 AM

මුළු රටම චීනේටයි ඉන්දියාවටයි විකිනුවත් කමක් නෑ, මෙයාලාගේ වියදම් කොහෙත්තම අඩුකරන්නේ නෑ.

:       0       3

Srimala Tuesday, 13 June 2017 09:59 AM

රජයේ වියදම් අඩු කරන හැටි කියා දෙන්න තිබුනේ පහුගිය කාලෙනේ

:       41       67

sachith Tuesday, 13 June 2017 10:13 AM

එහෙම කරලා කොහොමද අපේ අහිංසක දේශපාලකයෝ ජිවත් වෙන්නේ? මේ හම්බ වෙන කොමිස් කියකින් හරිනේ බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නේ. ජනතාවට සල්ලි තියන නිසා බදු ගහන්නේ,

:       0       166

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1838 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


පුපුරන ද්‍රව්‍ය සමග දෙකක් දඹුල්ලෙන් අල්ලයි
2024 සැප්තැම්බර් මස 07 1735 2

යම් අපරාධයක් කිරීමට පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.


සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 06 6987 2

අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතතා ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර හ


වතු බංගලාවේ බලෙන් සිටි රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් දොට්ට
2024 සැප්තැම්බර් මස 05 6080 4

අධ්‍යාපන රාඡ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි බව කියන හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුය


රාජ්‍ය අමාත්‍යවරු හතරක් ඉවතට
2024 සැප්තැම්බර් මස 05 5465 4

රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනකු ජනාධිපතිවරයා විසින් ධුර වලින් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.


ගෑස්-තෙල් බොරු පෝලිම් හදන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 05 4169 4

මහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම් හලක ව්‍යාජ ලෙස තෙල් සහ ගෑස් පෝලිමක් ඇතිකොට එය වීඩියෝ ගත කිරීමට තැත් කිරීමේදී මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ පොලිස


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site