(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රට බෙදන, රට කඩන, බෞද්ධාගමට හෝ වෙනත් කිසිදු ආගමකට හානිවන මොනයම් කරුණක් හෝ අඩංගු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නීතිගත කිරීම සඳහා කතානායකවරයා ලෙස තමන් දිවි තිබෙන තුරු සිය සහතිකය සටහන් නොකරන්නේ යැයි කතානායක කරූ ජයසූරිය මහතා අද(22) මීරිගමදී පැවසීය.
ජයසූරිය මහතා මේ බව ප‍්‍රකාශ කළේ මීරිගම ශුද්ධ වූ ජපමාල දේවමාතා දේවස්ථානයට අවුරුදු සියයක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
‘‘මම පාර්ලිමේන්තුවේ කතානායක ලෙස තාම ව්‍යවස්ථාවක් ගැන දන්නේ නෑ. දැකලත් නෑ. ඕනෑම කෙනෙකුට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ගේන්නත් පුළුවන්. සමහර ඒවා රට බෙදන රට කඩන යෝජනා වෙන්නත් පුළුවන්. නමුත් ඒවා යෝජනාවන් පමණයි. ව්‍යවස්ථාවක් ලෙස පර්ලිමේන්තුවේ සම්මත වන්නේ කතානායකවරයා ලෙස මා ඊට අත්සන් කළොත් පමණයි‘‘ යැයි ද කථානායකවරයා කීය.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රට බෙදන ව්‍යවස්ථාවකට දිවි ඇතිතුරු අත්සන් කරන්නේ නෑ‘ - කථානායක
de silva Sunday, 22 October 2017 10:46 AM
ඔබතුමා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලකයෝ කියන්නේ එක දෙයක්... කරන්නේ වෙන දෙයක්... මට නම් ඔය පොරොන්දු ගැන කිසිම විශ්වාසයක් නැහැ.
RaveendraSunday, 22 October 2017 11:30 AM
ද සිල්වා මයා වෙත, ඔබගේ ඉතාම නිවැරදි අදහස පිළිබඳව අපද සතුටු වන්නෙමු. මේ උන්දැල උපන්දා සිට දකුණට සිග්නල් දාලා වමට හරවන හාදයෝ. මේ සඳහා ඕනෑතරම් උදාහරණ තියෙනවා. එබැවින් සත පහක විශ්වාසයක් තැබිය හැකි ගොවියෝ පිරිසක් නොවැ...
prakaash Sunday, 22 October 2017 10:48 AM
මේ වගේ දේශපාලකයන් කියන දේ සැක සහිතයි.
sampath Sunday, 22 October 2017 10:51 AM
පසුගියදා පළාත් සභා පනත 2/3 කින් සම්මත කරගන්න වර්තමාන ආණ්ඩුවට කුජීතලෙස සහය දීපු හැටියෙන්ම අපි දැක්ක ඔබතුමා හරිම සාධාරණ, විශ්වාස කරන්න පුළුවන් ලංකාවේ හිටපු හොඳම කතා නායක කියලා.
saman Sunday, 22 October 2017 11:00 AM
දැන් ඔය කියන සේරම කරලා නොවැ තියෙන්නේ. ආයේ මොනවා අත්සන් කරන්නද?
Senarath Sunday, 22 October 2017 11:04 AM
මෙන්න කියන විදියටම වැඩකරන කතානායක. මිනිසුන්ගේ සත පහකට විශ්වාසයක් නැහැ. කලින් හිටපු කිසිම කතානායකවරයෙක් මෙහෙම තුට්ටු දෙකට වැටුනේ නැහැ. අනුර බණ්ඩාරනායක මහත්තයා මොනතරම් සැහැල්ලුවෙන් ජිවිතේ ගතකරපු පුද්ගලයෙක් වුණත්, කතානායක වුණාට පස්සේ ගත් තීරණ... ප්‍රකාශ සියල්ල පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රකින්න ඉවහල් වුණා. ලොකුබණ්ඩාර මහත්තයා එජාප වුණාට කිසිම වෙලාවක පක්ෂග්‍රාහී තීන්දු දුන්නේ නැහැ. චමල් රාජපක්ෂ මහත්තය එස්.එල්එෆ්.පී. වුණාට, එයාගේ සහෝදරයා ජනපති වුණාට,... ඒ කිසිවක් එයාගේ තීරණවලට ගාව ගත්තේ නැහැ.
MAHASOHONA Sunday, 22 October 2017 11:13 AM
සුනඛයොත් සමග නිදා ගත්තොත් එහෙම වෙනවා.
Lusena Sunday, 22 October 2017 11:14 AM
කතානායකගේ පැටිකිරිය දැන් ජනතාවට එලිවී හමාරයි.
sathyapala Sunday, 22 October 2017 11:15 AM
මොනවද මේ බහුබූත කතා. අගමැති කියනවා මල්වතු නාහිමි මේ ව්‍යවස්ථාවට කැමතිලු. එන්ජීඕ නඩය කියනවා මේ ව්‍යවස්ථාව හොඳයිලු. බෙදුම්වාදී, ජාතිවාදී නායකයෝ කියනවා මේ ව්‍යවස්ථාව සම්මත කරන්නට උපරිම සහය දෙනවලු. මොනවත් නැති කෙනාටද එතකොට මේ අය කැමැති? මේ හංගලා ගහන්න යන්නේ. මේක විනාශකාරී බෝම්බයක්. වෙඩි බෙහෙත්, යකඩ බෝල ඇතුළු සියල්ල වෙන වෙනම නිසා බෝම්බයක් නෑ. මේ ටික එකතුකරලා හදන්න යන්නේ බෝම්බයක් කියලා කට්ටිය දන්නවා. හදලා පුපුරවන්න පෙර අපි කෑගහන කොට කියනවා මේ වෙඩිබෙහෙත් ගල් කඩන්න ගෙනාපුවා. යකඩ බෝල සෙල්ලම් කරන්න තියෙන්නේ කියලා.
kumar (galf) Sunday, 22 October 2017 11:52 AM
ඔයාව වෙනස්කරලා වෙනකෙනෙක් දාලා අත්සන් කරගනීවි. ඉන්දියාවේ බලපෑමට පළාත් සභා අාවා වාගේ මේකත් ඒවි කාගේ වත් බලපෑමකට.
upali Sunday, 22 October 2017 12:38 PM
ඕවා ගිහින් කියන්න කොණ්ඩේ බැඳපු චීන්නුන්ට.. අපි නම් විශ්වාශ කරයි.. පල් හොරුන්ගේ කතා..
nimmi Sunday, 22 October 2017 12:43 PM
කියන්න තියන දේවල් ඔක්කොම අනිත් අය කියලා .
Perakum Sunday, 22 October 2017 12:46 PM
පළාත් සභා අහෝසි කරන පක්ෂ මාරුව නැති කරන ව්‍යවස්ථාවකට නම් අපි උඩින්ම කැමතියි. එ්ත් ඉතින් ඒක වෙන්නේ නැහැ නේ.
කොන්ඩෙකලූ Sunday, 22 October 2017 01:52 PM
හීන් බබා සීයගේ කතා විශ්වාස කල හැකිද?
asanka Sunday, 22 October 2017 02:30 PM
අපි බලමු ඉදිරියේදී ඔබතුමා ඔය කටින් කියනවා වගේම ක්‍රියාවෙන් ඔප්පු කරයිද කියලා...
සෙනෙවි Sunday, 22 October 2017 05:59 PM
ආ....කොහොමද ඒක ...
ධම්මික Sunday, 22 October 2017 08:00 PM
මෙයාගේ කෙරුවාව හොඳට දන්නවා. කොන්දක් කියලා දෙයක් මෙයාට තියනවද?
Kumara (galf) Sunday, 22 October 2017 08:17 PM
ඔහොම කිය කියා තමයි රනිල් එක්ක එකතු වෙලා රට කෑලි වලට කඩන්න හදන්නේ...
Chaminda Sunday, 22 October 2017 11:52 PM
දැන් පල්ලියත් දේශපාලනය කරන තැනක් වෙලාද ,ඕවා කියන්න පල්ලිය ගාවගන්න එපා.