IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රට වැහුවාට විශේෂඥ වෛද්‍යවරු ප්‍රසාදය පළ කරති

(සුජිත් හේවාජුලිගේ )

සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය   ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රටපුරා සංචරණ සීමා පැනවීමට  ගත් තීරණය ඉතා අගය කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

සංචරණ සීමා හේතුවෙන් රටේ ආර්ථිකයට යම් බලපෑමක් එල්ල වුවද ජනතාවගේ ජීවිත වලට ඇතිවන  හිතකර බලපෑම අවතක්සේරු කළ නොහැකි බවත් බහුතර මහජනතාවගේ ජීවිතවල වටිනාකම තාවකාලික ආර්ථික පසුබෑමට වඩා වටිනා බවත් එම සංගමය පෙන්වා දෙයි .

සංචරණ සීමා පැනවීමට රජය තීරණය නොකළේ නම් ආසාදිතයන්ගෙන්  ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරී ගොස්  සෞඛ්‍ය සේවාව අඩාල වී රෝගීන් බොහෝ පිරිසක්  මියයා හැකිව තිබූ බව පවසන   විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය  කෙසේ වෙතත් රෝගය පාලනය කළ හැකි මට්ටමට පැමිණෙන තෙක් සංචරණ සීමා තවදුරටත් පවත්වාගෙන   යන්නයි ද  ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයාගේ තීරණය  නැවත නැවතත් අගය කරන බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි .



අදහස් (8)

රට වැහුවාට විශේෂඥ වෛද්‍යවරු ප්‍රසාදය පළ කරති

fairoos Sunday, 30 May 2021 10:37 AM

ඔයාලට නම් අවුලක් නෑ. හත්මුතු පරම්පරාවටම හම්බකරගෙන ඉවරයිනේ.. අහිංසක එදාවේල හොයාගෙන කන කට්ටියට... ආණ්ඩුවට නිසි වැඩ පිළිවෙළක් තියෙනවද?

:       15       27

RazeenSunday, 30 May 2021 11:28 AM

ඇතැමුන්ගේ ලිවීමට ඇති සහජ හැකියාව අගය කළ යුතුයි...

:       0       9

Nalin Sunday, 30 May 2021 11:01 AM

වන්දිභට්ටයින් ප්‍රශස්තියක් කියලා වැක්සීනුත් හොරෙන් ගහගත්තනේ... අර අහිංසකයින්ට ගහන්න තිබ්බ සෙකන්ඩ් ඩෝස් එක....

:       5       27

asanka Sunday, 30 May 2021 11:23 AM

අවම වශයෙන් දැන්වත් අසරණ ලෙඩ්ඩුන්ගෙන් හම්බ කරගත් ධනය අද එදාවේල හොයාගෙන කන උදවිය සඳහා වියදම් කරන්න.

:       2       13

chandima Sunday, 30 May 2021 11:37 AM

පරිස්සමෙන්, ඔය නැට්ට වැනුවට පොඩ්ඩ එහාමෙහා වෙද්දී හපා කනවා...

:       0       6

nimal Sunday, 30 May 2021 02:13 PM

මොන සංචරණ සීමාද, මිනිස්සු හැම තැනම ඇවිදිනවා, කඩවල්වලින් හොරෙන් බඩු දෙනවා. පැති දෙකක් තියෙන්වා මෙතන, ගෙවල්වල කන්න බොන්න විදියක් නැත්නම් මිනිස්සු එහෙ මෙහෙ යනවා. ඩිලිවරි වාහන යනවා කිව්වට හැමෝම ඉන්නේ පාර අයිනේ ගෙවල්වල නෙවේනේ. ගෙදර හිටියොත් අඹු නසී... මගට ගියොත් තෝ නසී කිව්වලු.

:       1       10

Sri Lanka Sunday, 30 May 2021 04:05 PM

කොරෝනා කියන්නෙ තනිකර බොරුවක්

:       0       0

jayath Monday, 31 May 2021 05:17 AM

ඕක වැහුවේ මහත්තයෝ ඔහෙලා ඉල්ලපු හින්දා නෙමෙයි... එහෙනම් ඕක කලින්ම කරන්න තිබුණා නොවැ... මේක කරන්න වුණා... වෙන කරන්නම දෙයක් නැති හින්දා.. උද්දච්චකම මහන්තත්ව කම් බිමින් තියලා පොරවල් වලට බිමට බහින්න වුණා.. මොකද පස්සම තමයි බිම ඇණුනේ...! කරපු වැඩේ හොඳයි.. එ්ක අගය කළයුතුයි නමුත් පහුවූණු එක තමයි වැරැද්ද අනික ඔහෙලත් අර ඊනියා සංගමය වගේ සුදුහුණු ගාන්න එපා කැතයි. අරගොල්ලන්ට වෙලා තියන දේ පේනවා නොවැ...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 367 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 121 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 59 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 75 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 665 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 834 0

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site