රොමේෂ් මධුෂංඛ
කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ දී අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් තබාගෙන සිටි පස් දෙනෙකු අද (2) උදෑසන අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
කිලිනොච්චිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පරන්තන් ප්‍රදේශයේ පිහිටි නිවසක් සෝදිසි පරික්ෂාවකට ලක් කිරීමේදී එහි සඟවා තිබූ අධි බලැති අධි තාක්ෂණික ස්කෑනර් යන්ත්‍රයක් නිවස තුළ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය කියයි.
ස්කෑනර් යන්ත්‍රය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නිවස තුළ සිටි පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එයින් යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශයේ දෙදෙනෙකු ද කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේ එක් පුද්ගලයකු ද පරන්තන් ප්‍රදේශයේ තවත් දෙදෙනෙකු ද පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
අදාළ ස්කෑනර් යන්ත්‍රය යොදා ගනිමින් කිලිනොච්චිය ප්‍රදේශයේ ඇතම් ස්ථාන රත්තරන් පරික්ෂා කර ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇති අතර සැකකරුවන්ගෙන් මූලික ප්‍රශ්න කිරීම් සිදු කර කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පවසයි.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රත්තරන් සොයන්න ගෙන ආ ස්කෑනර් යන්ත්‍රයක් සමඟ 5 ක් අත්අඩංගුවට