IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


රත්නපුර අධිකරණයේ දී පැනගිය රැඳවියා අත්අඩංගුවට


 
 
අජිත්ලාල් ශාන්තඋදය
 
රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදි පැනගිය 27 හැවිරිදි සැකකරුවෙකු පැය විසිහතරක් ගතවීමට පෙර දම්බුලූවන කහවත්ත, දෙමටකැටිය ප‍්‍රදේශයේ පාලූ නිවසක සිටියදී අද (14) අත්අඩංගුවට ගත් බව කිරිඇල්ල පොලීසිය පවසයි.


මාස කිහිපයකට පෙර රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ බඩුගබඩාව කැඩීම සහ කිරිඇල්ල නගරයේ වාණිජ බැංකුවකින් රුපියල් අසූ දහසක් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරු ලෙස මෙම තැනැත්තා බන්ධනාගාර ගත කර තිබිණි.


සැකකරු 13 වැනි දා රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙනවිත් තිබුණේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මත මාංචු දමා ගෙනය. අධිකරණය ගෙනා පසු මාංචු ඉවත්කර  සැකකරු අධිකරණයේ සිරමැදිරිය තුළ රඳවා තබා තිබිණි. 


නඩව කැඳවන අවස්ථාවේ විනිසුරුවරයා හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ මාංචු ගලවා සිටි සැකකරු අධිකරණයට පැමිණ සිටි සෙනඟ අතරින් පැන ගොස් තිබිණි. 


පැනගිය සැකකරු සොයා පොලිසිය සහ බන්ධනාගර නිලධාරීන් මෙන්ම සාමාන්‍ය ජනතාවට 13 වැනි දා අධිකරණය පිටුපස කැළෑ ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් කළද හමු නොවිණි.
 



අදහස් (0)

රත්නපුර අධිකරණයේ දී පැනගිය රැඳවියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

කර්මාන්ත ඉඩම් ඉක්මනින් නිදහස් කරන්න
2025 මාර්තු මස 14 4 0

කර්මාන්ත සඳහා වෙන් කළ ඉඩම් කඩිනමින් නිදහස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.


මඩකලපුවේ පොල් පැළ ලක්ෂ හතරක් ලෙඩ වෙයි
2025 මාර්තු මස 14 36 0

මඩකලපුවේ පොල් පැල ලක්ෂ හතරකට ලෙඩක් වැළඳී තිබෙන බව මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය.


වැඩකට නැති රාජ්‍ය වතු පෞද්ගලික අංශයට
2025 මාර්තු මස 14 364 1

ඌණ උපයෝජිත රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


සත්තු ගණන් කරන්න පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න
2025 මාර්තු මස 14 442 5

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතු වලටත් වන සතුන් එන බැවින් එම වන සතුන් ගණන් කිරීම සඳහා සත්ව සංගණනය පැවැත්වෙන හෙට දින පාර්ලිමේන්තුවට නිවාඩු ලබා


තේ කම්හල් 124 ක් වැහිලා
2025 මාර්තු මස 14 205 2

මෙරට තේ කර්මාන්ත ශාලා 709ක් පමණ තිබුණා මේ වන විට එයින් කර්මාන්ත ශාලා 124ක් වැසී ගොස් තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත ක


‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 2303 8

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 234 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 530 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 253 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site