IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රත්මලාන ධර්මාරාමයේ තේවාවට පොලීසියෙන් තහනමක්

( රේඛා තරංගනී ෆොන්සේකා) රත්මලාන ධර්මාරාම පුරාණ රාජමහා විහාරයේ උදෑසන  තේවාව සතියක කාලයක සිට පොලිසිය විසින් පැනවු තහනමක් නිසා නවතා දැමීමට සිදුව ඇතැයිද එම තහනම නිසා අද  (29) වෙසක් පෝයදාද උදෑසන තේවාව නොපැවැත්වු බවද දායකයෝ  සහ ප්‍රදේශවාසීහු  පවසති.

මෙම  තත්වය නිසා බෞද්ධ ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක් වු සම්බුදු තෙමඟුලේ වතාවත් සිදු කිරීමට බාධා එල්ල වී ඇතැයි පවසන  ප්‍රදේශවාසීහු මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතුවබවද පවසති.

මේ සම්බන්ධයෙන් විමසීමට ධර්මාරාම පුරාණ විහාරයේ විහාරාධිපති හිමියන් වන හේවෙස්සේ නන්දාරාම හිමියන්ව සම්බන්ධ කර ගත් අතර  උන්වහන්සේ පැවසුවේ ශ්‍රි ධර්මාරාම පුරාණ රජ මහ විහාරයේ සහ ඊට ආසන්නයේ පිහිටි ශ්‍රි පුෂ්පාරාම පුරාණ රජ මහා විහාරයේ තේවාව එකම වෙලාවකදී පැවැත්වීම හේතුවෙන් මෙම අවහිර කිරීම කර ඇති බවයි. කෙසේ වුවද සවස්කාලයේ තේවාව නොඩවා සිදුකරන බවත් එය විශාල ගැටළුවක් නොවන බවත් උන්වහන්සේ පැවසුහ.

ඉදිරියේදී රත්මලානේ සුනීත හිමියන්ද සමඟ ගොස් පොලිසීයේ ලොකු මහත්තයා සමඟ මේ සම්බන්ධයෙන් කතා කර යම් විසඳුමකට එන බවත් මෙය ඒ හැටි ගැටළුවක් කරගත යුතු නැති බවත් නන්දාරාම හිමියෝ පැවසුහ.

එමෙන්ම සම්බුදු තෙමඟුල සමරන වෙසක් පොහොය ලබා ඇති අද දින සවස සුපුරුදු ලෙස තේවාව කරන බවද හේවෙස්සේ නන්දාරාම හිමියෝ  පැවසුහ.   
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් කළ  විමසීමකට  අනුව ඒ පසුගිය සතියක කාලයේදී එක් පුද්ගලයෙකුගේ අපලයකට පාන්දර හතරට හේවිසි පුජාවක් සිදුකර ඇති බවත් එයට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණ  පැමිණිල්ලකට අනුව එකී අවහිරයට තහනම් පැනවු බවත් පැවසීය.

එසේ පාන්දර හතරට එක් පුද්ගලයෙකු වෙනුවෙන් කළ ක්‍රියාවට එරෙහිව ලැබුණු පැමිණිල්ලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා මිස වෙසක් පොහොයදා හෝ විහාරස්ථානයේ වෙනත් ආගමික වතාවත් සඳහා සිදු කරන තේවාවන් තහනම් කිරීමට පොලිසිය කටයුතු කර නැතැයි ද පොලිස් මාද්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
 
රටේ ප්‍රධාන ආගමික උත්සවයක් වූ වෙසක් පොහොය නිමිති කර ගනිමින් සිදු කරන තේවාවන් හේතුවක් නොමැතිව නවත්වන්නට යැයි කීමට පොලිසියට අයිතියක් හෝ අවශ්‍යතාවයක් නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.  



අදහස් (7)

රත්මලාන ධර්මාරාමයේ තේවාවට පොලීසියෙන් තහනමක්

sam Sunday, 29 April 2018 09:21 AM

මට නම් මේක හතරබීරි කතාවක්... විහාරාධිපති හිමියන්ටත් මේ තහනම ලොකු ප්‍රශ්නයක් නොවෙයිලු. පොලිසියෙන් එහෙම තහනමක් කරලාත් නැතිලු. වගකිව යුත්තෙකුගේ ප්‍රකාශයක් පදනම් කර පුවතක් ලියනවා විනා කිසිම අයුරකින් විශ්වාස කල නොහැකි 'දායකයින්', 'ප්‍රදේශවාසීන්' වැනි මනඃකල්පිත චරිත වලින් ලැබුණු පුවත් මේ ආකාරයෙන් පල කිරීමෙන් පුවත්පතේ තියන විශ්වාසනීයත්වය නැති වෙනවා.

:       0       920

Silwa W Sunday, 29 April 2018 09:57 AM

ලංකාවේ පන්සල්වල ළඟ ඉන්න මිනිස්සුන්ට කනක් ඇහෙන්න නැහැ ඝෝෂාව... ඉස්සර ස්පීකරේ දාලා තිබුනේ විශේෂ උත්සව වලට විතරයි. එක්කෝ වෙසක් උත්සව දවසේ, එක්කෝ පෙරහැර කාලෙට විතරයි. දැන් තුන් වරුවෙම, තුන්සිය හැටපස් දවසෙම.... නිතරම එහෙනකොටත් හරියන්නේ නැහැ. ලංකාවේ අය නම් අහන්නේ පිරිත්... හැබැයි, මිනීමැරුම් වල කෙළවරක් නැහැ.

:       531       337

nissanka Sunday, 29 April 2018 10:03 AM

ස්මාර්ට් ෆෝන් එකක් ගත්ත බොහෝ දෙනෙක් හිතන්නේ මාධ්‍යවේදියෙක් කියලයි. මොන විකාරයක්ද? ලියන දේ නම් තේරෙන්නේ නැහැ.

:       2       50

naradha Sunday, 29 April 2018 11:35 AM

මා සිතන්නේ පන්සලේ තේවාව බොහෝ පාන්දරින් සිදු නොකර, සාමාන්‍යයෙන් සිදුකරන වෙලාවට කිරීම සඳහා පොලිසියෙන් තහනමක් පනවා නැති බවයි.

:       0       18

dhamneth Sunday, 29 April 2018 12:48 PM

අනේ මෙහෙමත් මිනිස්සු... පන්සලේ පාන්දර හතරට හේවිසි ගැහුවා කියා තමන්ට තිබෙන කරදර හෝ වෙන්න තිබෙනවා කියන කරදර නැතිවන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ වදාරා තිබෙන්නේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බවයි.

:       5       31

vidya Sunday, 29 April 2018 06:11 PM

මට මතක් වෙනවා අපි පොඩිකාලේ පාන්දරට ලක්ෂණ පක්ෂීන්ගේ එක එක වෙලාවට හැඬු ලක්ෂණ නාද එළිවෙනකම් ඇසුණා. අද එම පරිසරය නැතිවෙලා ගිහින්. හරිම දුකයි.

:       8       6

PA - RA Monday, 30 April 2018 05:50 AM

ආගම ධර්මය ට නිදහසක් නැත්නම් ඒ ආගම මොකටද ? එකනේ අපි දැන් පන්සලකට වත් ගොඩ නොවෙන්නේ, දැන් ඉතින් ලංකාවේ හොද තැනක් ඇතිවෙන ආගමකට පැන්න නම් හොදයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 106 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1124 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 319 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 168 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 104 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 781 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site