IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘රුපියල අඩු වුණාට ආර්ථිකය කඩා වැටෙන්න දෙන්නේ නෑ’

(නිමල කොඩිතුවක්කු)

         

රුපියල අවප‍්‍රමාණය වීමෙන් රටේ ආර්ථිකය  කඩා වැටී නොමැති බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, තමන් ඇතුළු පිරිස බලයේ සිටින තාක්  ආර්ථිකය  කඩා වැටීමට ඉඩ නොදෙන බවත්  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික ඔස්තාර්වරුන් කුමක් පැවසුව ද අර්බුද හා අභියෝග හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (9) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේද කීවේය.

‘‘ රුපියල අවප‍්‍රමාණය විමත් සමඟ සමස්ත  ශ්‍රී ලාංකීය ආර්ථිකය කඩා වැටෙන බවට ඒකාබද්ධ විපක්ෂය මේ රටේ යම් මතයක් ඇති කිරිමට උත්සාහ ගනිමින් සිටිනවා. ආර්ථිකය කඩා වැටෙනවා කියා මේ අය උදේ, දවල් රාත‍්‍රී මන්ත‍්‍ර ජප කරනවා.

ඔවුන්ගේ පාළන  සමයේ මේ රටේ සිදුවූ මහා ආර්ථික කඩා වැටීම පිළිබඳ ඊයේ පෙරේදා ඉපදුණු අත දරුවන් වගේ ඔවුන් අමතක කරලා තියෙනවා.

2015 ජනවාර 08 වැනි දා අපේ ආණ්ඩුව බාරගත්තේ රාජය මූල්‍ය ආර්ථික කාල බෝම්බයක්. අතීතය ගැන මම නම් කතා කරන්න අකමැතියි. ඒත් අතිතය  අමතක අත දරුවන් විශාල ප‍්‍රමානයක් පාර්ලිමේන්තුවේ සිටින නිසා මේ අයට ඒ අතීතය අපි මතක් කළ යුතුයි.

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (5)

‘රුපියල අඩු වුණාට ආර්ථිකය කඩා වැටෙන්න දෙන්නේ නෑ’

Sunil Tuesday, 09 October 2018 10:43 AM

බලයේ හිටිය කාලේදී තමයි ආර්ථිකය හොඳටම කඩා වැටුණේ?

:       10       216

Hafeel Tuesday, 09 October 2018 10:45 AM

අනේ බිම නං නිදාගන්න එපා. කූම්බියෝ මොලය කාවි. වටිනා මොලයක්.

:       9       269

de silva Tuesday, 09 October 2018 10:52 AM

බොරුවට එකේ එකේ කොළ පෙන්නුවට ප්‍රශ්නේ විසදෙන්නේ නැත........... ඩොලරයේ මිල ඉහළ යනවිට වැඩි වන ඉන්ධන මිල පාලනය කිරීමට ඉන්ධන වලට ගහන බද්ද අඩු කර එක බැලන්ස් කරන්න , නැතිනම් තෙල් මිල ඉහළ යනවිට සෑම භාණ්ඩයක්ම මිල ඉහළ යන නිසා, මධ්‍යම සහ පිඩිත පන්තියේ ආර්ථිකය කඩ වැටීම වැලක් විය නොහැක, ඔබතුමාලට නම් එක ප්‍රශ්නයක් නැත , මොකද පාර්ලිමේන්තුවේ දිනපතා තරු පහේ හෝටලයක මෙන් කෑම සකසන්නෙත් ඔබතුමාලගේ වී 8 වලට පැට්‍රොල් ගහන්නේත් ජනතා මුදලින් නිසා ,

:       1       208

Bamunuarachchi Tuesday, 09 October 2018 11:11 AM

රුපියල බාල්දු වුනාම ඔයාලාගෙ ආර්ථිකය කඩා වැටෙන්නේ නැතිවුනාට රටේ ජනතාවගේ ආර්ථිකය ජනතාවත් සමගම කඩා වැටිලා.

:       228       404

OMG Tuesday, 09 October 2018 12:30 PM

ප්‍රස්තාර වගු ලස්සනට පෙන්නුවාට වැඩක් නැහැ. අපේ අතේ සතයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 131 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1231 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 344 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 180 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 106 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 803 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site