IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


රුපියල පහළටම වැටෙයි

(හර්ෂණ තුෂාර සිල්වා)

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට අද (24) වාර්තා ගත අයුරින් පහළ ගියේය. 

ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 162.11ක් ලෙසත් ගැනුම් අගය 158.11ක් ලෙස සටහන් විය.

මේ අනුව එම අගය ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වාර්තා කළ පහළම අගය වූ අතර මේ සතියේදී රුපියල අඛණ්ඩව පහත වැටුණු සිව්වැනි අවස්ථාව විය. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.9 කින් අවප්‍රමාණය වී තිබේ.   

පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබෙන අතර මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය  163ත් 165ත් අතර අගයක් දක්වා ඉහළ යනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා මීට පෙර වාර්තා කර තිබිණි. 

පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
  
ඉන්දීය රුපියල අගෝස්තු 16 වැනිදා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පහළම අගය වාර්තා කළේය. කලාපයේ දුර්වලම කාර්යසාධනයක් පෙන්නුම් කරන මුදල් ඒකකය බවට පත්ව ඇත්තේ ඉන්දීය රුපියල යැයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේය. 

ගෝලීය වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙන බවත් ඊට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ මස මුලදී සඳහන් කළේය. අනෙක් රටවල මුදල් ඒකක අව ප්‍රමාණය වීමට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත්තේ අඩු වේගයකින් බව ද මහ බැංකුව සඳහන් කළේය.

මුදල් ඒකකය මිලදී ගැනීමේ අනුපාතය විකිණීමේ අනුපාතය
ඕස්ට්‍රේලියානු ඩොලර් 114.30 119.01
කැනේඩියානු ඩොලර්  120.64 124.95
චීන යුආන් 22.80 23.88
යුරෝ 182.34 188.53
ජපාන යෙන් 1.42 1.47
සිංගප්පූරු ඩොලර් 115.14 118.93
ස්ටාර්ලින් පවුම් 202.57 208.90
ස්විස් ප්‍රෑන්ක්  159.97 165.77
ඇමරිකානු ඩොලර් 158.92 162.12
 

 



අදහස් (12)

රුපියල පහළටම වැටෙයි

රජින්ද Friday, 24 August 2018 09:10 AM

2018 ජනවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් 1ක් වෙනිසියුලාවේ බොලිවාර් (මුදල් ඒකකය) 6ක් වුණේ. අද 2018 අගෝස්තු වෙනකොට ඇ.ඩො. 1ක් වෙනිසියුලානු බොලිවාර් 248520ක් වෙලා තියෙන බව කිසිවෙකු විශ්වාස නොකරනු ඇති. තම ආර්ථිකය පාතාලයටම හෙලීමට එරට දේශපාලුවන්ට ගියේ මාස 7ක් පමණි. ලොව විශාලතම තෙල් නිධි සහ දෙවැනියට විශාලතම තෙල් පිරිපහදුව ඇත්තේ වෙනිසියුලාවටයි. එතරම් දැවැන්ත ආර්ථිකයක් සහිත ලතින් ඇමෙරිකානු රටකට සිදු වූ දේ අපේ රටට එක දවසින් සිදුවිය හැක. මෙරට ආර්ථිකය මේ දේශපාලුවන්ට කනට දෙකක් ගසා හෝ වෙනස් නොකලොත් අපට වෙන්නෙත් මුහුදට පනින්නට පමණි. වහ වහා ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයකට අපේ රට නොගියොත් ලුණු වතුර බිබී ගස්වල පොතු කන්න සිදුවන දවස වැඩි ඈතක නොවන බව විශ්වාසයි.

:       8       426

RaveendraFriday, 24 August 2018 09:37 AM

රජින්ද මයා වෙත, ඔබ සඳහන් කල කරුණ නිවැරදියි. අපේ රටේ දේශපාලකයන්ගේ මූලික අභිප්‍රාය තමන්ගේ ගොඩ වැඩිකර ගැනීම සහ රට විනාශ කිරීමය. දැන් ඔය කියපු ලෝකේ ඉන්න ගොඩම උගතා, ආර්ථික ඔස්තාර් කතා නැත්තේ ඇයි? එසේ කියපු එක්කෙනෙක්වත් සොයා ගැනීමටවත් නැහැ නේද?

:       2       204

BamunuarachchiFriday, 24 August 2018 09:48 AM

මුළුරටම චීනෙට විකුණමු කියා අදහසක් යහපාලක හැතිකරයට දෙමු. රට ගොඩ ගැනීමේ ක්‍රමවේදයක් මේ එකෙක් ගාවවත් නැත. "අප්පමාදේන සම්පාදේත" අප්‍රමාදීව දරුවන් පිටරට යවන්න.

:       118       176

SanathFriday, 24 August 2018 10:22 AM

මේ විදියට රටක ආර්ථිකය ක්ෂණිකව බිඳවැටෙන්නේ ජාත්‍යන්තර සම්බාධක පැනෙව්වොත් විතරයි. මහින්ද රාජපක්ෂ රජය දිගටම පැවතුනේ නම් මේ වනවිට එම භයානක තත්වය උදාවීමට ඉඩ තිබුණා. වෙනිසියුලානු නායකයින් සමාජවාදයේ සරණින් ජනතාව මුලා කළාසේම මහින්දත් ජාතිවාදයේ සරණින් ජනතාව මුලාකළා. නමුත් ලංකාවේ ජනතාවගේ වාසනාවට 2015දී රටවැසියා ඥානවන්ත වුණා.

:       658       207

DiasFriday, 24 August 2018 10:49 AM

වෙනිසියුලාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුව නම් ලෝක වෙළෙඳපලේ තෙල් මිල අඩුවීම නිසා, ජාතික අාදායමින් 95% වත් තෙල් විකුණා ලැබෙන අදායම අඩුවීමයි. ස්වයංපෝෂණය හොඳ අදහසක්... එ්ත් කන්න දෙකකට නියඟය බලපෑවොත්, ස්වයංපෝෂණය දිගටම පවත්වාගෙන යන්නට අමාරුවෙනවා.

:       108       15

Asanka Friday, 24 August 2018 09:47 AM

රුපියලේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට අද වාර්තාගත අයුරින් පහළ ගියේය... කියන ප්‍රවෘත්තිය හැම සතියේම පළවෙන්නේ මොකද?

:       1       71

dineshaFriday, 24 August 2018 10:09 AM

ඇයි දන්නේ නැතිද? හැම සතියෙම රුපියල පහළ යනවා මිසක් ඉහළ ඒමක් වුනේම නෑ කියලා...

:       0       121

akila Friday, 24 August 2018 09:53 AM

මේ ආණ්ඩුව එන්න කලින් යූ.ඒ.ඊ. දිරාම් එකක් හැමදාම වගේ තිබ්බ රුපියලයේ අගය 35- 36 ත් අතර තිබ්බේ.. දැන් එ්ක 44ක් වෙලා.. එ්කත් ඇමරිකානු ඩොලරය හින්දා කියලද මේ ගොල්ලෝ කියන්නේ?

:       1       132

samanthaFriday, 24 August 2018 10:25 PM

ලෝකේ ⁣හැම මුදල් ඒකකයක්ම විනිමය අනුපාතය හදන්නේ යූ.එස්.ඩී. එකත් එක්ක.. ඒකයි යූ.එස්.ඩී. එක වැඩිවෙද්දී ඒ මුදල් ඒකකවලට රුපියලේ අගය වැඩි වෙන්නේ..

:       0       0

KANDEPOLA Friday, 24 August 2018 10:12 AM

අවුලක් නෑ. අගමැතිතුමා කියන විදියට ආර්ථිකය දියුණු වෙලා, උද්දමනය අඩු වෙලා, සංවර්දනය දොරේ ගිහිල්ලා, එ්ක පුද්ගල ආදායම ඉහළ ගිහිල්ලා, ආර්ථික වර්ධන වේගය අච්චරයි, මෙච්චරයි. හැබැයි රුපියල බාල්දු වෙනවා.

:       0       165

sam Friday, 24 August 2018 10:30 AM

මේ පුවත අවධාරණයෙන් කියවන්න . එහි කියවෙනවා ""පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබෙන අතර මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 163ත් 165ත් අතර අගයක් දක්වා ඉහළ යනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා මීට පෙර වාර්තා කර තිබිණි"" . මෙයින් කියැවෙන්නේ පවතින රජයේ බලය බිඳී යාමේ ප්‍රවනතාවයක් තිබීම නිසා රුපියල පහත වැටෙන බවයි . ඒ කියන්නේ ඉහත කී පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කල පක්ෂය ඉදිරියේදී රටේ බලය ලබා ගනීවි යන සැකය, රුපියල පහත වැටීමට හේතු වන බවයි .

:       255       85

Hafeel Friday, 24 August 2018 02:59 PM

රනිල්, රවී, කබීර්, ඉරාන්, හර්ෂ වගේ ආර්ථික ඔස්තාර්ලා ඉන්න එක්සත් ජාතික පක්ෂ රජයට ඩොලරය පාලනය කරන්න බැරි නං තව මොන කතාද?

:       0       91

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 177 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 983 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 224 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1668 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2069 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site