IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


රාමදාන් මාසයේදී රටවල් අටකට පහර දෙන්නැයි ඉල්ලයි

ඉස්ලාමීය බැතිමතුන්ගේ ශුද්ධ මාසය වන රාමදාන් මාසයේදී ඇමෙරිකාව, යුරෝපය, රුසියාව, ඕස්ට්‍රේලියාව, ඉරාකය, සිරියාව, ඉරානය සහ පිලිපීනය යන රටවලට ප්‍රහාර එල්ල කරන්නැයි අයි.එස් සංවිධානය ඔවුන්ගේ අනුගාමිකයන්ට පවසා ඇතැයි වාර්තා වේ.

අයි.එස් සංවිධානයේ ප්‍රකාශකයකුගේ හඬ යැයි කියැවෙන හඬපටයක් ඔස්සේ මෙසේ ඇමෙරිකාවට, යුරෝපයට සහ අනෙකුත් රටවලට ප්‍රහාර එල්ල කරන්නැයි ඉල්ලා ඇත.

මෙම පණිවිඩය දත්ත බවට හරවමින් අයි.එස් සංවිධානයේ නාලිකාවක් ඔස්සේ බෙදාහැර තිබෙන අතර හඬ පටය ඔස්සේ මෙම පණිවිඩය ලබා දී ඇත්තේ  අයි.එස් සංවිධානයේ නිල ප්‍රකාශක අබි අල් හසන් අල් මුජහීර් යැයි ද පැවසේ.

කෙසේ නමුත් හඬ පටය කාගේද යන්න හෝ ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් වාර්තා නොවීය. එහෙත් එම හඬ මීට පෙර අබි අල් හසන් අල් මුජහීර්ගේ හඬින් නිකුත් කළ හඬ පටයක් හා සමාන බව වාර්තා වෙයි.

(රොයිටර් ඇසුරිනි 055)



අදහස් (10)

රාමදාන් මාසයේදී රටවල් අටකට පහර දෙන්නැයි ඉල්ලයි

tony-maharagama Wednesday, 14 June 2017 08:29 AM

ඔය රටවල් අතරින්..., ලෝකේ ලොකුම ත්‍රස්තවාදියෙකු වන ඊශ්‍රායලය නැහැ නේද..? ඔතන තමයි රහස තියෙන්නේ. ඔය අයි.සී.එස්. ත්‍රස්තයින් බිහි කරලා පෝෂණය කරන්නෙත් ඊශ්‍රාලයම තමා. ලෝකවාසීන් තුළ මුස්ලිම්වරුන් කෙරෙහි බියක්, පිළිකුලක් ඇතිකිරීම සහ ඊශ්‍රාලයට විරුද්ධවන රටවල් පාලනය කිරීමත් ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතර වෙනවා. ඉස්ලාමීය ඉගැන්වීම්වලට පටහැනි වගේම ඉතාමත් ම්ලේච්ඡ ක්‍රියාවන් වල යෙදෙන අයි.සී.එස්. ලා කොහෙත්ම මුස්ලිම්වරුන් නෙමෙයි.

:       2311       1396

kumar (galf)Wednesday, 14 June 2017 10:32 AM

අග මුල වැරදිලා නේද? හොඳ නරකට පෙනෙන්නයි.... නරක හොඳට පෙනෙන්නයි... වගේ නේද?

:       70       183

rohan Wednesday, 14 June 2017 10:45 AM

ඔයා කොහොමද හරියටම එහෙම කියන්නේ ඊශ්‍රායලය පමණද තව රටවල් කියක් මේකේ නැද්ද? එහැම රටකම ඉන්නේ ත්‍රස්තවාදියෝද?

:       107       142

Imran DubaiThursday, 15 June 2017 06:31 AM

හරියට හරි, මුස්ලිම්වරුන්ට මෙතරම් හානියක් කල ඊස්රායලයට විරුද්ධව කිසිම ප්‍රහාරයක් හෝ ප්‍රකාශයක් මේ කණඩායම කරන්නේ නෑ. මොවුන්ව සිරියාවට එරෙහිව පෝෂණය කලේ ඇමෙරිකාව. ඉස්ලාම් ආගම කෙරෙහි වෛරයක් ඇතිකරවීම මොවුන්ගේ එක් පරමාර්ථයක්. මේ ත්‍රස්තයන් ඉස්ලාම් කියා කිව්වට ඔවුන් ගේ ක්‍රියාව ඊට හාත්පසින් වෙනස්.

:       0       3

kumar (galf) Wednesday, 14 June 2017 10:33 AM

ටෝනි මහත්තයෝ..., ඔබතුමා ඉස්ලාම් වල "අ" යන්න වත් දන්නේ නෑ නේද?

:       39       194

mangala Wednesday, 14 June 2017 11:25 AM

ඊශ්‍රායලය මේ තස්තවාදීන්ට කිරි පොවන්නේ නැහැ. එ්කයි වෙනස. එ්ක නිසා ඒ අය බයයි ගහන්න.

:       161       173

namal Wednesday, 14 June 2017 01:32 PM

ටෝනි..., අන්තවාදී ඉස්ලාමය හා අයි.එස් සංවිධානය අතර සම්බන්ධයක් නෑ කීම හිනායන කාරණයක්.. ඊශ්‍රායලයට ගහන්නේ නැත්තේ.., එච්චර බලවත් ආරක්ෂක විධාන තියෙන රටකට ගහන්න බැරි නිසයි.

:       173       302

arschfikaa Wednesday, 14 June 2017 02:41 PM

ඒ කාලේ බින් ලාඩන්ට විරුද්ධව යුද්ධ කරද්දී කිසිම යුදෙව්වෙක් එම බිල්ඩිමේ හිටියේ නැහැ..

:       1       2

Mohamed GM Thursday, 15 June 2017 10:58 AM

රාමසාන් මාසයේ යුද්ධ කිරීම ඉස්ලාම් අනුමත කරන්නේ නැ. 'tony-මහරගම' මහත්මයා ඉස්ලාම් දන්නේ නැතිව ඇති නමුත් ලෝකයේ සිදුවෙන දේශපාලනය හොදට තේරුම් අරගෙන තිබෙනවා. ඊශ්‍රායලය ගැන නිකම් හරි මේ ත්‍රස්තවාදීන් කතා කරන්නේ නැනේ... හොදට බලන්න ත්‍රස්තවාදීන් අතින් විනාශ වෙන්නේ ඉස්ලාමිකන් විතරයි. තේරුම් ගන්න බැරි අය තව තවත් ලෝකේ ගැන ආවදනයෙන් බලන්න. සත්‍ය තේරුම් ගන්න පුළුවන් වෙයි.

:       33       118

IMRAN Saturday, 17 June 2017 09:03 AM

ඕකි කියනවා වගේ I .S .I .S ඉස්රිලයට ගහන්නේ නැත්තම් මොකද ඉස්රිලයත් I .S .I .S ලට ගහන්නේ නැත්තේ ... පොඩ්ඩක් හිතන්න.... මොකටද මුස්ලිම් රටවල් වලටම ඉලක්ක කරන්නේ කියල .....

:       6       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කෙන්යා නියෝජ්‍ය ජනාධිපති රෝහලේ සිටිද්දී ධුරයෙන් නෙරපයි
2024 ඔක්තෝබර් මස 18 8 0

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, කෙන්යා නියෝජ්‍ය ජනාධිපති රිගාති ගචගුවා ධුරයෙන් නෙරපා දැමුණි. ඒ, එරට සෙනෙට් මණ්ඩලය, ගචගුවාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදි


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 3558 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 2174 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


හසීනා අත්අඩංගුවට ගන්න වරෙන්තු
2024 ඔක්තෝබර් මස 18 804 0

ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ


ලියෑම් පේන් දිවියෙන් සමුගනී
2024 ඔක්තෝබර් මස 17 2825 0

බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්


ඊශ්‍රායල ලෙබනන් යුද ගැටුම: දරුවෝ ලක්ෂ 4 ක් අවතැන්
2024 ඔක්තෝබර් මස 16 126 0

ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 625 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1555 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site