IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රියැදුරු - සහායක මත ගැටුමෙන් පැය 3 ක දුම්රිය වර්ජනයක්

(මහින්ද නිශ්ශංක)

 දුම්රිය රියදුරකු සහ රියදුරු සහායකවරයකු අතර ඇතිවූ මත ගැටුමක් දුරදිග යාමෙන් රියදුරු සහායකවරයා සමග වැඩ කිරීම ප්‍රතික්ෂේප කරමින් මරදාන දුම්රිය විදුලිබල ධාවනාගාරයේ ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ රියදුරෝ අද(12) පස්වරුවේ පැය තුනක පමණ කාලයක් වැඩ වර්ජනයේ යෙදුණහ.

ඉකුත් 8වැනිදා රියදුරු පුහුණුවන අයකු සම්බන්ධව රියදුරු හා රියදුරු සහායකයා අතර මත ගැටුමක් හටගෙන ඇති අතර රියදුරු සහායකවරයා සමග රාජකාරී කළ නොහැකි බව දුම්රිය රියදුරන් බලධාරීන්ට දැනුම් දී තිබේ. පසුව බලධාරීන් රියදුරු සහායකවරයා ධාවනාගාරය තුළ සේවයට යොදවා ඇති අතර නැවත ඔහු විවෘත මාර්ගයේ රියදුරන් සමග රාජකාරියේ යෙදවීම වර්ජනයට හේතුවූ බව ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

වර්ජනය සිදුකළ කාලයේ රඹුක්කන හා අලුත්ගම දෙසට ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය දෙකක් අවලංගු වූ අතර දුම්රිය කිහිපයක් පැයක පමණ කාලයක් ප්‍රමාදවූ බවද වාර්තා වේ.

 



අදහස් (6)

රියැදුරු - සහායක මත ගැටුමෙන් පැය 3 ක දුම්රිය වර්ජනයක්

කුමාර් (ගල්ෆ්) Friday, 12 January 2018 11:12 AM

විනයක් නැති රටක්, විනය ක්‍රියාත්මක කරන්න ගියාම වෘත්තීය සංගම් හා දේශපාලකයන්ගේ බලපෑම්, කවදාද මේ රට සිංගප්පූරුව වගේ විනයක් ඇතිව ඉදිරියට යන්නේ?

:       0       1048

Randeni Naththandiya Friday, 12 January 2018 12:14 PM

මේ රටේ විනය තකන්නේ නෑ. පඩිය තකාමයි වැඩකරන්නේ... ඒ නිසා කලබල වෙන්න දෙයක් නෑ.

:       0       68

ඩී. ජයදේව Friday, 12 January 2018 01:09 PM

දැන් දුම්රිය සහායක රියදුරන්ගේ සංගම් තමන්ගේ සාමාජිකයා විවෘත මාර්ගයේ දුම්රිය ධාවනයට යොදවන්න කියලා වර්ජනය කලොත් බලධාරීන් මොකෝ කරන්නේ?

:       0       96

පහන් Friday, 12 January 2018 01:20 PM

පලවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය "ඔහෙන් තියන්න" කියල කිව්වලු. බැලින්නම් පියන් නිවේදකයාට තේ එක ගෙනල්ලලු .

:       0       71

ඩොනල්ඩ් Saturday, 13 January 2018 06:19 AM

මට හිතාගන්න බෑ මේ ආණ්ඩුවේ තැන් වල වැඩ කෙරෙන්නේ කොහොමද කියලා. රට නොදියුණු වෙන එක පුදුමයක්යැ. කෝච්චියේ ඩ්‍රයිවර්ලයි සහායකයොයි තරහයි. ඒ ඔක්කොම ගාඩ්ලා එක්ක තරහයි. මේ තුන් ගොල්ලම ස්ටේෂන් මාස්ටර්ලා එක්ක ඔරොප්පුයි. දොස්තරලයි, නර්ස්ලයි වලි. ඒ දෙගොල්ලොම ඇටෙන්ඩන්ලා එක්ක වලි. කන්තෝරුවල අර ශ්‍රේණියේ මේ ශ්‍රේණියේ අය අතර වලි. ෆින්ගර් ප්‍රින්ට් රීඩර් ගේනවට කැමති නෑ. කම්පියුටර් සිස්ටම් වලට කැමති නෑ. අනේ කාලේ වනේ වාසේ

:       0       17

wasantha Saturday, 13 January 2018 11:32 AM

මේ අයව අයින් කරලා 50%ක්ම රියදුරන් පිටරටින් ගෙන එමු.

:       0       82

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 135 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 630 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 178 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 187 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 734 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 244 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site