IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රුහුණ සරසවියේ තාක්ෂණ පීඨය වහයි

ක්‍රිෂාන් ජීවක ජයරැක්
 
නේවාසිකාගාර නීතී රීති කඩ කිරීම නිසා සරසවි සිසුවියන් සිව් දෙනෙකුගේ දෙමාපියන් විශ්ව විද්‍යාලයට කැඳවීමට ගනු ලැබු තීරණයට විරෝධය පලකරමින් එම  සිසුන් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය අද (07) සිට දින නියමයකින් තොරව  වසා දැමීමට කටයුතු කටයුතු කළ බව එහි උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා පැවසීය.

 
ඒ අනුව තාක්ෂණ පීඨයේ සිසුන්ට විශ්ව විද්‍යාලයෙන් හා නේවාසිකාගාර වලින් ඉවත්ව යන ලෙසට දැනුම් දී තිබූ අතර යලි එම පීඨය විවෘතකරන තෙක් ඔවුන්ට විශ්ව විද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට පත් කරතිබුණි.
 
ඒ පිලිබඳව අදහස් දැක්වු රුහුණවි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති බන්දුල දර්ශන සිසුවා මෙසේ කීය.
 
“තවත් සිසුවියන් පිරිසකගේ කාමරයකට ගිහින් කතා කලා කියලා අභූත චෝදනා නගමින් විශ්ව විද්‍යාලපාලන අධිකාරිය ඒ සිසුවියන්ගේ දෙමාපියන් විශ්ව විද්‍යාලයටකැඳවා සමාව ගන්නා ලෙසට ඔවුන්ට දැනුම් දී තිබෙනවා. එය නොකළ නිසා ඔවුන්ට විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව යන ලෙසටත් දැනුම් දී තිබෙනවා. ඒ සිසුවියන් සිව් දෙනාම අවුරුදු දහ අටට වැඩි අය. ඔවුන්ට සෘජු තීරණ ගන්න පුලුවන් වයසක ඉන්නේ. ඒ නිසා දෙමාපියන් කැඳවීම අවශ්‍ය නැහැ. 
 
අනෙත් එක දෙමාපියන් ඒකට අදාලත් නැහැ. මහා ශිෂ්‍ය සංගමය ලෙස අපි ඒකට විරුද්ධයි.‘‘



අදහස් (4)

රුහුණ සරසවියේ තාක්ෂණ පීඨය වහයි

Raveendra Thursday, 07 June 2018 02:30 PM

අප විශ්වාස කරනවා මේ විශ්ව විද්‍යාලයන්හි පාලන අධිකාරියේ ඉන්නේ කිසිදු ඉගෙනුමක් ,දැනුමක්, අධ්‍යාපන සුදුසුකම් නැති නුගත් පිරිසක් හැටියට. මේවගේ දැනුමෙන් ඉහලම දරුවන් ඉගෙන ගන්න "විශ්වයේ දැනුම" ලබන ස්ථානවලට මොකටද මේ දරුවන්ගේ දෙමාපියන් කැදවන්නේ නැද්ද? තවද දෙමවුපියන් හට කිසිදු අයිතියක් හෝ අයිතිවාසිකමක් නැහැ මෙම උගත් දරුවන් ගැන සොයා බැලීමට, මොකද අවුරුදු 18 වැඩි නිසා ඕනෑම සෘජු තීරණ ගන්න පුලුවන් වයසක ඉන්නේ. මොකද අවුරුදු 18 වෙනකම්ම මේ ළමයි හැදුනේ වැඩුනේ තනියම, තනිකම් දෝෂ සහිතවනේ. අනිත් වැදගත්ම කරුණු නම් මේ දරුවන් සැමවිටම, සෑම අවස්ථාවකම ඉතාමත්ම නිවැරදි දරුවන් කොට්ටාශයකි. අනිත් සියලුම ආචාර්ය , මහාචාර්ය මහත්ම, මහත්මියන් සියල්ලෝම නිතරම වැරදි තීරණ ගන්නා සහ වැරදි උපදෙස් මෙම දරුවන්ට දෙන අය බැවින් ඒ සියල්ලෝම නෙරපා දමා මේ දරුවන් එම තනතුරු වලට පත්කිරීම වඩාත් වැඩදායි වන්නේ යන්න අපගේ හැගීමය.

:       0       17

ජයරත්න Thursday, 07 June 2018 02:34 PM

ඍජු තීරණ ගන්න පුලුවන්නම් දෙමව්පියන්ටයි අපිටයි වද නොදී පාට් ටයිම් රස්සාවක් කරගෙන ඉගෙන ගන්න. වියදම් කරන්නේ දෙමව්පියන් සහ රජය නම් ඒ අයගේ උපදෙස් පිළිපදින්න.

:       0       12

pakeer Thursday, 07 June 2018 02:50 PM

අනේ ඔයාලගේ සෘජු තීරණ. මහා ජනතාවගේ සල්ලි වලින් නිකන් දෙන අධ්‍යාපනේ කරන්නේ නැති අය

:       0       17

Lasith Thursday, 07 June 2018 08:19 PM

අවුරුදු දහඅටට වැඩි නම් ඔක්කොම දේවල් තනියෙන් කරන්න අයිතිය තිබේ නම් අනෙක් දේවල් වලටත් ඔය නීතිය වලංගුයි. මොකටද අපි බදු ගෙවමින් මේගොල්ලන්ගේ උසස් අධ්‍යාපනයට උදව් කරන්නේ. තනියම ඒ ටික කර ගන්න බැරිද ? අර දියුණු රටවල සිසුන් වගේ. අධ්‍යාපන ආයතනයක් වුනාම යම් විනය නීති රීති තිබෙන බව නොදන්නා උගතුන්ද මේ ? කාමරයට ගිහිල්ලා තිබෙන්නේ ඇත්තටම තවත් සිසුවියන්ද ? මගේ ලේලියක් මෙල්බෝන් නුවර සරසවි නේවාසිකාගාරයේ සිට ඉගෙනුම ලබනවා. ඒ ළමයින්ටත් නොයෙක් නීති රීති තිබෙනවා. දහඅටයි අපි ලොකුයි කියලා හිතෙනවා නම් තමන්ගේ ගෙදර ඉඳන් සරසවි එන ගමන්, ඕන විදියට ඉන්න පුළුවන්. නේවාසිකාගාර පිළිවෙලකට ඉගෙන ගන්න වෙනත් සිසුවියන්ට දීලා.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 3 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 157 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 103 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 145 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 444 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 662 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 772 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site