IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ලංකාදීප පුවත පළ දරයි - අසරණ පවුලට සෙවණ සැදෙයි

(චමිල් රුපසිංහ)

“දරුවන් පහක කුසගිනි නිවන පංසලේ දානය“ මැයෙන් “ලංකාදීප වෙබ් පිටුවේ “ පුවත පළ දරමින් එම අසරණ පවුල වෙසෙන නිවසේ වහලය සම්පුර්ණයෙන් සාදා නිම කිරීමට ඕස්ට්‍රේලියාවේ පදිංචි අතිල් ගුණසේකර මහතා පියවර ගත්තේය.

ඔහුගේ ධන පරිත්‍යාගයෙන් ඔහුගේ මෙරට සිටින මිතුරකු වන නිශාන්ත සෙන්දනායක මහත්මා  ඇතුළු පිරිස පැමිණ නිවසේ කැඩි තෙමෙමින් තිබු වහලය ගලවා සිට් තහඩු සෙවිලි කර අද(5) සම්පුර්ණයෙන්ම පිළිසකර කර අවසන් කෙරිණි.

අංක 220/2 දිග්ගල වත්ත, හපුගහයටතැන්න, දවුලගල, හන්දෙස්ස පදිංචි ශාමා ගීතාංජලි දරුවන් 5 දෙනකුගේ මවක් වන අතර ඇගේ නිවස එසේ සකස් කර දුන් අතර මෙම පුවත ජනතාව අතරට ගෙන ගිය “ ලංකාදීප “ වෙබ් පිටුවට හා අද පුවත්පතට ද දෙයියන්නෙවල පියරතන නායක හිමියෝ ප්‍රශසා කළහ. මේ අතර නිවස වහලය සකසා පිළිසකර කර දුන්නත් නිවසේ අලුත්වැඩියා කටයුතු බොහෝමයක් ඇති බවත් එම දරුවන්ගේ මවගේ අසනීපය හා දරුවන්ගේ අධ්‍යාපනය සදහා ස්ථිර විසදුමක් ලබා ගැනිම ඉදිරි කටයුත්තක් බවද පියරතන හිමියෝ පැවැසුහ.

 

 

 

 

 

 

 

 



අදහස් (10)

ලංකාදීප පුවත පළ දරයි - අසරණ පවුලට සෙවණ සැදෙයි

Raveendra Thursday, 05 October 2017 04:45 PM

ඉතාම හොද සත් ක්‍රියාවක් මෙම මහගු දානමය පිංකමට සහභාගිවු සියල්ලෝටම අපගේ හදපිරි ස්තුතිය පිරිනමන්නෙමු. තවද ලංකාදීප පුවත්පත මේ සදහා උදවුවීම පිලිබදවත් ස්තුතිවන්ත වන්නෙමු.

:       1       365

mahee Thursday, 05 October 2017 07:00 PM

සාදු සාදු! මෙන්න මිනිස්සු

:       1       164

anura Friday, 06 October 2017 02:47 AM

ඔබ අප සැම මිනිසුන් වන දිනය ලංකාදීපය තුලින්

:       0       24

l b a wasantha Friday, 06 October 2017 03:58 AM

සිංහල ජාතිය නැතිවෙනවා කියා රුපවාහිනී ඉස්සරහ විලාප දෙන මහා නායක උත්තමයන්ට සිහල රාවයේ බොදු බල සේනාවේ උත්තමයන්ට මේවා පෙනේනේ නැත්තේ මොකෝ..............

:       0       114

සරත් Friday, 06 October 2017 05:10 AM

ඉතාම හොද සත් ක්‍රියාවක්....ගමේම මිනිස්සු එකට තියාගත්ත පාලම තමයි පන්සල.ලෝකේ මෙහෙම සංස්කෘතියක් එතරම් බහුල නැහැ .....පන්සල වටා ඉදිවුණු වැවු,වෙහෙර, විහාර, පොත් පත් ,වෙදහෙද කම් සහ අනෙකුත් කලාකෘතීන් ගෙන් පෙනෙනවා පන්සලෙන් මිනිස්සුන්ට ලැබුණු දායකත්වය .පිරිසක් ඉන්නවා පන්සලයි ,ගමයි අතර තියෙන සබැඳියාව නැති කරන්න .හාමුදුරුවන්ටත් පින් !

:       0       120

indika Friday, 06 October 2017 05:17 AM

මේ සදහා දායක වූ සැමට,තෙරුවණ් සරණ වේවා!!!! යහපත් දේ සැමදා පවතී අප සිත් තුළ.

:       0       61

manjula Friday, 06 October 2017 06:07 AM

මේ පන්සලකින් බලාපොරොත්තු වෙන්න පුලුවන් දෙයක් උනාට..... මේවා මල් වත්ත හා අස්ගිරි හිමිවරුන්ට පෙන්නේ නැහැ......

:       0       133

maalaka Friday, 06 October 2017 06:24 AM

පිටරට පදිංචි ශ්‍රී ලාංකිකයන්ට පලු යන්ඩ බනින අය මොනවා කියයිද ?

:       24       126

Gune Friday, 06 October 2017 08:18 AM

මෙන්න මහා සංඝ රත්නය!

:       0       120

arschfikaa Saturday, 07 October 2017 11:01 AM

වසන්ත, මේ ඔක්කොම මේවගේ වැඩ කරන්නේ තමන්ටත් ගානක් ලැබුණොත් විතරකි. මේකෙන් කිසිදෙයක් නොලැබෙන නිසා, දැක්කත් නොදැක්කා වගේ ඔහේ ඉඳීවි...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 400 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 140 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 152 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 597 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 200 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 635 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site