IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ලංකාවේ ප්‍රථම‘ ස්මාර්ට් ධීවර වරායේ‘ වැඩ අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට්  ධීවර  වරාය ලෙස කලමැටිය  ධීවර වරාය සංවර්ධනය කිරීමට  ධීවර අමාත්‍යංශය මගින් පියවර ගෙන තිබේ.

නිල් ආර්ථිකය වැඩපිලිවෙළ යටතේ  මෙම  කොරියානු ආධාර මත මෙම  වරාය සංකල්පය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහි  කටයුතු වෙනුවෙන් ධීවර කටයුතු  රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා  කොරියානු නියෝජිත කණ්ඩායමක් සමඟ කලමැටිය ධිවර වරායේ නිරීක්‍ෂණ චාරිකාවකටද  එක්විය . 

එහිදී   ධිවර වරායේ ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය සම්පුර්ණ ජලය මුහුදු පතුලෙන් ලබාගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අධ්‍යනයක නිරත වූ අතර මෙම අවස්ථාවට එක්ව  සිටි කොරියානු නියෝජිත කණ්ඩායම සඳහන් කළේ  පරිසරය රැකගනිමින් මුහුදු පතුලේ සිට අඩි 150 වඩා යට සිට පිරිසිදු පානිය ජලය ලබාගැනීම මගින් ධිවර වරායේ කටයුතු සදහා පමණක් නොව අවට ගම්මාන සදහාද පානිය ජලය ලබාදීමේ හැකියාව පවතින බවයි. එතුළින්  කලමැටිය ප්‍රදේශයේ පවතින උග්‍ර පානිය ජල ගැටළුවට මෙය  තිරසර විසදුමක්  ලබා දීමටද හැකියාව පවති.

සුර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබදව සොයාබැලූ අතර එමගින් නිපදන විදුලියෙන් කලමැටිය ධිවර වරායේ සියළු විදුලිය අවශ්‍යතා සපුරා අතිරික්ත විදුලිය ජාතික පද්ධතියට ලබාදීමේ හැකියාව පවතින බවත් එමගින් ජාතික විදුලිය අවශ්‍යතාව වෙනුවෙන් දායක වීමට ද මෙම  සංකල්පය යටතේ හැකියාව ලැබෙන බවත් අමාත්‍යංශය පවසයි.

එසේම ධිවර වරාය ආවරණය වන පරිදි ආරක්‍ෂක කැමරා පද්ධතියක් සවිකර එමගින් ධිවර වරාය උපයෝගී කරගනිමින් සිදුකරන විවිධ ජාවාරම් මැඩ පැවැත්වීමට සේම ධිවර වරායේ සියළු කටයුතු , ධිවර බෝට්ටුවල ක්‍රියාකාරීත්වය , බෝට්ටුවේ ගමන් ගන්නා අය , බෝට්ටුවට පටවන දෑ  ඇතුළු සියළු කටයුතු අධීක්‍ෂණය කිරීමේ හැකියාව පවති.

ධිවර වරායක කටයුතු වෙනුවෙන් විශාල විදුලියක් සේම විශාල ජල ප්‍රමාණායක් දිනපතා අවශ්‍ය බවත්  නව වැඩපිළිවෙල යටතේ එම ජලය සහ විදුලිය වෙනුවෙන් වැයකිරීමට සිදුවන විශාල මුදලක් ඉතිරි කරගැනීමේ හැකියාව ලැබේ. 

 
එසේම ධිවර යාත්‍රා යොදාගනිමින් සිදුවන විවිධ නීති විරෝධී කටයුතු පාලනය කිරීමට  මෙම නව වැඩපිළිවෙල මගින් හැකියාව ලැබෙන අතර මෙම වැඩපිළිවෙලේ නියමු ව්‍යාපෘතිය කලමැටිය ධිවර වරායේ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එහි සාර්ථකත්වය අනුව ලංකාවේ සෙසු ධිවර වරායන් 22 සදහා ද මෙම ස්මාර්ටි ධිවර වරාය සංකල්පය ක්‍රියාත්ම කිරීමට නියමිතය.

(36698)



අදහස් (15)

ලංකාවේ ප්‍රථම‘ ස්මාර්ට් ධීවර වරායේ‘ වැඩ අරඹයි

Bamunuarachchi Monday, 18 February 2019 07:11 AM

අර සරමක් ඇඳගෙන ඉන්නේ කවුද? මේකත් අර වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව වගේ එකක්ද?

:       101       60

Bamunuarachchi Monday, 18 February 2019 07:15 AM

කසිප්පු පොළට යන ඇඳුමෙන්ම මෙතනටත් ඇවිත්... සිංහලයා අමුඩෙත් අඳිනවා. නමුත් ඒ කුඹුරේ වැඩට පමණයි. වෙනත් එකතුවීමකදී අමුඩයෙන් එන්නේ නැත.

:       88       12

vernon Monday, 18 February 2019 08:17 AM

කසිප්පු පොළට ගිහින් ගල් බමුණ ගහපු උන්දෑ... කෙනෙක් හිතන් ඉන්නේ සරම අඳින්නේ එහේ යන්න කියලා. සමහර විට ඔය බමුණාට සරම අමතක වෙලාද දන්නෙත් නෑ...

:       26       44

BamunuarachchiMonday, 18 February 2019 08:59 AM

තැනට සුදුසු ඇඳුම, ඇඳුමේ පාට, ඇඳුම අඳින ආකාරය, තෝරා ගන්න බැරි එකා තාමත් ගල් යුගයට අයිති එකෙකි. ඒ ගැන නොදැන කතා කරන්නේද ගල් වැද්දෙකි.

:       31       11

BamunuarachchiMonday, 18 February 2019 04:10 PM

මට ආව පළමු හැඟීම තමයි කවද මේ රස්තියාදු කාරයා කියන එක...

:       0       0

BamunuarachchiMonday, 18 February 2019 09:12 AM

මම මොහු කව්ද කියාවත් දන්නේ නැත... කෙසේවෙතත් මොහුගේ පළවෙනි "ඉම්ප්රේෂන්" එකම මහ බාල එකකි. සරම හෙවත් අන්‍ය ජාතින් ලුන්ගිය කියා හඳුන්වන ඔය ඇඳුමත් දකුණු ඉන්දියානුවන් හෝ ආසියානුවන්ගෙන් ලැබුන එකක් බව හිතාගන්න. අනුන්ගේ ඇඳුමක් තමන්ගේ එකක් හැටියට හිතාගෙන පම්පෝරි ගහන්න එපා හලෝ..

:       56       0

vernonMonday, 18 February 2019 10:07 AM

එසේ නම් අනිවාර්යයෙන්ම බමුණා ඇඳ සිටින්නේ උපන් ඇඳුම වියයුතුයි.

:       0       7

ranilMonday, 18 February 2019 11:23 AM

bamuna හැමදේම වැරදියට දකින කුහකයෙකි. මිනිස්සු මනින්නේ ඇඳුමෙන් නම්, මට හිතා ගත හැකියි ඔබගේ මොලේ තරම... කුජීත පුද්ගලයෙක්.. අපාය වේටින්...

:       0       4

BamunuarachchiMonday, 18 February 2019 03:59 PM

රනිල් මිනිස්සු මනින්නේ ඇඳුමෙන් නොවෙයි නම්..., අැයි ඔබ සම්මුඛ පරීක්ෂණයකට යන කාගෙන් ඉල්ලගෙන හරි ටයි එකක් දාලා කලිසමක්, ෂර්ට් එකක් අන්දලා යන්නේ සරමක් අන්දලා ලේන්සුව කරේ දාගෙන නොයා... මම හිතනවා පිළිතුරු දේවී කියලා. අනික කුහකයා කියන වචනේ තේරුම දන්නවාද? ඉතුරු හරිය පසුව ලියන්නම්

:       0       3

maraya Monday, 18 February 2019 09:01 AM

සරමක් ඇන්දත්, කලිසමක් ඇන්දත් වැඩේ වෙනවා නම් එච්චරයි. කොර්ට් අඳින, ටයි දාන ලොකු හොරු ඉන්න රටේ... දිලිප් කියන්නේ ධීවර ජනයා එක්කම ඉන්න කෙනෙක්... වැඩේ දන්නා කෙනෙක්...

:       1       42

BamunuarachchiMonday, 18 February 2019 04:05 PM

අන්න හරි "දිලිප් කියන්නේ ධීවරයින් සමග සිටින කෙනෙක්" එ්ක දැනගැනීම හොඳටම ප්‍රමාණවත්. ඒ කතාවේ බොහෝදේ ගැබ්වෙලා තිබෙනවා.

:       0       0

samira Monday, 18 February 2019 09:29 AM

අනේ අපේ රටේ ජනතාව... වරාය හදන එක පැත්තක එතන ඉන්න මිනිහගේ සරමේ එල්ලිලා..

:       0       53

Amila Monday, 18 February 2019 11:46 AM

ඉතා හොඳ දෙයක්... මේවා තමයි වෙන්න ඕනෑ. සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන ක්‍රම පුළුවන් හැම තැනම ඇති කරනවා නම් රජයේ වියදම් වුනත් ක්‍රමයෙන් අඩු කරගන්න පුළුවන්...

:       0       1

sandy123 Monday, 18 February 2019 01:28 PM

මාළුවා නහින්නෙත් කට හින්දලු...

:       0       0

Bamunuarachchi Tuesday, 19 February 2019 03:20 AM

ඔන්න ඔය සමාජ හේතුව නිසා තමයි දරුවන්ගේ විවාහ කටයුත්තකදී අදාළ පවුල ධීවරයින් සමග සිටින කෙනෙක්ද? ගොවිජනතාව සමග සිටින කෙනෙක්ද? විශ්මකර්මයින් සමග සිටින්නෙක්ද කියා සොයා බලන්නේ. තේරුනාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 606 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 494 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1724 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site