(තරිඳු ජයවර්ධන)
අනුරාධපුර ස්වර්ණාභරණ සාප්පුවක රුපියල් ලක්ෂ 32කට ආසන්න රන්බඩු සහ මුදල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරී එච් සමුද්‍රජීව මහතාගෙන් අද (24) පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීමක් අනුව සමුද්‍රජීව මහතා අද (24) උදේ 10ට පමණ එහි සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටි අතර අද පස්වරු 3.00 පමණ වන තෙක් ඒ මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනුරාධපුරයේ සිදුවීයැයි කියන මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධි තුනක් ගැන පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය කර ගත් තොරතුරු අනුව සහ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව මෙම ප්‍රශ්න කිරීම සිදු කළ බව දැනගන්නට තිබේ.
2017 වසරේදී සිදුවිණැයි කියන මෙම මුදල් හා රන් භාණ්ඩ පැහැර ගැනීම සිදුවූ අවස්ථාවේ පොලිස් අධිකාරීවරයා එම ස්ථානයේ සිටි බව සැකකරුවන් ප්‍රකාශ කළ බවත්, ඒ අනුව පොලිස් අධිකාරීවරයා ගෙන්වා ඒ ගැන ප්‍රශ්න කළ බවත්, මෙම අපරාධය සම්බන්ධයෙන් තමා කිසිත් නොදන්නා බව පොලිස් අධිකාරීවරයා පැවසූ බවත් රහස් පොලිස් ආරංචි මාර්ග කියයි. අපරාධය සිදුවන අවස්ථාවේ තමා එම ස්ථානයේ සිටියේයැයි කියන කතාව අසත්‍ය බව ද පොලිස් අධිකාරීවරයා කියා තිබේ.
පොලිස් අධිකාරී සමුද්‍රජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සේවය කර තිබේ. පාතල මර්දනය සම්බන්ධයෙන් කාලයකට පෙර නමක් දිනාගෙන සිටි ඒ මහතා 2017 වසරේ දී බස්නාහිර පළාතේ රාජකාරි කරමින් සිටියේය.
ස්වර්ණාභරන වෙළෙඳසලේ දොරගුලු හා සේප්පු කපා මුදල් පැහැර ගැනීම සිදුවී ඇති බවත්, මේ හා සමාන කොල්ලකෑන් කිහිපයක් ගැනම තොරතුරු අනාවරණය වෙමින් බවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් තවත් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගැනී නියමිත බව පොලිසිය කියයි.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ලක්ෂ 32ක රන් බඩු සොරකම ගැන පොලිස් අධිකාරීගෙන් ප්‍රශ්න කරයි
raawana Friday, 24 August 2018 04:30 PM
එතකොට "හිතුමතේ ජීවිතේ"නැවත අත්අඩංගුවට ගත්තෙත් රන් හොරකම් කරපු චෝදනාවකට නේද? ඒ දඬුවම මෙයාට අකැපද? තෝරුන්ට එක නීතියක්. කූනිස්සන්ට තව නීතියක් ....
prabha Saturday, 25 August 2018 12:34 AM
රාවන මූණු පොත නීති පොත කරගන්න එපා
janatha anura Sunday, 26 August 2018 05:38 AM
හිතුමතේගේ නැගණිය දූෂණය කර මරා දැමීමට වගකිව යුතු කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. ඇසින් දුටු සාක්ෂි වසන්කොට අහිංසක දැරිවිය දූෂණය කර මරා දැමීමට වගකිවයුතු කිසිවෙක් මෙතෙක් අල්ලාගැනීමට නොහැකි වී ඇත. සිද්ධියට සම්බන්ධ අයගේ පුතෙකු අද ඇමැතිවරයෙක් බව ප්‍රකාශ කිරීම නිසා වසර 12කට පෙර බොරු සිදුවීමක් යොදා අත්අඩංගුවට පත් වී ඇත. අප ජීවත් වන්නේ වැරදි රටක බව වැටහේ..