( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙහි ප‍්‍රධාන කර්තෘ සඳරුවන් සේනාධීර මහතා දැනට පදිංචිව සිටින ලන්ඩන් හි ලිපිනය මෙතෙක් සොයා ගැනීමට නොහැකිවූ බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අද(16) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වූවේය. එම නිවැරදි ලිපිනය සොයා ගැනීමෙන් පසුව සඳරුවන් සේනාධීර මහතාට එරෙහි පෙත්සම් 14 සංශෝධනය කර යළි ඉදිරිපත් කිරීමටද ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.
අධිකරණ විනිසුරුවරුන් පිළිබඳ පුවත් සහ ලිපි මාලාවක් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ කිරීමෙන් එම වෙබ් අඩවියේ කර්තෘ දොන් ප‍්‍රදීප් සඳරුවන් සේනාධීර මහතා අධිකරණයට අපහාස කර ඇති බැවින් එම වරදට ඔහුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් 14 ක් අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ වර්ණකුලසූරිය මහතා මෙම ඉල්ලීම කරන ලදී.
මෙම පෙත්සම් සිසිර ආබෲ , ප‍්‍රියන්ත ජයවර්ධන සහ නලින් පෙරේරා යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
පෙත්සම සලකා බැලූ එම විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයෙන් කළ ඉල්ලීමට අවසර ලබාදුන් අතර එම පෙත්සම් 14 ලබන සැප්තැම්බර් 28 වැනිදා කැඳවීමට තීන්දු කළේය.
විනිසුරුවරුන්ගේ ගරුත්වයට හානි වන පුවත් එමඟින් පළ කර ඇති බවද එහි සඳහන් වේ. පදනම් විරහිත සහ අසත්‍ය පුවත් එලෙස පළකිරීම මඟින් විනිසුරුවරුන්ට පමණක් නොව සමස්ත අධිකරණ පද්ධතියටම අපහාසයක් කර ඇතැයිද පෙත්සම් වල සඳහන් වේ.
එබැවින් විත්තිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරන සිතාසි නිකුත් කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා තිබේ.
ඒ පිළිබඳ විභාගයක් පවත්වා විත්තිකරුට දඬුවම් නියම කරන ලෙසත් ,ඉදිරියට තවදුරටත් විනිසුරුවරුන් ගේ හෝ අධිකරණ ආයතන ,අධිකරණ නිලධාරීන් පිළිබඳ ලිපි හෝ වාර්තා පළ කිරීමෙන් වළකින ලෙස විත්තිකරුට නියෝග කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා ඇත.
එසේම වගඋත්තරකාර නීතිපතිවරයාට සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයාට නොතීසි නිකුත් කරන ලෙසද පෙත්සම් වල වැඩිදුරටත් සඳහන් වේ.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ලංකා ඊ නිව්ස් කර්තෘගේ පෙත්සම් 14 ම සංශෝධනය කිරීමට අවසර ඉල්ලයි
ලුම්බිණි Wednesday, 17 May 2017 02:32 AM
ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම කරපු වෙලාවේ කිසිම පෙත්සමක් නැහැ.