(කාංචන කුමාර ආරියදාස)
ලග්ගල මඩු මාන ගල්ගේ දේවාල රක්ෂිතයේ මහා පරිමාණ කුඹුක් දැව ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කුඹුක් ගස් කපා මන්දිරවල බිමට හා තරප්පු පෙළවල්වලට ඇල්ලීම සඳහා කුඹුක් දැව කොටස් කරමින් සිටින බවට ලද තොරතුරක් අනුව අද(28) ලග්ගල අඩවි වන කාර්යාලය සිදුකළ වැටලීමකදී විශාල කුඹුක් ගස් හතරක් කපා කොටස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්ගේ දේවල ඇල මගේ තිබුණු වසර 300ක් 400ක් පමණ පැරණි කුඹුක් ගස් හතරක් මේ අකාරයෙන් කපා කොටස් කරමින් තිබෙන අයුරු දැකගත හැකිය.
මේ පිළිබඳව ලග්ගල අඩවි වන කාර්යාලය බීට්ටු වන නිලධාරී ඊ. එස්. එල්. එදිරිසිංහ මහතාගෙන් විමසීමේදී කියා සිටියේ දැව ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනකු හඳුනාගෙන ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ය. මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු පිළිබඳව තොරතුරක් තමන් වෙත ලැබි නොමැති බවත් හෙතෙම සඳහන් කළේ ය. සැකකරුවන් දෙදෙනා නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස්දහසක ශරීර ඇප දෙකක් මත මුදාහැරී බව හෙතෙම කියා සිටියේය.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ලග්ගල රක්ෂිතයක කුඹුක් ජාවාරමක්
Raveendra Thursday, 28 December 2017 10:42 AM
මෙම පාපකර්මාවලට වචනයෙකින් හෝ උදවුකල සියලුම පාහරයන්ට සහ උන්ගේ පවුල්වලටද යනඑන මං නැතිවෙනු නියතය.අනිවාර්යෙන් කාලකන්නි දේශපලුවෙක් මෙහි කොනක ගෑවී ඇත.
ajtih Thursday, 28 December 2017 11:09 AM
මෙච්චර වටිනා ගස් කැපුවට ඇපේ 50000ය්. ඉතින් ගස් කපන එක නවත්තය්ද?
අර්ජුන Friday, 29 December 2017 12:06 AM
පරිසරය, වනසතුන් විනාශ කරන්නන් හා ළමා අපචාර කරුවන්ට ඔවුන්ගේ දේපල රාජ සන්තක කරමින්, තරාතිරම නොබලා වහා මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුයි.
abaran Friday, 29 December 2017 04:29 AM
ඔය කපාපු කොටං වලට මොකද වෙන්නේ. රුපියල් පනස්දාහට පාඩු නෑ....