(මහින්ද නිශ්ශංක)
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතාට එම ප්‍රධාන කාර්යාලයේ දී මැර ප්‍රහාරයක් එල්ල කිරිමට විරෝධය දක්වා එහි සේවක සේවිකාවෝ අද (29) විරෝධතාවයක යෙදුණහ.
දහවල් කැම පැයේ දී මෙම විරෝධතාවය පැවැත්විණි.
මහනුවර, කොළඹ, සුඛෝපභෝගී පෞද්ගලික බස් සේවාව සඳහා විධිමත් චක්‍රීය කාල සටහනක් ක්‍රියාත්මක කිරිම පිළිබඳව බස් හිමියන් දැනුවත් කිරිමට යාමේ දී එය ට උරණ වු බස් හිමියෝ කිප දෙනෙකු මෙම පහරදීම සිදු කර ඇත.
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ලංගම සභාපතිට කළ ප්‍රහාරයට විරෝධයක්
Ruwan Friday, 29 September 2017 12:42 PM
නුවර පමණක් නොවෙයි, දක්ෂිණ අධිවේගයේ සියලුම දේ මෙයට අනුගත කරන්න. දැනට අධිවේගයේ වෙන දූෂණ එහි දිනපතා යන අප ඕනේ තරම් දැක ඇත. එයට ඉක්මන් පිළියම් යෙදිය යුතුය. එකම අයිතිකරු, කොම්පැනි කිහිපයකින් රෙජිස්ටෙර් වී මෙම ව්‍යාපාරය ජයටම කරගෙන යනවා.
PA - RA Friday, 29 September 2017 12:53 PM
වහාම ඒකෙදි කාරිය අහෝසිකර බස් ජනසතු කරන්න. සේවකයින් මණ්ඩලයට ගන්න. නැතිනම් මැර කල්ලි බිහිවෙනු ඇත. දැනටමත් එසේය. ගුණගරුක, වැදගත් රියදුරන්, කොන්දොස්තරවරුන් බිහිකළ හැක්කේ ලංකා ගමනා ගමන මණ්ඩලයට පමණි.
dias9 Friday, 29 September 2017 01:01 PM
මේ බස් හිමියන් අත්අඩංගුවට ගතයුතු අතර ඔවුන්ගේ බලපත්‍රය තහනම් කල යුතු වේ.
parakkrama Friday, 29 September 2017 02:07 PM
1958 ජනවාරි 01 වැනිදා කොම්පැනි බස් ජන සතුකොට ලංගම පිහිටෙව්වේ මහජනතාවගේ ප්‍රවාහන පහසුකම් සැලසීමට මිස ලාභ ලැබීමට නොවේ. ලංගමය එකල්හී ක්‍රමවත් කාල සටහනකට අනුව විධිමත්ව ක්‍රියාත්මක වුණා... වර්තමානයේ පෞද්ගලික ප්‍රවාහන ස්වාවන් මුදල් ඉපයීමේ ව්‍යාපාර මිස මහජන සේවාවන් නොවේ. මුදල් ඉපයීමේ තරඟයක නිරත මගමරුවන් නිසා අහිමිවන ජීවිත සංඛ්‍යාව සහ රටේ ධනය මෙතරම් යයි කිව නොහැක. මේ පෞද්ගලික බස් සේවකයින්ගේ අසංවර නොහික්මුණ අක්‍රමවත් ක්‍රියාකලාප නිසා හැමඅතින්ම විධිමත් වැඩ පිළිවෙලක් සැකසීම රටේ අවශ්‍යතාවක් බවට පත්වී ඇත . මෙයට අනුගත වීමට නොහැකි නම් , රජයේ රජයක අණ පනත් නීති රෙගුලාසි අනුව කටයුතු නොකරේ නම් සියලුම බස් ජනසතු කර විධිමත් මගී ප්‍රවාහන සේවාවක් පිහිටුවීම ඉතා හොඳය. එවිට , මහජනයාග් කාලය අපතේ යවමින් එකෙක් ගාටන විට අනිකා පිම්මේ නොදුවනු ඇත. පාරවල්ද අවහිර නොකරෙනු ඇත.
parakkrama Friday, 29 September 2017 02:07 PM
1958 ජනවාරි 01 වැනිදා කොම්පැනි බස් ජනසතුකොට ලංගම පිහිටෙව්වේ මහජනතාවගේ ප්‍රවාහන පහසුකම් සැලසීමට මිස ලාභ ලැබීමට නොවේ. ලංගමය එකල්හී ක්‍රමවත් කාල සටහනකට අනුව විධිමත්ව ක්‍රියාත්මක කෙරිණි. වර්තමානයේ පුද්ගලික ප්‍රවාහන සේවාවන් මුදල් ඉපයීමේ ව්‍යාපාර මිස මහජන සේවාවන් නොවේ. මුදල් ඉපයීමේ තරඟයක නිරත මගමරුවන් නිසා අහිමිවන ජීවිත සංඛ්‍යාව සහ රටේ ධනය මෙතරම් යැයි කිව නොහැක. මේ පුද්ගලික බස් සේවකයින්ගේ අසංවර නොහික්මුණු අක්‍රමවත් ක්‍රියාකලාප නිසා සැමඅතින්ම විධිමත් වැඩ පිළිවෙලක් සැකසීම රටේ අවශ්‍යතාවක් බවට පත්වී ඇත. මෙයට අනුගත වීමට නොහැකි නම්, රජයක අණ පනත්, නීති රෙගුලාසි අනුව කටයුතු නොකෙරේ නම් සියලුම බස් ජනසතු කර විධිමත් මගී ප්‍රවාහන සේවාවක් පිහිටුවීම ඉතා හොඳයි. එවිට මහජනයාග් කාලය අපතේ යවමින් කෙනෙක් ගාටන විට අනිකා පිම්මේ නොදුවනු ඇත. පාරවල්ද අවහිර නොකරනු ඇත.
Sampath perea Friday, 29 September 2017 05:33 PM
මෙන්න මේක තමයි ඇත්ත කථාව .. ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිතුමා, මහනුවර කොළඹ A /C දිනපතා විධිමත් කාල සටහනකට ධාවනය වන බස් රථ ධාවනය නොවන අවස්ථාවලදී ධාවනය වීම සඳහා ඇති අතිරේක බස් රථ හිමියන්ගෙන් පගාව රැගෙන මෙම සභාපතිතුමාට අවශ්‍ය ආකාරයට අවිධිමත් කාලසටහනක් ඔහුගේ හිතුමනාපයට සකසා මහනුවර කොළඹ A /C බස් රථ සේවය විනාස කර ඇත. මෙහිදී පහරදී ඇත්තේ මැරයෙක් නොව ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන්ම A /C බස් රථ සේවය හදුන්වාදුන් දැනට A /C බස් රථ සේවයහි සිටින සාධාරණ බස් රථ හිමියා වේ.. හැම කතාවකම දෙපැත්තක් ඇත.
dasunSaturday, 30 September 2017 03:43 AM
1980දි පමණ පෞද්ගලික බස් ක්‍රමය ආරම්බ කර ආණ්ඩුවේ ලංගමය බිමට දැමීමට 1977 සිට 1993 දක්වා වූ රජය වග කිව යුතුයි.
naradha Friday, 29 September 2017 02:30 PM
මේ මැර කල්ලියට අයත් බස් හිමියෝ සොයා, ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කරන්න.
maheeFriday, 29 September 2017 05:05 PM
නාරද, ආණ්ඩුව මැර කල්ලියත් අඳුනනවා ඇති, අයිති කරුවනුත් හඳුනනවා ඇති. ඒ හින්දා එයින් එහාට මොකුත් වෙන්නේ නෑ.
rocky Saturday, 30 September 2017 02:10 AM
ප්‍රයිවෙට් බස් වල මගීන්ගේ කන පලන සද්දෙට අර කාඩ සින්දු දාන එක නවත්වන්නම බැරිද?
naradhaSaturday, 30 September 2017 10:33 AM
මම අහල තියෙනවා ඔය කන් පැලන සද්දෙට සින්දු දාන්නේ රියදුරාට නින්ද යයි කියලා. ඒක හින්දා, මග මැරෙනවට වැඩිය හොඳයි ඔය කාඩ සිංදු විඳවාගෙන හරි බස් එකේ යන එක...