(රංජන් කස්තුරි)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ(17) පැවැත්වූ සයිටම් විරෝධි පාගමනට එල්ල වූ පොලිස් ප්‍රහාරයට විරෝධය දැක්වීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ලබන සඳහා (22) වරුවක වෛද්‍ය වැඩ වර්ජනයක් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සඳුදා පෙරවරු 8.00 සිට දහවල් 12 දක්වා එම වර්ජනය ක්‍රියාත්මක කරන බවද එම සංගමය කියයි.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ලබන සඳුදා වරුවක් වෛද්‍යවරු වර්ජනයේ
Susil Thursday, 18 May 2017 02:53 PM
ඒක හොඳයි. උදේ වරුවත් ගෙදර ඉඳල හවසට ප්‍රයිවට් කල හැකිය.
Saman Thursday, 18 May 2017 02:54 PM
ඔන්න හේතුවක් හොයා ගත්ත.
dias Thursday, 18 May 2017 04:09 PM
දොස්තරලට වඩා කොන්දොස්තරලගේ සේවය වැදගත්, කොන්දොතර මහත්වරු ඔබට පින් .
aravinda Thursday, 18 May 2017 06:22 PM
කරුණාකර උදේ වරුවේ චැනල් කඩ ටික ඇර තබන්න.
foshan Thursday, 18 May 2017 06:28 PM
මේ අය අපායටම හොදයි
kasun Friday, 19 May 2017 01:27 AM
සයිටම් වල ප්‍රමිතියක් නැති පිරිස මෙන්ම මේ GMOA එකත් අහෝසි කල යුතුයි. මේ දෙකම රටට සාපයක්
jayantha Friday, 19 May 2017 02:03 AM
ඩයස්, ඔයත් එහෙම කෙනෙක් වගෙයි. වැස්සකටවත් පාසල් ගිය කෙනෙක් එහෙම කියන්නේ නැහැ.
theshan Friday, 19 May 2017 03:31 AM
කාලෝ මහත්මය මේවා වලට උත්තර කෝ?? ඩෙංගු රෝගීන් නිසා ඉස්පිරිතාල පිරිලා, වෙනත් වසංගත රෝග පැතිරීමේ අවදානමකුත් තියෙනවා. ඒවා ඔක්කොම තියෙද්දී වෛද්‍ය වර්ජන. එතකොට පහුගිය ආණ්ඩුව කාලේදී විශ්ව විද්‍යාල සංගම කමිටු සමාජිකයින් දෙන්නෙක්ව ඝාතනය කලා. කෝ එතකොට වර්ජන කලේ නැත්ද??
ලෙඩා Friday, 19 May 2017 03:38 AM
මඩු වලිගෙන් ගහන්න ඕනෙ මේ අයට. අපිට තියන ආදරේටනේ මේ ඔක්කොම කරන්නේ
dias Friday, 19 May 2017 04:08 AM
හැමදාම උදේට වර්ජනයට කරලා. හවසට චැනල් කලා නම් හොඳයි.
ලුම්බිණි Friday, 19 May 2017 05:35 AM
මොකද ආණ්ඩුව තවමත් මේ කරන දෙය බලා ගෙන ඉන්නේ? මේවා බලාගන්න ඉන්න ඇමතිට මොකුත් කරන්න බැරි නම් ඉල්ලා අස්විය යුතුයි.
Asaitm Friday, 19 May 2017 05:44 AM
වෛද්‍යවරුනි ඔබගේ මෙම වැඩ වර්ජනය අතිශයින්ම සාධාරණයි. ඉගෙනගන්න දරුවන්ට අමානුශික විදියට පහර දෙන එක මේකට අදහස් දක්වල තියෙන බොහෝ දෙනෙකුට සාධාරන බව පෙනෙන්නට තියෙනව. කුහක මානසිකත්වයක ඉන්න සමහරක් නිසා ඔබගේ මෙම වෑයම කිසිසේත්ම අත් නොහරින්න. ඔවුන්ට සයිටම් හොර වෙද්දුන්ගෙන් බෙහෙත් ගන්න ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනව
maheshFriday, 19 May 2017 08:34 AM
කුහක මානසිකත්වයක් තියෙන්නේ කාටද කියල ඔය අදහස් වලින්ම පේනවා. අපේ සල්ලි වලින් ඉගෙන ගෙන අපිටම වැඩ දෙන අයට ඔහොම නෙමෙයි සලකන්න ඕනේ. දොස්තරලා පළිගන්නේ මිනිසුන්න්ගෙන්. සයිටම් එකට හොර කඩේ කියන්නේ මොනවා දැනගෙනද? ගිරව් වගේ කව්රු හරි කියන දෙයක් වමාරනවා. පිස්සුනේ!!!
Desilva Friday, 19 May 2017 10:34 AM
Asaitm, සයිටම් දොස්තරලා තවම පිටවෙලා නෑ. දැන් ඉන්න දොස්තරලගේ ක්‍රියාපටිපාටිය ගැන දන්නවාද? රෝගියෝ කීදෙනෙක් මැරුනද මේ අයගේ නොසැලකිල්ලෙන් හා නොදැනුවත්කමින්. උදේ ගෙදර හවස කඩේ.!!!
Asitam Friday, 19 May 2017 11:39 AM
ද සිල්වා, මම නම් දන්න විදියට වැඩ වර්ජන හින්ද නම් ලෙඩ්ඩු මැරිල නැහැ. ලියන්න පුලුවන් වුන පලියට බොරු ලියන්නෙ නැතුව ඔයා දන්නවනම් ලියන්න ලෙඩ්ඩු කීයක් මැරිල තියෙනවද කියල දොස්තරලගේ වැඩ වර්ජන හින්ද?
Desilva Friday, 19 May 2017 12:11 PM
Asitam , ප්‍රශ්නය අනාගෙන. පහුගිය කාලේ රෝගියෝ මැරුනේ වර්ජනය කාලෙ නොවෙ. වර්ජන තර්ජන පොඩ්ඩකට අමතක කරල බලන්න ආපහු හැරිල. අපෙ දොස්තරලගෙ ප්‍රමිතියක් තියෙනවද කියල. වර්ජන කරල රෝගියෝ තවත් පෙලන මිනිස්සු නොව, තිරිසන්නුය.
aravindaFriday, 19 May 2017 02:58 PM
කරුණාකර තිරිසනුන්ට අපහාස කරන්න එපා. ඒ අය මෙවැනි වර්ජන කරන්නේ නෑ.
Bimbara Friday, 19 May 2017 02:47 PM
රෝගීන් යනු අසරණකමේ ඉතා පහතට වෑටුනු මිනිසුන් වේ. එක එක අයගේ ඕනෙ එපාකම් වලට කෙනෙක් රෝගියා තව දුරටත් අසරණ කරයිද ඒ පුද්ගලයාට සහ ඊට උල්පන්දම් දෙන අයටද සුගතියක් අත් වන්නෙ නෑත. ප්‍රශ්න විසදීමට ඉතා සාධාරන පිලිවෙතක් තිබිය යුතුය. අද සදාචාරයක් නොමැති දොස්තර ගැන ඇත්තෙ පිලිකුලකි. ඉස්සර අපි වෛද්‍යවරුන්ට කොතරම් ගරුකලාද. මම දන්නා කිහිප දෙනෙකුම ඉතා ඉක්මනට පරලොව ගියේ ඔවුන්ගේ රෝග නිශ්චය කිරීමේ වැරදි නිසා. රෝගීන් නැත්නම් වෛද්‍යවරුන්ට රැකියාවක් නැත. රෝගියා යනු එම ක්ෂේත්‍රයේ බලවතාය. නමුත් අද බලවතා රෝගියා නොව දොස්තරය . මේ රෝගීන් පෙලෙන වර්ජන වලින් යහපතක් වන්නේ කාටද ? මේවා හොදයි කියන්නෝ දුටුවාද දරුවෝ කරපින්න ගහගෙන උඩ බලාගෙන opd එකේ බංකුවේ වාඩිවෙලා ඉන්නවා ?. මිත්‍රවරුනි මෙය ඉතාමත් අභාග්‍ය ශෝකජනක ආත්මාර්ථකාමී සිදුවීමකි.