(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත දී ලොරි රථයකට යටවී ව්‍යාපාරිකයකු අද(4) පෙරවරුවේ මියගොස් ඇති බව දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අඟුලාන දුම්රියපොළ පාර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වූ විදානගමගේ සිරිසේන (64) නමැති පුද්ගලයෙකි.
නොච්චියාගම ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වට්ටක්කා රැගෙන ආ ලොරියක් ඉතා වේගයෙන් පිටුපසට ගනිද්දි ඒ පිටුපස පයින් ගමන් කරමින් සිටී ව්‍යාපාරිකයා ලොරියට යටවී ඇති අතර මෙම රිය අනතුර සිදුවන ආකාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත වෙළඳසලක සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්වී ඇත.
අනතුරෙන් පසුව බරපතළ තුවාල ලැබූ ව්‍යාපාරිකයා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
අදාළ ලොරි රථය සහ රියදුරු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ලොරියකට යටවූ ව්‍යාපාරිකයා මරුට