IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ලසිත් මාලිංගගේ සහභාගිත්වය වැට උඩ


(යොහාන් භාසුර)

එංගලන්තයේදී ලබන ජූනි මස පැවැත්වෙන අයි.සී.සී. ‘ශූරයන්ගේ කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ‘ශූරයන්ගේ කුසලාන’ තරගවලට සහභාගි වීමේ තීරණය පුහුණු තරගවලදී ඔහු පන්දු යවන ආකාරය අනුව රඳා පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. එම තරග වලදී ලසිත් මාලිංග ඕවර 10 යවන ආකරය අනුව ‘ශූරයන්ගේ කුසලාන’ තරගවලට සහභාගි වන්නේද නැද්ද යන්න තීරණය වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

ආබාධය සුවවීමෙන් පසුව නැවත සංචිතයට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් නැවතත් එක්දින පිලේ නායකත්වයට පත්කර ඇති අතර උප නායකත්වය උපුල් තරංගට හිමිවී තිබේ. අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී සිටි ඇන්ජලෝ මැතිව්ස් තරගාවලිය අතහැර පෙරේදා රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය.  

නිත්‍ය උප නායකත්වයට පත්කර සිටි දිනේෂ් චන්දිමාල් පසුගිය සංචාරවලදී අසාර්ථක වීම හේතුවෙන් සාමාන්‍ය ක්‍රීඩකයකු ලෙස සංචිතයට ඇතුළත් කර තිබේ.

අයි.සී.සී. ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (24) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී සුමතිපාල මහතා වැඩි දුරටත් මාලිංග සම්බන්ධයෙන් මෙසේ පැවසීය.  

“ඔහුගේ ශාරීරික යෝග්‍යතාවයේ ප්‍රශ්නයක් නෑ. ඒත් ඔහු ඕවර 10 ක් යවන්න හොඳ තත්ත්වයක නෑ. ඔහු ඕවර තුනක් හෝ හතරක් යවන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. ඔහු අයි.පී.එල්. තරගාවලියට පිටත්ව යෑමට පෙර කිව්වා ඕවර 10 යවන්න තරම් ඔහු හොඳ තත්ත්වයේ ඉන්නවා කියලා”

“ඔහු මේ වන විට ඕවර 10 ක් යැවීමේ තත්ත්වයට පත්වෙමින් ඉන්නවා. අයි.පී.එල්. තරගාවලිය තුළ ඔහුට පුහුණුවීම්වලට හොඳ පරිසරයක් තිබෙනවා. ඒ දෙස අපි බලාගෙන ඉන්නවා” යයිද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.


සම්පූර්ණ වාර්තාව සඳහා
http://sinhala.wisdensrilanka.lk/
වෙත පිවිසෙන්න

 



අදහස් (7)

ලසිත් මාලිංගගේ සහභාගිත්වය වැට උඩ

kumar(galf) Monday, 24 April 2017 10:06 AM

කොහොම කොහොම හරි කපලා දාන්න තමා බලා ඉන්නේ...

:       27       4

sisira Monday, 24 April 2017 10:07 AM

ඕවර දහයක්වත් දාගන්න බැරිනම් මොකටද තියාගෙන ඉන්නේ ...

:       291       315

Fareed Monday, 24 April 2017 11:52 AM

වේග පන්දු යවන්නන් 6 දෙනෙක් ඉන්නවා. මැතිව්ස්, මාලිංග, ප්‍රදීප්, කුලසේකර, ලක්මාල් සහ තිසර. ප්‍රදීප් ටෙස්ට් තරගවල පන්දු යවන්නෙක්...ධනංජය සිල්වාට අවස්ථාව දෙන්න තිබුණා.

:       0       2

Shihan Monday, 24 April 2017 12:45 PM

ඇන්ජෙලෝ සමග එකග නැත

:       0       2

chandana Monday, 24 April 2017 01:13 PM

මෙයා IPL එකේ අන්තිමට ගහපු මැච් දෙකේම ඕවර 4ට ලකුණු 50කට වැඩිය දුන්නා. ඊට පස්සේ මැච් එකට කණ්ඩායමෙනුත් අයින් කරා. දැන් ඉතින් ආපහු ලංකාවේ ටීම් එකට ගහන්න එනවා.

:       279       120

da silva berlin Monday, 24 April 2017 02:10 PM

අපේ ක්‍රීඩකයන්ට IPL කාලෙට ලෙඩ ඔක්කොම සුව වෙනවා , සේරම ලෙඩ හැදෙන්නේ IPL එක පහු වුනාට පස්සේ , ඕවර 10 යවන්න බැහැ කියන එක බොරු කතාවක් , කොහොම උනත් ඔය ඕවර 10 එක දිගටම යවන්න ඕන නැහැනේ ? ඉස්සෙල්ල එක දිගට ඕවර 2-3 යවල ඕවර 10 විතර විවේක අරගෙන තව ටිකක් යවල අන්තිමට ඉතුරු ටික යවන්න පුළුවන්නේ , ඔස්ට්‍රේලියාව , ඉන්දියාව වැනි රටවල් ක්‍රිකට් වලින් ඉදිරියෙන් සිටින්නේ ක්‍රීඩකයන්ගේ කැපවීම මත , අපෙත් මේ කැපවීම 90 දශකයේ හොඳට තිබුන , නමුත් දැන් එන්න එන්නම අඩු වෙනවා ,

:       6       43

de silva Monday, 24 April 2017 05:25 PM

සමහර විට චන්දනගේ අනාවැකිය ඇත්ත වෙන්න පුළුවන් IPL එකේ අවසන් තරඟ දෙකේදී මෙයට හොඳට වැදිලා ඉතුරු තරඟ වලින් කැපිල ගිය නිසා මෙයාගේ ඕවර් 10 යවන්න බැරි ලෙඩ රෝග ඇතුළු සියලු රෝග සුව වෙලා මෙය ලංකාවේ කණ්ඩායමට ක්‍රීඩා කරන්න එන්න පුළුවන් , දක්ෂ ක්‍රීඩකයෙක් බව ඇත්ත , කොපමණ දක්ෂත තිබුනත් විනය හොඳ නැත්නම් උඩඟු නම් වැඩක් නැත , ලෝකයේ හිටපු හොඳම පන්දු යවන්න වාර්තාවට හිමිකම් කියන මුරලි හරිම නිහතමානී විනය ගරුක ක්‍රීඩකයෙක්ද , නිතරම රට ගැන හිතල ක්‍රීඩා කල ක්‍රීඩකයෙක් , ක්‍රීඩාවේ මහත්මයෙක් ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 19 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 134 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 670 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2505 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 725 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 371 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site