IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


වකුගඩු රෝගයේ අලුත්ම මතය ගැන වාර්තාවක් ඉල්ලයි

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

උතුරු මැද වකුගඩු රෝගීන්ගෙන් අඩකට රෝගය නැති බවට අනුරාධපුර මහ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයා කර ඇති ප්‍රකාශය අදාළ උපකරණ සම්බන්ධව අලුත්ම මතයක් බැවින් ඒ පිළිබඳව වාර්තාවක් ඉල්ලා ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඒ බව පැවැසීය.

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා - ඊයේ ලංකාදීප පුවත් පතේ ප්‍රධාන සිරස්තලය වෙත ඇමැතිතුමාගේ අවධානය යොමු කරනවා.උතුරු මැද වකුගඩු රෝගීන්ගෙන් අඩකට රෝගය නෑ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රමිල් රාජක්‍රිෂ්ණ මහතා ඉදිරිපත් කළ ලිපියක් එහි පලවී තිබෙනවා.

මේන බැලුවට පස්සේ අපි වකුගඩු රෝගය සම්බන්ධව යොමුකර තිබෙන අවධානයන් යම්කිසි මට්ටමක තැත්  කිරීමට ලක් වෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා - පසුගිය කාලේ අපි ඔය යන්ත්‍ර ලබා ගැනීමට පළාත් සභාවලට බලතල දුන්නා මුදල් දුන්නා.නමුත් ඇතිවූ නොයෙකුත් ප්‍රශ්න නිසා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ගන්න කටයුතු යොදවා මේ යන්ත්‍රවල ප්‍රමිතියේ වරදක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ.තාක්ෂණ ඇගැයීම් කමිටුවේ ඉන්න සියලු දෙනාම විශේෂඥ වෛද්‍යවරුයි.

ඒනිසා මේක අලුත්ම මතයක්. මේ පිළිබඳ මම වාර්තාවක් ඉල්ලා තිබෙනවා.එමගින් අපට දැන ගන්න  ලැබේවී ඇත්ත තත්ත්වය මොකක්ද කියලා.

 



අදහස් (5)

වකුගඩු රෝගයේ අලුත්ම මතය ගැන වාර්තාවක් ඉල්ලයි

සනත් Wednesday, 08 August 2018 05:44 PM

උතුරුමැද පලාතේ වකුගඩු රෝගීන්ගෙන් භාගයකට එම රෝගය නැත්නම් වැරදි රෝග විනිශ්චය ලබාදුන් වෛද්‍යවරුන් පිලිබඳව සොයා බැලිය යුතුයි.

:       0       0

ධනුෂ්ක Wednesday, 08 August 2018 11:58 PM

මෙම වෛද්‍යවරයාගෙ මතය අැත්තක් වෙන්න පතමු. මොකද එ් රෝගීන් වශයෙන් නම් කල අය නැවත ඉපදුනා වගේ සතුටු වෙයි. හරියට එලොව ගිහින් මෙලොව අාවා වගේ.

:       0       18

anura Thursday, 09 August 2018 01:51 AM

ග්ලයිකොෆොස්ට්ලාගේ අළුත්ම ජවනිකාව. තව ටික දවසකින් කියයි ලංකාවේ වකුගඩු රෝගය කියලා දෙයක් නැහැ කියලා. මහජනතාව තව කොපමණ කාලයක් ගොනාට අන්දාවිද?

:       9       2

අනුර Thursday, 09 August 2018 02:49 AM

යුද්ධය අවසන් වීම සමග වකුගඩු රෝගය ක්‍රමයෙන් අඩුවුනාද දන්නෙ නෑ.

:       0       0

Samathasena A . Aluthgamage. Friday, 10 August 2018 04:03 AM

මෙහිදී ඔබට විශ්වාස කිරීමට අසීරු කරුණක් ගෙනහැර දැක්වීමට මා කැමතියි. කතරගම, බුත්තල, මොනරාගල ආදී රටේ තවත් ප්‍රදේශවල රහසිගතව පෙරන විස කසිප්පු බීම නිසා වකුගඩු නරක්කර ගත්තත් එය සඟවනවා. අදටත් ගිරාඳුරුකෝට්ටේ පැතිවල මංගල අවමංගල හා බොහෝ උත්සව අවස්තාවලදී විස කසිප්පු ගේන්නේ ගැලුම් ගණනින්. මෙය විවිධ සමාජ මට්ටම් අතර ප්‍රචලිත දෙයක්. ඒ නිසාම එය වරදක් ලෙස ඔවුන්ට පෙන්නේ නැහැ. තවද ගොවීන් ආහාරයට ගන්නා අධික සැරෙන් යුතු 'නයි මිරිස් ' වර්ගද වකුගඩු නරක්‌ වීමට හේතුවෙයි. ඔබ අප දන්නා රතු වර්ණක අඩංගු බීම වර්ගද වකුගඩු විනාශ කොට දමයි. මාගේ නැගණියගේ සැමියා සෑම ආහාර වේලකට පෙර එවැනි බීම බෝතලයක් බීමට පුරුදුව සිටියේය. ඔහු අකාලයේ මියගියේ වකුගඩු දෙකම දියවී තිබීම නිසාය.

:       0       82

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 621 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘
2025 මාර්තු මස 12 150 0

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර


හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 169 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 366 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 657 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 280 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 149 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site