(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකාවේ ප‍්‍රදේශ ගණනාවක පැතිර ඇති කෘෂිකාර්මික වකුගඩු රෝගයේ හේතු මූලය මේ වසර අවසන් වීමට පෙර හෙළිකර ගත හැකි වනු ඇතැයි වකුගඩු රෝග පිළිබඳ පර්යේෂකයෙකු වන රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ පිළිබඳව ස්වීඩනයේ ස්ටොක්හෝම් හි කැරොලින්ස් විශ්ව විද්‍යාලයේ දී කළ පර්යේෂණ අවසන් බවත්, මධ්‍යම ඇමරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ඇති කෘෂිකාර්මික වකුගඩු රෝගයේ සමානතා දැකිය හැකි වූයේ එම පර්යේෂණවලදී බවත් ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය.
ලෝකයේ රටවල් 129 ක නියෝජිතයින් ගේ සහභාගිත්වයෙන් මෙක්සිකෝවේ මෙක්සිකෝ නගරයේ ඉකුත් 21 දා සිට 23 දක්වා පැවැත්වූ වකුගඩු රෝගය පිළිබඳ ලෝක සමුළුවේදී මෙම පර්යේෂණය පිළිබඳ පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ බව ද වෛද්‍ය ජයසුමන මහතා සඳහන් කළේය.
මේ පිළිබඳ අවසන් පර්යේෂණ මේ වනවිට බෙල්ජියමේ දී සිදුවන බවත් ඉන්පසු මෙම රෝගය පිළිබඳ 100 % නිවැරදි තොරතුරු හෙළි කර ගත හැකි වනු ඇති බවත් ජයසුමන මහතා තවදුරටත් පැවසීය.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වකුගඩු රෝගයේ සුලමුල සොයාගැනීමේ පර්යේෂණ අවසන්
nilmini Monday, 08 May 2017 11:27 AM
මෙතුමා මේ ගැන කියන දේවල් ඇත්ත කියල කිසිම විශ්වාසයක් නැහැ දැන් මට නම්. කොහොම නමුත් මෙතනදී මම වැරදිලා එතුමා හරි වෙන්න කියල ප්‍රර්ථනා කරනවා !!! මිනිසුන් හැම දෙනා වෙනුවෙන්....
Maheshika Monday, 08 May 2017 01:26 PM
වකුගඩු රෝගයට හේතුව අපි නම් දැනගෙන ගොඩක් කල්. කෘමිනාශක සහ වල් නාශක අධික ලෙස ජලය සමග මුසුවීම කියලා ලංකාවේ උගත් බුද්ධිමත් පිරිස කියනවා. නමුත් දැන් යුද්ධයෙන් කෑවා වගේ මේ රෝගයත් වාවා ගෙන කන තැනට පත්වෙලා. පිට රටවල් වල ඉන්න කණ්ඩායමුත් අපේ රටේ වසංගත පිටින් ගොඩයනවා. ඩෙංගු වසංගතයෙනුත් ගොඩ යන්න කට්ටිය බලාගන ඉන්නවා.
lalith Monday, 08 May 2017 02:07 PM
මොන පර්යේෂණේ කලත් අන්තිමට ඔය වැඩේ වෙන බව නොතේරෙන එකනේ පුදුමේ. අපි කෝටි ගණන් වියදම් කරලා අපේ රටේ සල්ලි වලින් උගන්වපු ආචාර්යවරු මහාචාර්යවරු යොදවල පර්යේෂණ කරනවා. ඒ සොයාගැනීම අන්තිමට අවසන් පර්යේෂණයට කියල පළමුවැනි ලෝකය කියන කට්ටියට දෙනවා. තව ටික දවසකින් බෙහෙත හදල අපට විකුණයි. නිකන් නෙමෙයි පේටන්ට් බලපත්‍රයකුත් අරගෙන... තව ඕනෑනම් සමුළුවකට එන්න කියල ඔය මහාචාර්ය තුමාටත් ඒ බෙහෙත් හදන සමාගමේ රස්සාවක් දීල නවත්ත ගනියි. අපි අර පර්යේෂණ වලට ගත්තු ණය ගෙවන ගමන්ම තවත් නායක අරගෙන බෙහෙතුත් ගෙන්වා ගන්නවා. ඒ අතරේම අර මහාචාර්ය තුමාව මහාචාර්ය කෙනෙක් අධ්‍යාපන කටයුතු වලට ගෙවපු ණයත් ගෙවනව..
සෙනෙවි Monday, 08 May 2017 03:15 PM
වකුගඩු රෝගය පැතිරීමට මූලික හේතුව අධික ලෙස කෘෂි රසායන භාවිතයයි. එසේ නොවන බවට හැඟෙන ප්‍රකාශ බඩ ගෝස්තරවාදී අය ලවා මෙහි ඉදිරිපත් කිරීමට කෘෂි රසායන විකුණන බහුජාතික සමාගම් මුදල් යොදවා ඇති බව පෙනේ...
nilminiTuesday, 09 May 2017 02:45 AM
වකුගඩු රෝගය පැතිරීමට මූලික හේතුව බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නෙවෙයි ද එතකොට ? ලංකාවේ ඉන්නේ ඔක්කොම දන්නා මහා පණ්ඩිත මිනිස්සු. පර්යේෂණ ඕනා නෑ එයාලට නිගමන වලට එන්න. අංජනමකින් එයාලට පුළුවන් ඕනේ පර්යේෂණයක් ගැන දැනගන්න.
සෞම්‍ය Monday, 08 May 2017 04:18 PM
දැන් හුග දෙනෙක්ට අමතකයි මේ රෝගයට කෘෂි රසායන හේතු වන වග මුලින්ම පර්යේෂණ කරලා රටට බය නැතිව කිව්වේ මෙතුමා කියලා. වෛද්‍ය විද්‍යාත්මකව එහෙම දෙයක් සනාථ කරන්න කල් යනවා. එක තමයි මම හිතන්නේ මෙතුමන්ලා කරලා තියෙන්නේ. අපි ජාතියක් හැටියට මෙතුමන්ලට සුබ පතන්න ඕනා...