IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘විජයකලා කීවේ නොකිවයුතු කතාවක්‘-සම්බන්ධන්

(නිමල කොඩිතුවක්කු)
 
උතුරු නැගෙනහිර පළාත තුළ එල්. ටී. ටී. ඊ පාලනයක් ස්ථාපනය කළ යුතු බවට  රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප‍්‍රකාශය  සිදු නොකළ යුතු ප‍්‍රකාශයක් බවත් එවැනි පැරණි කතා කිමෙන් දැන් ඵලක් නොවන බවත්  විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක  ආර් සම්බන්ධන් මහතා ලංකාදීපයට පැවසීය.
 
සාමයෙන් රට තුල ජීවත් වීම දෙමල ජනතාවගේ බලාපොරොත්තුව බැවින් ඒ අනුව කටයුතු කිරීමට විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුලූ අය ක‍්‍රියා කළ යුතු බවද ඔහු සදහන් කලේය.


සාමය, සංහිදියාව හදන වැඩපිළිවෙළ  කඩාකප්පල් නොකිරිම ඒ අයගේ වගකීම බවද විපක්ෂ නායකවරයා පැවසීය.
 
යාපනයේ යම් සිදුවීම් වෙනවනම් මෙවැනි ප‍්‍රකාශ සිදු නොකර ඒවා නතර කිරිමට නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ඉල්ලා සිටින බවද ආර් සම්බන්ධන් මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

‘විජයකලා කීවේ නොකිවයුතු කතාවක්‘-සම්බන්ධන්

Raveendra Wednesday, 04 July 2018 11:35 AM

ඇත්තෙන්ම මොහු නිවැරදිය. එම " ඇමති ස්ත්‍රිය " කිසිවිට මහජන නියෝජිතයෙක් යයි කීමට නොපුළුවන. මෙම ස්ත්‍රිය ගමේ මරණාධාර සමිතියක සමාජිකත්වයටවත් නුසුදුසුය.

:       4       152

kalani Wednesday, 04 July 2018 11:51 AM

නොකිවයුතු කතා, ජන්ද ගොඩ වැඩි කර ගැනීමට ඉවහල් වනබව විජයකලා දන්නවා. ඊළඟ ජන්දයේදී ඔබතුමා පසුපසට තල්ලු කරමින් ඇය ඉදිරියට එනවා. ශ්‍රී ලංකාවේ දේශපාලනය දකුණටත් උතුරටත් පොදුයි.

:       0       74

sena Wednesday, 04 July 2018 12:01 PM

සම්බන්ධන් මහත්තයාගේ කතාව ඇත්ත කොහොම නමුත් නිකම්ම නිකම් කතාවක් අල්ලාගෙන අපේ කට්ටිය හොරු වසන් කරන්න හදන එකනම් පිළිකුල් සහගතයි

:       40       0

Esala Wednesday, 04 July 2018 02:30 PM

හිතේ හංග ගෙන ඉන්නේ නැතුව ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන දේ කෙලින්ම කිවුවා. උතුරේ ඉන්න අනිත් දේසපාලුවෝ කෙලින් නොකියා අපිට පොත දාගෙන හොරෙන් වැඩේ දෙන්න හදන්නේ.

:       0       1

සතයපාල Wednesday, 04 July 2018 03:01 PM

රජයට සම්බන්ධව ඇමති ධූරයක් දරන ගමන් තම ප්‍රදේශයේ නීතිය හා සාමය පවත්වා ගැනීම අපොහොසත්වීමේ චෝදනාවෙන් ගැලවෙන්න හා දෙමළ ජනතාව නොමග යවා තම ඡන්ද පදනම වැඩි කර ගැනීමට දරන ලද ප්‍රකාශයකී මෙය.

:       0       3

isurandi Thursday, 05 July 2018 04:26 AM

පක්ෂ පාට, ආගම්,ජාති කුලමවල වලින් අපිට වැඩක් නැහැ.රටේ පුරවැසියෙක් විදිහට ඔබතුමා මේ කල ප්‍රකාශය අගයකොට සලකමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 132 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 115 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 789 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 219 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 647 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 148 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site