IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


විජයකලා ලන්ඩන් යන්න ලෑස්තියි

(සුජිත් හේවාජුලිගේ)
කොටි සංවිධානට යළි ගෙන ආයුතු යැයි  ප්‍රකාශ කළ  හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ලබන සතියේ ලන්ඩන් බලා පිටත්වී යාමට නියමිතය.
 
ඇගේ පෞද්ගලික සංචාරයක් සඳහා මෙලෙස පිටත් වන බව ඇය ලංකාදීපයට පැවසීය.


 ඇය සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සමාජයෙන්  බොහෝ විරෝධතා එල්ල වු අතර උතුරේ  ඇතැම් ප්‍රදේශවල ඇයට පිළිගැනීමේ උත්සව පවා සුදානම් කර තිබිණි.



අදහස් (33)

විජයකලා ලන්ඩන් යන්න ලෑස්තියි

Nandalal DE SILVA - France Sunday, 08 July 2018 03:55 PM

මෙහේ ඉඳන් බැරිනම් පිටරටක ගිහිල්ලා හෝ ත්‍රස්තවාදී කොටි වන්දනාව කරන්නද මැය හදන්නේ? එක අතකින් රාජ්‍ය ඇමතිකම නැත්නම් ශ්‍රී ලංකාවේ ඉඳලත් වැඩක් නැහැ නේ ! "ඉබ්බා නැසුනේ කට හින්දයි" කියලා අපි කියන්නේ කට කහනවට නෙවෙයි නේද? ඔන්න එහේම පැල පදියම් වෙලා ඉන්න කියන්න... ඒක කාටත් හොඳයි.

:       150       1160

ruchi Sunday, 08 July 2018 05:16 PM

ලන්ඩන් යන්න ඉස්සර මේ ගෑනිව හිරේ දාන්න. මෙයා පනින්නයි හදන්නේ.

:       0       205

Sanath Sunday, 08 July 2018 05:32 PM

මෙයටත් දේශපාලන රැකවරණය ඕනවෙලා වෙන්න ඕන. බොරුවට කොටි ආලයක් පෙන්නලා කතා දාල මිනිස්සු අවුස්සලා එයාගේ උවමනාව සඵල කරගන්නයි බලන්නේ.

:       0       45

vidya Sunday, 08 July 2018 07:09 PM

ඕක අලුත් දෙයක් නෙමේ සමහර අය්යල මල්ලිලා ඇමරිකාවට දුවනවා. JVP කලින් හිටපු එක්කෙනත් එංගලන්තයට බැරි වෙනකොට දීවා. මෙයත් දුවන එහෙම එක්කෙනෙක් .

:       225       308

Sumithra Sunday, 08 July 2018 09:37 PM

තමුන්ගේ ස්වාමිපුරුෂයා වුනු උමා මහේශ්වරන්ව ඝාතනය කරපු කොටි ඔළුවට ගත්ත මනුස්සයෙක්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද. මෙයා බිරිඳක් කියන නමටත් අපහාසයක්. අන්තිමට උමා මහේශ්වරන්ව කොටි මැරුවේ මොන හේතුවටද දන්නේ නැහැ.

:       3       47

KANDEPOLAMonday, 09 July 2018 08:58 AM

මැය උමා මහේෂ්වරන්ගේ බිරිඳ නොවෙයි. හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ත්‍යාගරාජා මහේෂ්වරන්ගේ බිරිඳයි. කරුණු හරි හැටි සොයා බලා අදහස් ඉදිරිපත් කරන්න. නැත්නම් ඒ අදහස්වල වටිනාකමක් නෑ.

:       0       4

pradeep Sunday, 08 July 2018 11:01 PM

සංවිධාන වලින් දෙන මුදල් ත්‍යාගයක් ලබාගැනීමටත්, උත්සව වලටත් යනවා වෙන්න ඇති. සමහරුන්ගේ රැජිනකි දැන් විජයකලා.

:       0       45

Bamunuarachchi Sunday, 08 July 2018 11:52 PM

කොටි වන්දන්නා කිරීම ඇයගේ පවුද්ගලික කටයුත්තක්. නමුත් 2009 සිට 2015 දක්වා නොතිබුන LTTE යට නැවත හිස ඔසවන්න දීම ගැන මේ රජය සම්පූරනයන්ම වගකිව යුතුය. වරදවා හිතන්න එපා මෙයා නැසුනේ නැත. ද්‍රවිඩ ජනතාව අතරේ මැයටහිමි තැන වැඩිවූවා මිස අඩුඋනේ නැත. මමද ඇයව අනුමත කරමි.

:       24       291

Chanak Los angelesMonday, 09 July 2018 07:07 AM

කේ පී ගෙන් ඇහුවොත් කියයි ඔවුන්ගේ සංවිධානයේ තිබුන සල්ලි ගත්තේ කව්ද කියා ? ගහ දන්නා මිනිසුන්ට කොළ කඩා පානවා...

:       190       7

kalani Monday, 09 July 2018 12:54 AM

ශෝකයක් ඇහිවන තරමට දමිළයාගේ ජිවිතයේ වටිනාකමත්, සිංහලයාගේ ජිවිතයේ වටිනාකමත් එකිනෙකා තේරුම් ගත දිනයක ,අපි සම මිනිසුන් මිස ජාතිය නමැති කුලකයක හිරවී සිටින්නන් නොවිය යුතුය කියා හිතුණ දිනයක නැවත ශ්‍රී ලංකාවට එන්න.

:       7       92

Keppetipola Monday, 09 July 2018 02:15 AM

මෙයාගේ පරීක්ෂණ ඉවර වෙනකම් පිටරට ගමන් තහනම් කල යුතයි. මෙයා එංගලන්තයට යන්නේ කොටි ඩයස්පෝරාව හම්බවෙලා උපදෙස් ගන්න

:       0       145

රවින් Monday, 09 July 2018 02:27 AM

හොඳට හොයල බැලුවොත් මේ ගමන කියනතරමටම පුද්ගලික වෙන එකකුත් නැහැ. ඩයස් අයිය එහෙ බලාගෙන ඉන්නවා ඇති.

:       0       29

රවින් Monday, 09 July 2018 02:31 AM

කියනතරම් මේ ගමන පුද්ගලික වෙන එකකුත් නැහැ. ඩයස් අයිය පොර උරෙත් තියාගෙන එහෙ බලාගෙන ඉන්නවා ඇති.

:       0       24

Ratnamalala Monday, 09 July 2018 02:44 AM

එයට ලන්ඩන් බැරිනම් අපායට හරි යන්න පුළුවන් මෙහෙ හිරගෙදරත් ටික දවසක් ඉඳල. එත් සහජීවනෙට අවුලක් වෙන්න පුළුවන් හින්ද තාම නීතිය බුදි.

:       0       36

isurandi Monday, 09 July 2018 03:56 AM

පරීක්ෂණ නිමවෙනතුරු කොහොමද මේ අයට රටින් පිටවෙන්න අවසර දෙන්නේ.

:       0       44

Sunil Kumara Monday, 09 July 2018 04:02 AM

ආයේ එන්ටනම් එපා මයේ අම්මා.

:       0       10

thushara Monday, 09 July 2018 04:46 AM

මතක් කරලා රටයන බද්ද ගෙවල යන්න

:       0       10

ජගත් ලියනගේ Monday, 09 July 2018 05:56 AM

සියලුම සැප සම්පත්, උපකාර, ආරක්ෂාව එහෙ කට්ටියගෙන් ලැබේවි. ඔන්න බලන්න බොරු ද කියලා.

:       0       15

Esala Monday, 09 July 2018 06:09 AM

විග්නේශ්වරන් එක පාරක් කට ඇරියම අල්ලලා මහා උළු ගෙදර තිබ්බ නම් අනිත් සේරම සද්ද නැතුව ඉන්නවා.

:       0       15

jayatissa Monday, 09 July 2018 06:32 AM

වෙඩින් එකක්වත් තියනවද කොහෙද? රනිල් මහත්තයට කියලනේ යන්නේ අරය ගියාවාගේ අනේ පව්...

:       0       9

Chanak Los angeles Monday, 09 July 2018 06:52 AM

නිරායුධ පොලිස් නිලධාරීන් ඝාතනයට අණදුන් කරුණාට නියෝජ්‍ය ඇමතිකමක් දී පාර්ලිමේන්තුවේ ඉන්දවූ එකටත් මේවගේ විරුද්ධ නොවුනේ මන්ද?

:       316       89

Bahu - JaffnaMonday, 09 July 2018 09:20 AM

මෝඩකමට බෙහෙත් නැහැ කියන්නේ ඇත්ත. කරුණා දුන්න එල්.ටී.ටී.ඊ. එකේ වැදගත් තොරතුරු නිසා තමයි යුද්දේ මෙහෙමවත් ඉවර කර ගත්තේ... මොලේ තියන අයට තේරුණාට සම හරක්ට ඕක තේරෙන්නේ නැහැ.

:       0       140

pjWednesday, 11 July 2018 08:54 AM

එහෙනම් අර කට්ටියක් රජ වුනේ යුද්ධය දිනුවේ තමන් කියලා. බැලුවාම රජ කරන්න තිබුනේ කරුණා අම්මාන් වනේ. කේ.පී. ව අගමැති කර ගන්නත් තිබුණා. අපරාදේ..

:       0       0

sanath Monday, 09 July 2018 07:31 AM

මේ මාස 18 යන්න කලින් එල්.ටීටී.ඊ. පටන් ගනියි.

:       0       31

pjMonday, 09 July 2018 08:02 AM

ඇයි එහෙමද ආස...?

:       1       5

RNG Monday, 09 July 2018 10:47 AM

ආසාව අපේ නෙවෙයි අර උඩ පැනගෙන කතිරෙ ගහපු හැට දෙලක්ෂෙ..සතුටුයි දැන්?

:       0       25

JagathMonday, 09 July 2018 04:56 PM

පරෙස්සමෙන් කියවා තේරුම්ගන්න. ඔබත් මමත් අධ්‍යාපනය ලැබූවන්. සැබෑ බෙදුම්වාදීන් වෙන්නේ විජයකළා නෙවෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න උදවියත් ඔබත් මමත්. වෙඩි තියාගන්නේ නැතත් දේශපාළනික වශයෙන් ඔබත් මමත් දෙපිළක් නෙවේද. බෙදුම්වාදය කියන්නේ ඒකට නෙවේද? ඒක කළේ විජයකළාද? පාර්ලිමේන්තුවේ ඉන්න උදවිය නේද ඒක අපෙ ඔළුවලට දැම්මේ. ඇත්තටම අපි නටන්නේ ඒ උදවියගේ පදේට නේද? ශ්‍රීලනිප, යූඑන්පී, ජේවීපී සහ අනික් ඔක්කොම පක්ෂ තමයි අපිව වෙන් කළේ. අපි අපි වෙනුවෙන් නෑ. අල්ලපු ගෙදර පුද්ගලයා එක්ක තරහයි. හේතුව අනික් පක්ෂයේ වීම. බෙදුම්වාදය කියන්නේ ඒකයි. මම මේ අදහස් කියවලා බැලුවා. ඇත්තටම අපිත් බෙදුම්වාදීන් තමයි. විජයකළා වැරදියි. ඒක කියන්නේ අපිත් බෙදුම්වාදීන් වෙලා. රටේ ඔක්කොම බෙදුම්වාදීන්. උරන් කැකුණ තලද්දි රජ මඟුලක් වන්නේ ඌරන්ට නෙවේ. වළි කුකුලන්ටය. උන් මඬිය පුරවා ගනී

:       0       0

pjWednesday, 11 July 2018 08:46 AM

හලෝ ආර්.එන්.ජී. ප්‍රශ්ණය තේරෙන්නේ නැතුව මොන උත්තරද? එහෙමද ආස...?

:       0       0

Hafeel Monday, 09 July 2018 07:39 AM

රනිල්ගේ යාලුවා මහේන්ද්‍රනුත් මහ බැංකුව බෑණාට කඩන්න දීලා රටින් පැන්නා. දැන් මෙයාත් පනිනවා. මෙහෙම තමයි මේ යහපාලන ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක කරන හැටි. දුප්පත් සාමන්‍ය මිනිස්සුන්ට තමයි අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ...

:       0       44

shan saudi Monday, 09 July 2018 07:44 AM

විජයකලාට දඬුවම් නොකර රටින් පිටවීමට ඉඩ දුන්නොත් 2020 නෙවේ මේ වසර ඉවර වෙනකල්වත් ජනපතිට හෝ අගමැතිට රට පාලනය කිරීමේ බලය නැති වෙන බව හොඳින් මතක තබාගන්න.

:       0       28

KANDEPOLA Monday, 09 July 2018 09:01 AM

එල්.ටී.ටී.ඊ. ය නැවත ඕනේ කියපු විජයකලා ලන්ඩන් යන්නේ දෙමල ඩයස්පෝරාවේ සැලසුමකට අනුවයි. මැය රටින් පනිනකන් බලන් ඉන්න මේ රටේ නායකයෝ නිකන්වත් රට ගැන හිතන බවක් පේනවද..? අනේ අපට වෙච්ච දෙයක්.

:       0       24

නිමල් Monday, 09 July 2018 04:39 PM

අනේ එයාට විරුද්ධව පැමිණිළි විභාග වෙද්දි රට යන්නේ කොහොම ද? රටේ නීතියක් තියෙනවනේ. ත්‍රස්ථවාදය වැළැක්වීමේ පණත යටතේ බැරිද ක්‍රියාමාර්ගයක් ගන්න. පොත් පැන්සල් ගන්න පොල් ගෙඩි 8ක් හොරකම් කරපු ගෑණූ ළමයෙකුත් රිමාන්ඩ් කරපු තරම් තද නීති ලංකාවේ තියෙනවනේ.

:       0       1

de silva Wednesday, 11 July 2018 03:01 AM

එතකොට රිමාන්ඩ් එකට යවන්නේ බඩගිනි නිවා ගන්න පොල් ගෙඩියක් දෙල් ගෙඩියක් හොරකම් කරන ගමේ අහිංසකය පමණක්ද ? මහදවාලේ ප්‍රසිධියේ රටේ ආණ්ඩුක්‍රම වියවස්තව උල්ලංගනය කරන පුද්ගලයන් යවන්නේ ලන්ඩන් වලටද ? අනේ මෙහෙමත් පොලොසියක් , බලාගෙන ගියහම බජාර් එකේ රන්ජ කියන දෙය 100% ඇත්ත බව මට පෙනේ

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 635 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 528 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 133 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1780 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site