( ජුඩ් සමන්ත )
කල්අඩිය මීඔය ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයකු අද (05) අලුයම වැලි ජාවාරම්කරුවකුගේ ලොරියකට යටවී තුවාල ලබා ඇතැයි පුත්තලම පොලීසිය පවසයි.
ඔහු අසාධ්‍යය තත්ත්වයෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.රෝහල් ගත කර ඇත්තේ විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරට අනියුක්තව සේවය කළ කොස්තාපල්වරයකි.
මෙම අවස්ථාවේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ සිටි දෙදෙනකුද තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ සිටි තවත් අයෙකු පලා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙලිවී ඇත.
වැටලීමට ගිය විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් නවත්වන ලෙසට අණ කර ඇති නමුත් එය අණ නොතකා විශේෂ කාර්ය බලකායේ නිලධාරියකුද යට කරගෙන පලා ගොස් ඇත.එම අවස්ථාවේදී සෙසු නිලධාරීන් පලා යමින් තිබූ ලොරියට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව පොලීසිය කියයි.
(ඡායාරූප-හිරාන් ප්‍රියංකර)
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වැටලීමට ගිය කොස්තාපල් ලොරියට යටකරයි
නදීක Thursday, 05 October 2017 06:45 AM
මෙහෙයුම සැලසුම් කළ නිලධාරීන්ගේ දුර්වලතා.
Don Thursday, 05 October 2017 09:12 AM
අනිවාර්යෙන්ම මේ කොස්තාපල් වරයා ලොරියට යටවෙන්න නම්ක පාර මැදට පැනල වාහනේ නවත්වන්න උත්සහ කරන්න ඕන . නැත්නම් ලොරිය කැලේට කපල ම්නිහෙක්ව යටකරල පලයන්න බැහැනේ ..කවදාවත් දියුණු රටක නම් මේ වගේ සිද්දියකට වාහනයක් ඇතුලේ ඉන්න මිනිස්සුන්ට වෙඩි තියල වාහන නවත්වන්න උත්සහ කරන්නේ නැහැ .... මේ වගේ දේවල් වලින් පෙන්නුම් කරන්නේ රටක නොදියුණු කම සහ මිනිස් ජිවිත වල වටිනාකම තක්සේරු කරලා තියෙන විදිය තමයි ... සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන නීතියේ දුර්වල තාවයත් පැත්තකින් පැහැදිලිවම මේ වගේ දේවල් වලින් පෙන්නුම් කරනවා ..
buddika Thursday, 05 October 2017 12:42 PM
බය නැතුව යට කරන්නේ බේරෙන බව දන්නා නිසානේ. විකල්ප ඉදිකිරීම් අමුද්‍රව්‍ය වෙත අප දැන් යා යුතුය, ඉවුරු කප කප පරිසරය විනාශ කරනවාට වඩා මුහුදු වැලි පිරිසිදු කර භාවිතයට ගත හැකි ක්‍රම ගැන නව පර්යේෂණ කල යුතුයි, නැතුව මේ විදියට ඉදිරියට යන්න බැහැ. පරිසරය රකින්නත් ඕන අඩුවට වැලිත් ඕන.