(රංජිත් රාජපක්‍ෂ)
හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ ලඳු කැලෑවක සැරිසරන කොටියා අල්ලා ගැනීමට වනජිවි නිළධාරින් අදත් (3) විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
එම වතුයායේ වතුනිවාස පෙළක් ආසන්නයේ තිබු ලඳු කැලෑවක සිටි මෙම කොටියා සුනඛයකු දඩයම් කරන අවස්ථාවේ සුනඛයා බේරා ගැනීමට ගිය වතුකම්කරු කාන්තාවකට මුලින් පහර දී සපා කා තුවාල සිදුකර එම කාන්තාව බේරා ගැනීමට ගිය තවත් වතුකම්කරුවන් සිව්දෙනෙකුටද පහර දී සපා කා තුවාල කර තිබේ.
තුවාල ලැබු වතුකම්කරුවන් හත් දෙනෙක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු ඔවුන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා නාවලපිටිය මුලික රෝහල වෙත මාරුකර යවා තිබේ.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වතුකම්කරුවන්ට පහරදී සපා කෑ කොටියා සොයා මෙහෙයුමක්
පිටිගල මිලානෝ Wednesday, 03 January 2018 08:50 AM
වතුකරයේ සිටින දිවියන්ට වස දී මරණ ප්‍රවනතාවක් තිබෙනවා. වහාම මෙයට එරෙහිව දැඩි නීති සම්පාදනය කරන්න. පරිසරය සහ වනසතුන් නැති ලොවක මිනිසාට ජීවත් විය නොහැක.
සඳුන්Wednesday, 03 January 2018 09:44 AM
පිටිගලගේ පිට දිවියෙක් පහුරු ගෑවා නම් ඔහොම කියන එකක් නෑ...
ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 03 January 2018 09:48 AM
ලංකාවේ කොහෙද කොටි... දිවියෝ මිසක් කාටද පැටලිලා තියෙන්නේ?
Kalum mahesh Wednesday, 03 January 2018 01:09 PM
ලංකාවේ කොටි ඉන්නවා. දිවියා පමණක් නොවේ. ලංකාවේ ගොඩක් කට්ටිය දිවියා කියලා කියන්නේ ලංකාවේ කොටියාට... ලංකාවට ආවේණික කොටියා.
samWednesday, 03 January 2018 02:03 PM
සත්ව විද්‍යාත්මක නාමය පැන්තරා පාර්ඩුස් , කොටියා.... අර සංවිධානයේ ලාංඡනයේ ඉන්නේ ව්‍යාඝ්‍රයා. "මෙසේ ගැටළුකාරී තත්‍වයක් උදා වී ඇත්තේ, මිනිසුන් විසින් ඉංග්‍රීසි බසේ යෙදෙන, ටයිගර් යන්න කොටියා ලෙසත්, ලෙපර්ඩ් යන්න දිවියා ලෙසත් භාවිතා කරන බැවිනි. නිවැරදි සිංහල භාවිතය අනුව ටයිගර් යනු 'ව්‍යාඝ්‍රයා' වන අතර ලෙපර්ඩ් යනු 'කොටියා' වේ."
sunanda Wednesday, 03 January 2018 09:52 AM
කාව හරි කෑව දවසක ඔය කතාව වෙනස් වෙයි... ප්‍රශ්නය දිහා ප්‍රායෝගික විදිහට බලන්න..
naradha Wednesday, 03 January 2018 09:59 AM
මේකත් හරියට වල්අලි උවදුර වගේ තමයි. එදා වේල හොයාගන්නට කුලී වැඩ කරන මේ කම්කරුවන් විඳින දුක දැනෙන්නේ ඒ මිනිසුන්ට පමණයි.
KANDEPOLA Thursday, 04 January 2018 02:54 AM
කඳුකරයේ, විශේෂයෙන් නුවරඑලිය ආශ්‍රිත ප්‍රදේශවල මෙම කොටි ගහනයෙහි වර්ධනයක් මැතක සිට තිබෙනවා. ඒ වගේම ගොවියන්ගේ මදු වලට හසු වී කොටියන් මිය යාමත් දකින්නට ලැබෙනවා. කැළෑ හෙළි කිරීමත්, කැළෑ ආසන්නයටම වගා බිම් ව්‍යාප්ත කිරීමත් මේ අර්බුදයට හේතුවක් වෙලා තියෙනවා.
theshan Thursday, 04 January 2018 04:29 AM
හොඳම විසඳුම මෙම දිවියා ඝාතනය කිරීමයි.