IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


වෛද්‍යවරියකට මරණ තර්ජන කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

පද්මා කුමාරී කංකානම්ගේ 
 
කල්පිටිය - ආලංකුඩාව මධ්‍යම බෙහෙත් ශාලාවේ බාහිර රෝගී අංශයේ රෝගීන්ට  ප්‍රතිකාර කරමින් සිටි  ගැබිණි වෛද්‍යවරියකට මරණ  තර්ජන එල්ල කළේ යැයි පුද්ගලයෙකු නොරොච්චෝල පොලිසිය විසින් අද (26)  අත්අඩංගුවට ගෙන තිබේ.

 
වෛද්‍යවරිය රෝගියෙකු  පරීක්ෂා කරමින් සිටින අවස්ථාවේ වෙනත් රෝගී කාන්තවක කැටුව පැමිණි සැකකරු එම රෝගියා පරීක්ෂා කිරීම නවතා තමා රැගෙන ආ කාන්තාව පරීක්ෂා කරන ලෙස ඉල්ලා ඇත.
 
අසාධ්‍ය රෝගී ලක්ෂණ දිස් නොවූ එම රෝගී කාන්තාව පරීක්ෂා කළ හැක්කේ  තමා පරීක්ෂා කරමින් සිටින රෝගියාට ප්‍රතිකාර කිරීමෙන් පසුව බව එහිදී  වෛද්‍යවරිය සැකකාර පුද්ගලයාට කරුණු පැහැදීලි කර දී තිබේ.
 
එහිදී කෝපයට පත් සැකකරු යම් හෙයකින් තම රෝගියා මිය ගියහොත් වෛද්‍යවරිය මරා දමන බවට තර්ජනය කර ඇත. 
 
මරණ තර්ජන එල්ල කළ ද එම රෝගී කාන්තාව පරීක්ෂා කොට ඇයට ප්‍රතිකාර සිදු කොට ඇති අතර  වැඩි දුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට යොමු කර තිබේ.
 
පසුව වෛද්‍යවරිය විසින් නොරොච්චෝල පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් සිදු කර ඇති අතර සැකකරු හෙට (2 ) පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව නොරොච්චෝල පොලිසිය පැවසීය.



අදහස් (5)

වෛද්‍යවරියකට මරණ තර්ජන කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Lapaya Tuesday, 26 June 2018 05:27 PM

නිකන් දෙනකොට කිසිම දේක වටිනාකමක් නැහැ.

:       1       24

Sanath Tuesday, 26 June 2018 05:30 PM

රෝගියෙක් පරීක්ෂා කරනකන් ඉන්න බැරි මුස්ලිම් මිනිස්සුන්ට තමයි. ඒ මිනිස්සුන්ට ඕන රෝහලට ආවගමන්ම බෙහෙත් අරගෙන ගෙදර යන්න හරියට බත් මුට්ටිය ලිපේ තියල ආව වගේ පුදුම හදිස්සියක් ඔවුන්ට තියෙන්නේ.

:       4       38

KapTuesday, 26 June 2018 06:01 PM

ඇයි හෑමදේටම ආගම ජාතිය ගාවගන්නෙ?

:       0       1

faizerWednesday, 27 June 2018 08:00 AM

ජාතියක් අදින්න එපා. මෙම පුවතේ කිසිම තැනක නැහැ මුස්ලිම් මනුස්සයෙක් කියලා. අනිත් ජාතින් කල්පිටියේ නැද්ද? ඔබ අදහස් දාල තියෙන්නේ හරියට එතන හිටියා වගේ නේද?

:       0       1

kalani Wednesday, 27 June 2018 07:21 AM

ගැබිණි වෛද්‍යවරියකට නොව කාන්තාවකට වුවද තර්ජනය කළ මානසික රෝගියා මුල්ලේරියාවට යැවිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 49 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 164 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 704 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 743 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 993 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 228 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 194 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site