( තිලිණි ද සිල්වා )
විදේශ රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඉදිරි සුබසාධන කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තොරතුරු සංඝණනයක් ආරම්භ කර තිබේ.
මෙම තොරතුරු යාවත්කාලීන කිරීමේ අරමුණ වන්නේ විගමණික ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු හා ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී සිදු කිරීමට බලාපොරෝත්තු වන සියලු කටයුතු ක්‍රමවත් කිරීම බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ ඇති අයදුම්පත මාර්ගගත ක්‍රමයෙන් පුරවා යොමු කරන ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.
එම තොරතුරු වෙනත් කාර්යයන් සඳහා යොදා නොගන්නා බවත් තොරතුරුවල රහස්‍යභාවය සුරකින බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා “011-2866002“ දුරකථන අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු තාක්ෂණ අංශය අමතන ලෙස ඉල්ලා සිටී.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ තොරතුරු සංඝණනයක් අරඹයි
pathirana Wednesday, 01 July 2020 01:26 PM
මේවාට තමයි ගොන් පාට් කියන්නේ අපේ රටෙන් පිටරටට වැඩියෙන්ම ඉන්නේ ගෘහසේවිකාවෝ...!! ඉතින් ඒ අයට පුළුවන්ද ඔය කියන සයිට් එකට ගිහින් ෆෝම් පුරවන්න. හැමදාම අපි එනකොට අර කට්ටියක් රැකගෙන ඉඳලා සල්ලි කඩාගන්නේ ඒ ගොල්ලෝ ගාව ඔය කියන තොරතුරු නැද්ද?
RaveendraWednesday, 01 July 2020 04:38 PM
ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය.. අඩුවශයෙන් රැකියාවන්වලට යන මිනිසුන්ගේ විස්තර දත්ත ගබඩාවක් (data base) නැද්ද ඔය කියන මගුල් ආයතනයේ? අද ලෝකේ කුඩා ආයතනයකත් තියෙනවා... දත්ත ගබඩා කරලා ආයතනයේ මිනිසුන්ගේ විස්තර.. ඕකේ අඩු තරමින් නැද්ද එහෙම එකක් නඩත්තු කරන්නේ? දන්නේ ගුවන්තොටුපලින් එනකොට සල්ලි ගෙවලද තියෙන්නේ කියලා (හරියට මංකොල්ල කාරයින් රටින් පිටවෙනවා වගේ ගුවන් බලපත්‍රය මුදල් ගෙවපු සීල් එක තියනවද බලන්න විතරද? මෙම ආයතනයේ වැඩිපුරම ඉන්නේ පින්ගුත්තරයින් බැවින් මෙම අදහස් ගෝඨාතුමාට ඍජුවම කියවීමට හැකි වේවා..!!
mohomed Wednesday, 01 July 2020 01:32 PM
මෙච්චර දවස් හිටියත් මැරුණද කියලා බැලුවෙත් නෑ. ඡන්දයක් ආවම ඩ්‍රාමා....
බද්රානි Wednesday, 01 July 2020 01:51 PM
මොකක්ද මෙතුවක් කල් විදේශ ශ්‍රමිකයින්ට කරලා තියන මහා ලොකු සුබසාධනය? රක්ෂණයෙන් ගසා කන මුදල් මදිවෙලාද? හැමදාම කලේ ඒ අහිංසකයින්ගේ මුදල් සූරා කාපු එකනේ.. දැන්වත් ඒ අසරණ මිනිස්සුන්ට ඔවුන්ගේ දුක් මහන්සියෙන් කීයක් හරි හම්බකරගෙන සැනසීමෙන් ඉන්න දීපල්ලා නරුම පාලකයිනේ... පව් ඒ නූගත් විදේශගත අසරණ ජනතාව, රැවටෙයි මේ තක්කඩිකම් වලට...
de silva Wednesday, 01 July 2020 02:52 PM
රක්ෂණයට කියලා 17500 බැගින් රට යනකොට ගුවන්තොටුපළේදී කඩාගත්තාට විපතක් වුණාම කවුරුවත් නැහැ.
Nimal Wednesday, 01 July 2020 04:31 PM
දෙන්නද? ගන්නද? මේ උප්පරවැට්ටිය...?
Perera Thursday, 02 July 2020 05:02 AM
හා හා බනින්න එපා... ජනතාව පත්කරගත් ආණ්ඩුවනේ...
de silva Thursday, 02 July 2020 10:14 AM
අර යූ ටියුබ් එකේ රටවිරුවන් කියන දේවල් දැක්කාම දුක හිතෙනවා.