IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


විදුහල්පතිනියට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට

ඉන්දිකා රාමනායක

 බම්බලපිටිය ප්‍රදේශයේ  පාසල විදුහල්පතිනියකට සිය නිළ කාර්යාලයේ දී අද  (3) පෙරවරුවේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

විදුහලේ ගුරු නේවාසිකාගාරයේ යතුර මෙම ගුරුවරයා සන්තකයේ තබා ගෙන ඇති බවත් එම යතුර විදුහල්පතිනිය ඉල්ලා සිටි අවස්ථාවේ දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම  පහරදීම සිදුව ඇති බවට  පොලිසිය සඳහන් කරයි.

 මේ සම්බන්ධයෙන් විදුහල්පතිනිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර ගුරුවරයා පොලිස් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 



අදහස් (8)

විදුහල්පතිනියට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට

arschloch Monday, 03 July 2017 01:58 PM

අනේ මෙහෙමත් ගුරුවරු. ඕවද ළමයින්ට දෙන ආදර්ශේ...

:       51       25

aravinda Monday, 03 July 2017 02:38 PM

මෑත කාලයේ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට පහරදීම් කීපයක් ගැන වාර්තා වුණා. මෙවැනි දේ කරන අයට දැඩි දඬුවම් දිය යුතුයි. ගුරුවරුන් ශිෂ්‍යයන්ට ආදර්ශයක් දිය හැකි අය විය යුතුයි.

:       0       18

ප්‍රීති Monday, 03 July 2017 03:06 PM

සමස්ත සමාජයම නොමග යන වැඩක් වෙනවනේ... ගුරුහරුකම් දෙන අය මෙහෙම කරනවා නම්... තව වෙන මොන කතාද?

:       0       14

sunil Monday, 03 July 2017 06:13 PM

මේ වගේ ගුරුවරුන් අපේ කාලේ අපිට නොහිටි නිසා අපි වාසනාවන්ත උනා

:       0       0

athula Monday, 03 July 2017 07:25 PM

මින්ස්සු ඕනෑම දෙයක් තනි තනිව බලන්න පුරුදුවෙලා තියෙන ව තවම අපේ අටේ බොහෝ අය අපි අද ඉන්න ස්ථානය සමාජයක් විදිහට හරියට හදුනාගෙන නැහැ අපි අද ඉන්නේ මනුස්සකම සහ හැදියාව හික්මීම හා අනෙකාට ගරුකිරීම වගේ උතුම් ගුණාංග කිසිවක් නැති සමාජ වටපිටාවක මෙම තත්වය නිර්මාණය වෙන්න පටන් ගත්තේ 1977 න පස්සේ මුදලට සියලු දෙය තීරණය කරන සමාජයක් අප වෙත බලෙන් නිර්මාණය කරලා සල්ලිම හොයන සහ සාහිත්‍ය කන්නද කියල අහපු පාලකයන් හිටපු රටක් මේක එදා JR කියන පාලකයා අපේ රට අැදාල දාපු අගාදයෙන් ගොඩ ගන්න ජගතෙක් අවේ නැහැ . ඊට පසුව අාව හැමඑකාම ඔහු පසුපස ගියා මිසක එම වරද ? හරි ගස්සවන්න එකෙක් උත්සහ කලේ නැහැ අද මෙම වියසනය බොහොම හොදට පෙනෙනවා අද සමාජයේ මොන කොටස ගත්තත් මේක තම තත්වය ආගමික නායකයි, උගත්යැයි කියන අය වග කියනයි කියන අය සේරම අද අපරාද කාරයෝ වෙලා බරුවට වෙස් මුහුණු ගෙන බොහොම වැදගත් විදිහට ඉන්න 99% ක් මෙහම තමා මුළු මහත් සමාජයක් පිරිහෙන කොට ඔය හැම දෙනාම අඩු වැඩි වශයෙන් වෙන්නේ මේක තමා මේවට සම්පුර්ණ වග කියන්න ඕන මෙරටේ ජිටපු සහ ඉන්න අයත් වසර 69 ක් මුන් කලේ මුලාව විතරයි .අද රට තියෙන්නේ ගිනිගන්දක් උඩ අමනුස්සයන් රැලක් බිහිකරලා .

:       0       0

Kanthi Monday, 03 July 2017 11:27 PM

ඒත් සමහර විදිහල්පිතිනියන් කතා කරන හැසිරෙන ගුරුවරුක්අට දරුවන්න්ට සළකන හැටි දැක්කම මේවා වෙන එක පුදුමයක් නෙමෙයි කියලත් හිතෙනවා.

:       0       0

ravin Monday, 03 July 2017 11:48 PM

දේශපාලන පත්වීමක් වෙන්න ඇති. ගුරු වෘතිය පිලිබඳ මනා පුහුණුවක් නොමැති උදවිය පත්වීම් ලබපුවහම වෙන වැඩ.

:       0       0

Pradeep Liyanage Tuesday, 04 July 2017 03:27 AM

මේ සියල්ලටම මුල පවතින අධ්‍යාපන රටාවයි. මේ තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවෙන්නේ හිතක් පපුවක් නැති, මානුෂික හැගීමක් නැති, සමාජය පිළිබද නිසි අවබෝධයක් නැති, ඒකිනෙකා පරයා නැගී සිටීමට වෙර දරනා බුද්ධිමතුන් පමණි. ඉගෙනීමෙන් ඉහලට යා නොහැකි වූ අයත් එකිනෙකට වෛර කරගන්නා, ද්වේශ කරගන්නා පුද්ගලයන් බවට පත්වේ. ගුරුවරුන් සිසු සිසුවියන් දුෂණය කරන, වෛද්‍යවරුන් තම රෝගීන් දුෂණය කරන සමාජයක් බිහිවී තිබෙන්නේ මේ ක්‍රමයේ පිහිටෙන්ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 196 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු
2025 පෙබරවාරි මස 05 0 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 173 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 157 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


බදුල්ල නගරය ආශ්‍රිත වැසියන්ට මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 351 1

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 207 2

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site