IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘විදුහල්පතිනිය දණ ගැස්වූ කථාව බොරුවක්‘ - ඌව මහ ඇමැති

(ප්‍රසාද් රුක්මල් / ප්‍රසන්න පද්මසිරි)

බදුල්ලේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක විදුහල්පතිනිය සිය නිල නිවසට කැඳවා දණ ගැස්සූ බවට විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය වන පුවත සම්පූර්ණ අසත්‍ය බවත් එවැනි සිදුවීමක් වී නම් තමාට විරුද්ධව අදාළ විදුහල්පතිනියට අධිකරණයට හෝ මානව හිමිකම් කොමිසමට යෑමට හැකි බවත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද(11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

‘‘අදාළ විදුහල්පතිනිය හින්දු ආගම මුල්කරගෙන අනිත් ආගම්වලට සලකන්නේ නැහැ කියා මුස්ලිම් ජාතික දෙමාපියන් දෙදෙනෙක් මට පැමිණිලි කළා. පසුව මම විදුහල්පතිනිය නිල නිවසට කැඳෙව්වා. එහි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් හිටියා. අදාළ පැමිණිල්ල කළ දෙමාපියන්ද කැඳවා ජාතීන් අතර ප්‍රශ්නයක් ඇති නොවන පරිදි මේ ගැටලුව සුහදව විසඳුවා. නමුත් මෙය විකෘති කරලා මැතිවරණ වේදිකාවල මට මඩ ගහන්න ප්‍රචාරය කරනවා‘‘ යැයි මහ ඇමැතිවරයා කීය.

තමාට එරෙහිව බොරු චෝදනා එල්ල කරන ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මහතාට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බවද මහ ඇමැති කියා සිටියේය.

අදාළ විදුහල්පතිනිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ තමා දණ ගැස්වූ බව කියන කථාව සම්පූර්ණ අසත්‍යයක් බවයි. අධ්‍යාපන බලධාරීන් ඇතුළු පිරිස සමග මහ ඇමැතිවරයාගේ නිල නිවසේදී අදාළ ගැටලුව සුහදව විසඳාගත් බවද ඇය කියා සිටියාය. ඇතැමුන් විවිධ වාසි තකා මැතිවරණ වේදිකාවල මෙවැනි අසත්‍ය ප්‍රචාරය කරන බවද විදුහල්පතිනිය ප්‍රකාශ කළාය.



අදහස් (10)

‘විදුහල්පතිනිය දණ ගැස්වූ කථාව බොරුවක්‘ - ඌව මහ ඇමැති

udaya Thursday, 11 January 2018 07:35 PM

ඕකත් අර සමුර්දි නිලධාරියා තමාම ගහේ බැඳ ගත්ත එක වගේ නේද?

:       0       13

රාජුන් Thursday, 11 January 2018 09:23 PM

මට පේන්නෙ හොරාට ඉස්සෙල්ල කෙහෙල් කැණ වැට පැනලා වගෙයි. එහෙම නැත්නම අර පුහුල් හොරා කරින් දැනේ කියන එකත් මට මතක් වෙනව අම්මප.

:       0       171

රජින්ද Thursday, 11 January 2018 09:33 PM

මැරකමින් රජයන්නට මොවුන්ට වරම් දී මොවුන්ව ඔතැනට යැවූ ඒ සියලුම අසහන්කාරයින් මේ සිද්ධියට වගකිව යුතුය. ගුරුවරයෙක්ගේ වෘතියේ ගරුත්වය රකින්නේ සහ ඒ ගැන හැගීමක් ඇත්තේ ගුරුවරුන්ගෙන් උගත් යහපත් දැන උගත් සිසුන් පමණක් නිසා මොවුන්ට දොස් කීමට නොහැක. එළබෙන්නේ මෙවැන්නන්ට රජ කරන්නට ඔටුනු පළඳන සමයයි, හිතවත හිතවතිය බුද්ධිමත්ව සිතා ඔබේ කැමැත්ත මේ පුංචි ජන්දයේදී දෙන්න.

:       0       234

kithsiri Friday, 12 January 2018 02:26 AM

මේ පිලිබඳ ඇත්තම අපක්ෂපාති තීරණයක් ගැනීමට කොමිසමක් පත්කළ යුතුයි.

:       0       3

අබේරත්න Friday, 12 January 2018 02:35 AM

මටත් පෙනෙන්නේ හොරාට පෙර කෙසෙල් කැන..... කතාව සිදුවී ඇති බවයි. රාජ්‍ය නිලදාරියෙක් යම් වරදක් කරානම්, ඊට අදාළ පරීක්ෂණ කල යුත්තේ අදාල දෙපාර්තමේන්තු ඉහළ නිලදාරීන්. දේශපාලුවන් මිට මැදිහත්වීම කොහෙත්ම යහපාලනයට සුදුසු නෑ.

:       0       23

lalithsjm Friday, 12 January 2018 02:53 AM

කොහොම කලත් ආරේ ගති නැරේ කියන්නේ නිකමටද ? මහා ඇමති උනත් ඒක සත්‍යයි.

:       0       14

Shan Friday, 12 January 2018 07:27 AM

මේ වගේ අයට ඡන්දෙ දෙන එකනේ වරද...

:       0       18

wedage Friday, 12 January 2018 08:14 AM

මෙතුමාගේ මුහුණු පොඩ්ඩ දැක්කම කියන්න පුළුවන් මොකක්ද සිද්ද වෙලා තියෙන්නේ කියලා...

:       0       14

RaveendraFriday, 12 January 2018 10:03 AM

මෙතුමා? අපි අපිම වැදගත් වචන වලට නිගා කරගන්නවා. මේ අයටත් මෙම වචනය පාවිච්චි කරනවනේ... මොකද "මෙතුමා" යන වැදගත් වචනය භාවිතා කිරීමට තිබෙන විශේෂ සුදුසුකම? මේ පිළිබඳ දන්නා කෙනෙකු සිටියි නම් කරුණාකර එම දැනුම අප සමග බෙදා හදා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

:       0       29

Bamunuarachchi Friday, 12 January 2018 01:18 PM

රජයේ සේවකයින්ව නිල නිවාස වලට ගෙන්වීමේ අයිතියක් මේගොල්ලන්ට තිබෙනවාද? දන්නා කෙනෙක් පැහැදිලි කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 10 0

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 288 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු
2025 පෙබරවාරි මස 05 120 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 193 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 169 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


බදුල්ලේ විස දුමක්: මුඛ ආවරණ පළදින්න
2025 පෙබරවාරි මස 05 370 1

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site