IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි

(ජේ.ඒ.එල්. ජයසිංහ)
විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍ය බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද නා හිමියෝ ඊයේ (2) පැවසූහ. 

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද තමන්වහන්සේ විරුද්ධ බව කී උන්වහන්සේ එවක සිටි ජනාධිපතිවරයාට තිබූ වාතාවරණය හමුවේ එය ක්‍රියාත්මක කිරීමට සිදුවූ නමුත් එයට ද විධායක ජනාධිපති ක්‍රමය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය වගන්ති ඇතුළත් කර තිබූ බව සඳහන් කළහ.

තම තමන්ගේ බලය රැක ගැනීමේ න්‍යාය පත්‍රයෙන් දේශපාලනඥයන් ඉවත් විය යුතු බව කී උන්වහන්සේ මහ නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ඔවුන් පිළිගන්නේ ද යන්න ගැන සැකයක් පවතින බව ද කියා සිටියහ.

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියන් මෙසේ පැවසුවේ ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත්ව විපක්‍ෂය හා එක්වූ එජනිස මන්ත්‍රීවරුන් 15 දෙනා ඊයේ (2) අස්ගිරි මහා විහාරය වෙත පැමිණ එහි මහ නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගත් අවස්ථාවේ ය.



අදහස් (8)

විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි

ලුම්බිණි Thursday, 03 May 2018 06:06 AM

හාමුදුරුවනේ, එක පුද්ගලයකු අතේ අසීමිත විධායක බලය තිබෙන එක එච්චර හොඳ දෙයක් නොවෙයි නේද?

:       158       52

sanath Thursday, 03 May 2018 06:49 AM

ලංකාවේ තිබුන විධායක ජනාධිපතිකම දෙවැනි වෙන්නේ රජකමට විතරයි. නමුත් දැන් 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ තරමකට බර සැහැල්ලුවෙලා තියෙනවා. මේ බලතල අඩු වැඩි කරගන්න ඊළඟ ජනාධිපතිට පාර්ලිමේන්තුවේ 2/3 බලයෙන් පුළුවන් වෙයි. ලෝකේ ගොඩක් රටවල තිබුන රජ කිරුළවල් අවලංගු කරලා තියෙන්නේ ඒක පුද්ගල අධිකාරියෙන් ජනතාව පීඩනයට පත්වෙන නිසයි. ජනාධිපතිකම දෙපාරක් වගේ අඩු කාල සීමාවකට යටත් කරලා තියෙන්නෙත් පුද්ගල වන්දනාව නැතිකරලා දමන්නයි. ලංකාවට සුදුසු වන්නේ ඉන්දියාවේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් කියලයි මම නම් හිතන්නේ.

:       0       1

Sunil Thursday, 03 May 2018 07:25 AM

නමුත් හාමුදුරුවනේ මෙරට ඡන්ද දායකයින් මිලියන 6 කට වැඩි කොටසක් කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියාලා. එහෙම කියාලා වැඩි කලක් නැහැනේ? බලයට ආපු උදවියත් ඡන්දෙ ඉල්ලුවේ එක අහෝසි කරනවාම කියලනේ?

:       0       57

menna Thursday, 03 May 2018 07:30 AM

ලංකාවට රජෙක් නැති එකේ විධායක ජනාධිපති කෙනකේ හිටියොත් හොඳයි. එහෙමයි කියල ඒ ජනාධිපතිත් බ්‍රිතානයේ මහා රැජිනට අවාඩ සලසන තත්වයක් වුනත් වැඩක් නැහැ. අනිත් පැත්තෙන් ජනධිපති අාත්මාර්තකාමියෙක් උනාට වුනත් වැඩක් නැහැ. ජේ ආර් ජයවර්ධන මහතාට කොපමණ බනින මිනිස්සු ඉන්නවද, එත් එතුමා ලංකාව යුරෝපයේ ගැති කමෙන් ගලවන්න ගෙනාපු දේශපාලන ක්‍රමයක් කියල තම මට නම් හිතෙන්නේ.

:       53       65

සේනක Thursday, 03 May 2018 07:33 AM

මහාත්තයෝ ලංකාව කියන්නේ අවුරුදු තිහක් යුද්ධයක් තිබුණ රටක් කියලා මතක තියා ගත්තොත් හොඳයි.විධායක ක්‍රමය නොතිබුණානම් අදටත් එහෙනම් යුද්ධයකින් බැට කන ජාතියක්.අපේ රටේ හොර දේශපාලකයෝ වෙස් මාරු කරන විදිහට කිසිදාක ව්‍යවස්ථාවක් සම්මත කරන්න වෙන්නේ නෑ.මම නම් කියන්නේ රටේ සාමය සියයට සීයක්ම ස්ථාපිත වෙනකන් මේ විධායකය තිබිය යුතුයි.යුද්දෙ ඉවර වෙලත් දේශපාලනය කරන හොරුටික තවමත් නටන නැටිලිටික ඉවරයක් නැහැනේ.

:       0       100

RNG Thursday, 03 May 2018 09:15 AM

ඔබේ අදහසට මමත් එකගයි..

:       0       6

Bamunuarachchi Thursday, 03 May 2018 12:36 PM

ඔව් හාමුදුරුවනේ මේ අයට ඒක තේරෙන්නේ නැත. අනික සාමාන්‍ය ජනතාවට විධායක ජනාධිපති ක්‍රමය තිබුනයි කියා දැනෙන නොදැනෙන ක්‍රමයක් නැත. ත්‍රස්තවාදී අවස්තාවකදී ඊට විරුද්දව ක්‍රීය කරන්න ජනාධිපති කෙනෙකුට විධායක බලය අවශ්‍යයි.

:       0       0

piyasiri Thursday, 03 May 2018 05:34 PM

විධායක ජනාධිපති ක්‍රමය ලෝකේ බොහෝ රටවල තියෙන එකක්. ඕක නැති කරලා පළාත් සභා බල ගැන්වුවොත් කොහොම සිටීද!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

නුවරඑළිය දිසාපති පත් කරයි
2025 පෙබරවාරි මස 05 5 0

නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රාජ්‍ය නිලධරයන්ට රට යද්දී තිබූ බාධාවක් ඉවතට
2025 පෙබරවාරි මස 05 1 0

ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


උඩරට දුම්රිය මඟේ නාය යාම වළක්වන්න පියවර
2025 පෙබරවාරි මස 05 11 0

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ


පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 40 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 84 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 175 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site