IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


විධායක ජනපති ක්‍රමය අහෝසි කරන 20 වැනි සංශෝධනය එපා - ජාතික මහා සංඝ නියෝජිත සමුළුව ඉල්ලයි

(ජයන්ත සමරකෝන්)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒම වහාම නවත්වන ලෙස කොළඹදී ඊයේ පැවැති ජාතික මහා සංඝ නියෝජිත සමුළුවට වැඩම කළ මහා සංඝරත්නය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටියහ.

මෙම සඟ සමුළුව ඒ සඳහා වන සංඝ ආඥාවක් සේ සැලකිය යුතු බවද උන්වහන්සේලා කියා සිටියහ.වෙඬරුවේ උපාලි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි, අමරපුර මහා නිකායේ උත්තරීතර සංඝ සභාවේ සභාපති ගංතුනේ අස්සජි නාහිමි, මහාචාර්ය කොටපිටියේ රාහුල කෝට්ටේ පාර්ශ්වයේ අනු නාහිමි, විද්‍යෝදය පරිවෙනාධිපති බලංගොඩ
සෝභිත නාහිමි, වටගෙදර විමලබුද්ධි අමරපුර නිකායේ අනුනාහිමි, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නාහිමි, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි, මහාචාර්ය කෝන්ගස්දෙනියේ ආනන්ද හිමි, සිංහල ශබ්ද කෝෂයේ හිටපු කර්තෘ අකුරැටියේ නන්ද හිමි, හෑගොඩ විපස්සී නාහිමි ඇතුළු මහා සංඝත්නය සියයකට වැඩි පිරිසක් කොළඹ තුම්මුල්ලේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මෙම සමුළුවකට සහභාගි වී සිටියහ. 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවද උන්වහන්සේලා පැවැසූහ.

මෙම ඉල්ලීම නොසලකා යම් පිරිසක් කටයුතු කරන්නේ නම් එය පරාජය කළ යුතු බවද එම යෝජනාව ගෙන ඒමට උත්සාහ කරන ජවිපෙ නායකයා කරන්නේ මුළු මහත් රටත් ජාතියත් පාවාදීමක් බවද උන්වහන්සේලා කියා සිටියහ. කරුණු 16 කින් යුත් සමුළු ප්‍රකාශයක්ද එහිදී එළිදැක්විණි.



අදහස් (6)

විධායක ජනපති ක්‍රමය අහෝසි කරන 20 වැනි සංශෝධනය එපා - ජාතික මහා සංඝ නියෝජිත සමුළුව ඉල්ලයි

kalani Friday, 04 May 2018 05:38 AM

චන්ද්‍රිකා මැතිනිය, මහින්ද රාජපක්ෂ මහතා, වත්මන් ජනාධිපතිතුමා ලිඛිතව ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟ වූ බව සිහිපත් කරමි. එජාප නායකයින්ද එකඟතාව පළකර ඇතැයි සිතමි.

:       170       10

සේනක Friday, 04 May 2018 07:21 AM

රට ජාතියට ආදරය කරන මිනිස්සු කවදාවත් මේ ව්‍යවස්ථාවට අකමැත්තක් නැහැ. රටට වින කරන, වින කරපු ජාතියේ කට්ටිය තමයි මේකට ගොඩාක්ම විරුද්ධ ඉන්නේ.

:       1059       274

කරුණාපාල Friday, 04 May 2018 09:29 AM

බල්ලන්ගේ වැඩේනේ ... කලියුගයේ බූරුවෝ කරන්නේ.. නේද?

:       176       105

tommy Friday, 04 May 2018 01:35 PM

ලංකාව වැනි කුඩා රටකට වඩා ගැලපෙන්නේ ශක්තිමත් විධායක ජනධිපති ක්‍රමයක් පමණි.

:       6       123

Rasika Friday, 04 May 2018 02:49 PM

ලංකාවේ තිබුණු ලොකුම ප්‍රශ්න දෙක... 88 ජවිපෙ ත්‍රස්තවාදය සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නැතිකරන්න පුළුවන් වුනේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි. මිනිස්සු කැමති රට එකතු කරන ව්‍යවස්ථාවලට මිසක් රට බෙදන ඒවාට නෙමේ. අනික, හැමදාම මෙරට රැකගන්න හමුරුවරු ඉදිරිපත් වුණා. එ්ක ඉතිහාසයේ ඉඳලා එන දෙයක්... මේ උගත් ස්වාමින් වහන්සේලාට නමස්කාර කරමි.

:       13       269

rocky Saturday, 05 May 2018 06:27 AM

රසික, දේශපාලන විශාරදයෙක් වගේනේ ! දෙවෙනි ලෝක යුද්ධයට එංගලන්තය, ප්‍රංශය, ඇමරිකාව සාර්ථකව මුහුණ දුන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් තිබිලද? එල්.ටී.ටී.ඊ. හටන වවාගෙන කන්න සමහරුන්ට චාන්ස් එක ලැබුනේ නම් විධායක බලෙන් තමයි. මේ රටේ විශේෂයෙන්ම දේශපාලකයන් බහුතරය රට කන්න බලාගන ඉන්න හොරු සහ අපරාධකාරයින් නිසා විධායක බලතල ඉතාමත්ම අනතුරුදායකයි. විශ්වාසයක් තැබිය හැකි කෙනෙක් පේන තෙක් මානයේ නැහැ. මෝඩ ඡන්ද දායකයින්ට පුළුවන් වේවි තවත් ඉඩි අමීන් කෙනෙකුව, පෝල් පොට්‌ කෙනෙකුව හදා ගන්න. මහත්තයෝ, පරවේණි දාස මානසිකත්වයෙන් තොරව අපිත් මේ රටේ නිදහසේ ජීවත් වෙන්න ඕනෑ! ටොමී ගොයියටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි.

:       9       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 121 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 167 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 108 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 160 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 183 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 452 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site