( තිළිණි ද සිල්වා)
ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපන හා රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අංඩගුවට ගෙන ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මේ වසරේදී රුසියාවට ගිය ලාංකිකයින් පිරිසකි.
මෙම ලාංකිකයන් 27 දෙනා ගෙන් ඉන් 17 දෙනෙකු දැනටමත් තම සිර දඬුවම් අවසන් කිරීමෙන් අනතුරුව නැවත දිවයිනට යවා ඇති අතර තවත් පුද්ගලයන් දස දෙනෙකු එරට රැඳවුම් මධ්‍යස්ථාන බාරයේ පසුවන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
එරට රැදවුම් බාරයේ සිටින ලාංකිකයින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කෙරෙමින් පවතින බැවින්, ඔවුන් විවිධ නගරවල රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා ඇතැයිද එම තානාපති කාර්යාලය පෙන්වා දේ.
මෙලෙස ව්‍යාජ විදේශ රැකියා සහ අධ්‍යාපනික නියෝජිතායතනවලට එරෙහිව ලාංකිකයන්ගෙන් රුසියාවේ තානාපති කාර්යාලයට ලැබෙන පැමිණිලි සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවත් , එවැනි හොර රැකියා ඒජන්සි ආයතනවලට නොරැවටෙන ලෙස රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර සිටී.
රැකියා අවස්ථා ලබා ගැනීමේ සහ තවදුරටත් යුරෝපා රටවල් කරා සංක්‍රමණය වීමේ අපේක්ෂාවෙන් යුතුව, ශිෂ්‍ය හා සංචාරක වීසා මඟින් රුසියාව වෙත පැමිණෙන ලාංකිකයන් සංඛ්‍යාව වසරින් වසර වැඩිවෙන බව නිරීක්ෂණය වී ඇතැයිද තානාපති කාර්යාලය කියා සිටී.
සංක්‍රමණ නීති රීතිවලට අනුව, සංචාරක වීසා මඟින් රුසියාවට පැමිණෙන විදේශකයන් හට ඔවුන්ගේ වලංගු වීසා කාලසීමාව තුළ දී රැකියාවල නිරත වීමට අවසර දෙනු නොලබන අතර, දඬුවමකට ද යටත් වීමට සිදු වන බව ද තානාපති කාර්යාලය පෙන්වා දේ.
එම තත්ත්වය නොසලකා ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සහ අධ්‍යාපනික නියෝජිතායතන කිහිපයක්, රුසියාවේ වෙසෙන ලාංකිකයන් සහ තවත් සංවිධානය වූ කණ්ඩායම් මෙම නීතිවිරෝධී කටයුතුවල නිරත වන බව අනාවරණය වී ඇතැයි ද එම තානාපති කාර්යාලය පෙන්වා දේ.
රුසියාවට හෝ වෙනත් අසල්වැසි රටකට පැමිණීමට නීතිවිරෝධී මාර්ග භාවිතා කිරීමෙන් වළකින ලෙසත් , එවැනි ව්‍යාජ ආයතන පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙසත්, කිසිදු නීති විරෝධී ආයතනයකට ගෙවීම් කිරීමෙන් වැළකී සිටින්නැයිද තානාපති කාර්යාලය ඉල්ලා සිටී.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ව්‍යාජ තොරතුරු වලින් රුසියාවේ අධ්‍යාපනයට-රැකියාවට ගිය ලාංකිකයින් 27ක් එරට අත්අඩංගුවට