ජුඩ් සමන්ත
ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය නමින් ව්‍යාජ සංවිධානයක් පිහිටුවාගෙන මුදල් වංචාවේ නිරත වූ බව කියන පුද්ගලයකු පොලොන්නරුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාරවිල - කටුනේරියේ දී අද (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා ලෙස පෙනී සිටි අයෙකි.
පොලිස්පතිවරයා වෙත පොලොන්නරුව - හිඟුරක්ගොඩ ප්‍රදේශයේ දෙදෙනෙකු විසින් සිදුකර ඇති පැමිණිල්ලක් අනුව පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් පරික්ෂණයක් සිදුකර ඇත.
පුද්ගලයින් දෙදෙනාගෙන් රුපියල් 35,000/- බැගින් වූ මුදල් මානව හිමිකම් සංවිධානයේ සාමාජිකත්වය ලබා දීමට යැයි පවසා සැකකරු විසින් ලබාගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
එහිදී හෙළි වී ඇත්තේ සැකකරු ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයට යැයි පවසා දිවයින පුරා සාමාජිකයින් බඳවා ගෙන ඇති බවයි. එම සාමාජිකයින්ගෙන් සැකකරු සාමාජික මුදල් ලෙස විශාල මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති නමුත් එම සංවිධානය නමින් ගිණුමක් පවත්වා ගෙන ගොස් නැත.
සියළුම මුදල් තමන්ගේ පෞද්ගලික ගිණුමක තැම්පත් කර ඇති බවත්,එසේ තැම්පත් කර ඇති මුදල රුපියල් 2,80,000 කට අධික බවත් විමර්ශන වලදී හෙලිවී ඇත.
සියළුම මුදල් සැකකරු බැංකු කාඩ්පතක් උපයෝගී කරගෙන ආපසු ලබාගෙන ඇති බවද බැංකු වාර්තා වලින් හෙලිවී ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය නමින් පුත්තලම දිසා ලේකම් කාර්යාලය තුළ හෝ වෙනත් කිසිදු ලියාපදිංචි කිරීමේ ස්ථානයක කිසිදු සංවිධානයක් ලියාපදිංචි කර නොමැති බවත් හෙලි වී ඇත.
සැකකරු විසින් මේ ආකාරයට තවත් මුදල් ලබාගෙන ඇති පුද්ගලයින් සම්බන්ධයෙන්ද සොයා බලන බව විමර්ශන කටයුතු සිදු කරන නිලධාරීන් කියයි. එමෙන්ම සැකකරු තම නාමය ඉදිරියට භාවිතා කරන මහාචාර්ය නාමය කෙසේ ලැබුණේද යන්න සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.
පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මාසයක පමණ කාලයක් මාරවිල ප්‍රදේශයට පැමිණ සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විසින් මීට පෙර ද සාම විනිසුරුවරුන්ගේ මානව හිමිකම් සංවිධානය නමින් සංවිධානයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් එම සංවිධානයෙන් සිදුවී ඇති බව කියන මුල්‍ය වංචාවන් හේතුවෙන් එය අහෝසි කිරීමට රජය කටයුතු කර ඇත.
සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ව්‍යාජ මානව හිමිකම් සංවිධානයක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට
Rasika-Zurich Thursday, 16 August 2018 08:04 AM
ජීනීවා වලත් ඔය වගේම ව්‍යාජ මානව හිමිකම් සංවිධානයක්තියෙනවා. එකේ සභා වාරයක තත්පර 90 ක් කතාකරන්න යුරෝ 8000 ක් ගෙවන්න ඕනේ. වැඩියෙන්ම සල්ලි විසිකරලා කතාකරන්න පුළුවන් කට්ටියගේ මතය තමයි ලෝකෙට යන්නේ. ඩයස්පෝරාවක් කියල කියන කට්ටියක් හැම අවුරුද්දෙම සැප්තැම්බර් වල ඔතන පැල් බැඳගෙන ලංකාවට විරුද්දව දැඩි ප්‍රචාරයක් ගෙනියනවා. අවාසනාවට අපේ රජයට ඒවා ගැන ගානක් වත් නෑ.