බදුල්ල මහියංගණ ප‍්‍රධාන මාර්ගයේ වියානා ඇළට සමාන්තර අනාරක්ෂිත මාපාකඩ ප‍්‍රදේශය සඳහා ආරක්ෂිත වැටක් කඩිනමින් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන මහතා වෙත උපදෙස් දී තිබේ.
බදුල්ල - මහියංගණ මාර්ගයේ වියානා ඇළට සමාන්තරව දිවෙන මාර්ග කොටස කි.මී. 13 ක් වන අතර ඉන් කි.මි 08 ක් මහවැලි අධිකාරියට ද ඉතිරි කි.මි 05 මාර්ග සංවර්ධන අධිකාරියට ද අයත්වේ. මහවැලි අධිකාරියට අයත් කි.මි 08 ක කොටසෙන් කි.මි 05 ක ආරක්ෂිත වැට ඉදිකිරීම් මහවැලි වේලි ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ 2017 වසරේ නිම කෙරුණි.
ඉතිරි මාර්ග කොටසේ නිතර රිය අනතුරු සිදුවන බවට වන වාර්තා සැලකිල්ලට ගනිමින් අදාළ ඉදිකිරීම් කඩිනමින් නිම කරන ලෙස ජනපතිවරයා උපදෙස් දී තිබේ.
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස
බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වියානා ඇළට සාමාන්තර මාර්ගයේ ආරක්ෂිත වැටක්
sathyapala Friday, 27 April 2018 09:00 AM
පරිසරයත් රැකගෙන ලස්සනත් ඇතිවන වියදමත් අඩුවෙන් යන අලි ඇතුන් පවා ලං නොවන උණගස් වැටක් හැදුවා නම් හොඳයිද කියලා හොයල බලන්න. උණගස් වල මුල් දුරට ගැඹුරට පැතිරෙන්නේත් නැති නිසා ඇලේ බැම්මට හෝ කොන්ක්‍රීට් අාස්තරණය පුපුරන එකකුත් නෑ. වාහනයක් හැපුණත් උණබටවල මැද හිස් සැහැල්ලු බව නිසා අනතුරක හානියත් අවම වෙයි. අත්හදා බැලීමක් ලෙස මෙතනින් කරලා බලන්න. හරිනම් මිනිස්සු දැනුවත් කලොත් රට පුරා නොමිලේම ජනතාව මේවා වවලා දෙයි. දුම, දූවිලි සහ ශබ්දය අවම කිරීම සඳහා කම්හලක් වටා මෙසේ කර සාර්ථක ප්‍රතිඵල ලබා ඇත.
සී.යූතඑරත්නගෙ Friday, 27 April 2018 10:33 AM
මෙම ඇල දිගට උණබට සිටුවා වැටක් ලෙස වැවෙන්නට නොදී මල් කතුරෙන් කපා නඩත්තු කර පවත්වා ගත හැකි අතර එය බිත්තියක් ලෙස සකස්කල හැකිවේ මෙය හොඳ ස්වභාවික විසඳුමක් වේ.
දිලුම් Friday, 27 April 2018 11:08 AM
සත්‍යපාල මයා... ඔබේ අදහසට ස්තූතියි. ඒත් උණ බටවලට කොමිස් ගන්න බැරි නිසා ඇමති ලෙස මා එම යෝජනාවට කැමති නෑ. එහෙමයි අපේ වැඩ. අනික කිහිපදෙනෙක් මැරෙන්නම ඕනෑ ලංකාවේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න..
RaveendraFriday, 27 April 2018 11:57 AM
එතකොට "ඇමතියට" ඔබේ, අපේ බදු මුදල්වලින් මිල අධික වාහන ගන්න පුළුවන්... "තුන් වේලම පිනටම ගිල දමන්න " පුළුවන්, කිතුල්ගස් කලන්තේ හැදුනාම රට වටේට යන්න, පිටරට සවාරි යන්න පුළුවන්... එ්වට නම් කැමතියි නේද?
sara Saturday, 28 April 2018 12:49 AM
උණගස් හැදෙන කම් යකඩ වැටක් ගහමු...
rocky Saturday, 28 April 2018 01:55 AM
මේ මාර්ගය වෙනුවට වෙනත් විකල්ප මාර්ගයක් ඉදි කරනවා නම් හොඳ ටෙන්ඩර් එකක් දාලා, නොම්මර එකේ කොමිස් පාරක් ගහන්න පුළුවනි. පරණ පාරත් කැබලි කොට වෙන්දේසියේ විකුණා තවත් වැඩක් දෙන්න පුළුවනි. ආන්න සංවර්ධනයට හරි පාර !!!