IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


‘‘ව්‍යවස්ථාවට - ජනතාවට අබමල් රේණුවක වරදක් කරන්නේ නෑ‘‘

(මනෝප්‍රිය ගුණසේකර)

ව්‍යවස්ථාවට හෝ ජනතාවට අබමල් රේණුවක තරම්වත් වරදක් නොකරන බවත් ව්‍යවස්ථාව හා ජනතාව තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා සිය ධූරයේ වැඩ බාරගමින් අද (17) පැවසීය.

ජාතිය, ආගම, කුලය ගැන කතා කරමින් වසර 70 ක කාලය නාස්ති කොට ඇතැයි පෙන්වා දුන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ජාති, ආගම්, කුල, මල භේද නොමැති සශ්‍රීක රටක් උදා කිරීමට කැප වන්නේ යැයිද වැඩිදුරටත් පැවසීය.

අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යධූරයේ වැඩ බාරගැනීම නිමිත්තෙන් අළුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකදී ඒ මහතා මෙසේ පැවසීය.

දොඩම්පහළ චන්ද්‍රසිරි අනුනාහිමි, නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තේට්ටුවේ ආනන්ද නාහිමි, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, සුනේත්‍රාදේවි පරිවේණාධිපති මැදගොඩ අභයතිස්ස, සබරගමු විශ්ව විද්‍යාලයේ කුලපති කුඹුරුගමුවේ වජිර, හින්දු, කතෝලික හා මුස්ලිම් පුජකවරුන්ද, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, උදය ගම්මන්පිල, මොහාන් ප්‍රියදර්ශණ, අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන සංජය රාජකරුණා, සුමති ධර්මවර්ධන, ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා, ගාමිණි මාරපන, යු.ආර්. ද සිල්වා, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්ක සහ එහි ලේකම් රජිව් අමරසුරිය යන මහත්වරු ඇතුළු අමුත්තන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, සුනේත්‍රාදේවි පරිවේණාධිපති මැදගොඩ අභයතිස්ස හිමියන් උත්සව සභාව අමතා කෙටි අනුශාසනාවක් කරමින් මහින්ද රාජපක්‍ෂ මහතා 2015 වසරේ පැවැති මැතිවරණයේදී පරාජයට පත් කළේ කුමන්ත්‍රණකාරී අන්දමින් බව සියළු දෙනා දන්නා බවත් ඉන් අනතුරුව රාජපක්‍ෂ පාලනයක් ගෙන ඒම සඳහා වියත් මග, වියත් පවුර සහ එළිය සංවිධාන සිදුකළ මෙහෙවර වැනිම මෙහෙවරක් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවසේ පැවැති රැස්වීම් වලදී අලි සබ්රි මහතා විශාල මෙහෙවරක් කළ බවත් පැවසුහ.

මැදගොඩ අභයතිස්ස හිමියන් සිය කෙටි අනුශාසනාවේදී මෙසේද පැවසුහ.

පැවැති රජය පෙරළා රට පාලනය කිරීමේ අවස්ථාව රාජපක්‍ෂවරුන්ට බාරදුන්නේ ජනතාව ඔවුන් කෙරෙහි විශාල විශ්වාෂයක් අතුවයි. කැබිනට්ටුවේ ඇති විශාලම ආයතනයක් වන අධිකරණ ඇමතිකම අලි සබ්රි මහතාට බාරදීමේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අභියෝග රැසකට මුහුණ දෙන්න වුණා. එම සියළු අභියෝගයන්ටම මුහුණදී කැබිනට්ටුවේ ඇති විශාලම ආයතනය අලි සබ්රි මහතාට බාරදුන්නේ ඔහු කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තබලයි. මෙතැන් පටන් ඔබ කිසිඳු ජාතියකට, ආගමකට හෝ භාෂාවකට අයිති පුද්ගලයකු නොවෙයි. මෙතැන් පටන් ඔබ මුළු රටටම අයිති චරිතයක්.

19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. ඒත් මිනිසුන් මේ රජයට ඡන්දය දුන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට නෙමේ අළුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමටයි. 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙනා යුත්තේ විනිවිද භාවයකින් යුතුවයි. මීට කළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ගෙනා විට කාරක සභා අවස්ථාවලදී විශාල වෙනස්කම් වලට භාජනය කළා වගේ දේවල් කරන්න නෙමේ ජනතාව මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ.

එකම රටක් තුළ එක එක නීතී තියෙන්න බැහැ. මුළු රටටම තිබිය යුත්තේ එක් නීතීයක් පමණයි. රටේ එක එක ජනවර්ගයන්ට එක එක් නීතී තිබ්බොත් ‘සහරාන්’ලා බිහිවෙන්න පුළුවන්. මුස්ලිම් ජනතාවගේ බෙල්ලේ එල්ලා තියෙන ‘සහරාන්’ බෝඞ් ලැල්ල ගලවා දැමීමේ වගකීම ඇත්තේ ඔබටයි. ඔබට විශාල අභියෝගයක් තියෙනවා. ඔබ එයට මුහුණ දෙන අයුරින් මිනිසුන් ඔබ ගැන තීරණය කරයි.

සබරගමු විශ්ව විද්‍යාලයේ කුලපති කුඹුරුගමුවේ වජිර හිමියන් කෙටි අනුශාසනාවක් පවත්වමින් ජනතාව මේ රජයට තුනෙන් දෙකක බලයක් ලබාදුන්නේ ඇයි? යන්න සිතන්නැයිද ඒ ගැන සිතා කටයුතු නොකොළොත්, ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ නොකොළොත් අනාගතයේදී පසුතැවීමට සිදුවිය හැකි යැයිද පැවසුහ.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා උත්සව සභාව අමතමින් මෙසේද පැවසීය.

විශාල අභියෝගයක් එල්ල වී තියෙනවා. ඔයාට මේ ක්‍ෂෙත්‍රයේ විශාල අත්දැකීම් තියෙන නිසා ඔයා අධිකරණ ක්‍ෂෙත්‍රය බාරගෙන ඒක මට කරලා දෙන්න කියලා කීවා. මා කෙරෙහි විශ්වාෂය තැබීම පිළිබඳව ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ස්තූතිය පුද කරනවා.

අපේ රටේ සෑම පැය දෙකකටම වරක් පුංචි ළමයෙක් අපචාරයට ලක් වෙනවා. මත්ද්‍රව්‍ය ඇල්ලීම සඳහා පත් කර තියෙන මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ම කුඩු විකුණනවා. ජාවාරම් කරනවා. කුඩු ජාවාරම්කරුවන් අල්ලා හිරගෙරට යැව්වාම, ඔවුන් පුනරුත්ථාපනය කිරීම වෙනුවට බන්ධනාගාරය තුළ සිට ජාවාරම් මෙහෙයවීමට බන්ධනාගාර නිලධාරීන් සහය දෙනවා. නැත්නම් බන්ධනාගාර නිලධාරීන් කුඩු ජාවාරම් කරනවා. අල්ලා ගන්නේ හෙරොයින්මද? යන්න තහවුරු කරගැනීම සඳහා සිටින රස පරීක්‍ෂක දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් කුඩු ජාවාරම් කරනවා. මේ විධියට බැලුවම රටේ තියෙන තත්වය ඉතාම නරකයි. මේ නරක තත්වය රටින් තුරන් කළ යුතුයි. ඉතාම අපහසුවෙන් වුවත් එය කළ යුතුයි.

අධිකරණ කටයුත්තක් කරගැනීමට පැමිණෙන මිනිසුන් විඳින දුක නීතීඥ ලෙස කටයුතු කළ පසුගිය වසර 25ක කාලයේදී මා දැකලා තියෙනවා. ඒ තත්වය නැති කිරීම මගේ එක් අරමුණක්.

රජය, කැබිනට් මණ්ඩලය ගන්නා සෑම තීරණයක් වෙනුවෙන්ම මා පෙනී සිටිනවා. ජාතිය, ආගම, කුලය ගැන කතා කරමින් වසර 70ක් පුරාම අපේ රටේ මිනිසුන් කාලය නාස්ති කරලා තියෙනවා. ජාති, ආගම්, කුල, මල භේද නොමැති සශ්‍රීක රටක් උදා කිරීමට මා කැපවෙනවා.

අධිකරණ අමාත්‍යංශයේ තත්වය පිළිබඳ ඇගයීමට ලක් කිරීම සඳහා ඉදිරි සති දෙකක කාලය ගැනීමට මා බලාපොරොන්තු වෙනවා. ඉන් අනතුරුව අධිකරණ අමාත්‍යංශයට සම්බන්ධිත ආයතන, නීතීපති දෙපාර්තමෙන්තුව, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ඇතුළු ආයතන සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ සහයෝගයද ලබාගෙන අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට මා කටයුතු කරනවා.

 

 

 



අදහස් (4)

‘‘ව්‍යවස්ථාවට - ජනතාවට අබමල් රේණුවක වරදක් කරන්නේ නෑ‘‘

isuru Monday, 17 August 2020 03:34 PM

අබමල් රේණු කතා කියන්න එපා... ඔහොම තමයි සිරිසේන උන්නැහේත් කිව්වේ...

:       0       0

nimal Monday, 17 August 2020 10:38 PM

ඉඩම් නඩු විශේෂයෙන් එස්පිඑල් ගණයේ ඉඩම් නඩු දමන්නේ තමන්ට හරිහැටි අයිතියක් නැති ඉඩම් /පාරවල් නඩුව අසා අවසන් වනතෙක් හෝ අයථා ලෙස වසර ගණන් පරිහරණය කිරිමටයි. මෙවැනි නඩු සිතාමතාම කල් අදිමින් නියම හිමිකරුව වසර 20-25 අගතියට ලක් කරනවා. මෙය නැති කිරිමට ක්‍රියාමා්ගයක් ගන්න. දික්කසාද නඩුත් එසේමයි. අපේ රටේ ඇත්තේ වෛරක්කාර සමාජයක්. එකට ඉන්න බැරිබව සක්සුදක් සේ තහවුරු වි කල් ගෙවුනත්, අනෙත් කෙනාට වද දෙමින් මම කිසිදා දික්කසාදය නොදෙන බව පපසන අය බොහෝයි. දියුනු රටවල නිති බලලා, මානව හිමිකම් ගැන බලා. මනුසස්යෙකුගේ ජිවිත කාලට ගැන බලලා මෙවැනි දේවල් වලට නව නිති හසදුන්වා දෙන්න.

:       0       11

Sheela Monday, 17 August 2020 10:41 PM

නිතිඥ ගාස්තු ගෙව්වාම රිසිට් පතක් දෙනන් නිතියක් හදන්න. නිතිඥවරු විතරක් අයථා ලෙස මුදල් හම්බ කරන්නේ ඇයි? අසරන මිනිසුන් සුරාකන අය බොහෝයි. ඉතා හොද අයත් සිටිනවා.

:       0       2

kamal Tuesday, 18 August 2020 06:54 AM

ඔන්න තවත් වතාවක් අපිට දේශපාලකයෙක් විශ්වාස කරන්න කියනවා. මේ කතාවම අපේ ආච්චිලා, සීයලාත් කිව්වා. අපේ අම්මලා, තාත්තලාත් කිව්වා.. ඒගොල්ලන් ඔක්කොම රැවටුණා. අපිටත් ඒ මගම තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 158 0

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 207 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 129 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 666 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 337 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 342 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 221 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 516 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 248 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site